slc
logo
Home   |    News
ජූනි 22, 2025
පළමු එක්දින තරගයෙන් නැගීඑන පිලට කඩුලු 5 ක ජයක්

sinhala editor

බටහිර ඉන්දීය කොදෙව් දේශයේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් ඇකඩම් පිල සමග පැවැත්වෙන එක්දින තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායම සමත්විය.

ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් ඇකඩම් කණ්ඩායමට පන්දුවාර 46.2 කදී සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 237 ක් පමණි. එම ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා නැගීඑන පිතිකරුවෝ පන්දුවාර 39.4 කදී සපුරා ගන්නා ලද්දේ කඩුලු 5 ක් පමණක් ප්‍රතිවාදීන් හමුවේ ලබා දෙමිනි.

ශ්‍රී ලංකා නැගීඑන පිල වෙනුවෙන් සුපිරි පිති හරඹයක් දියත් කළ අහන් වික්‍රමසිිංහ හයේ පහර 2 ක් සහ හතරේ පහර 10 ක් සමගින් පන්දු 79 කදී වේගවත් ලකුණු 103 ක් රැස් කර ගත්තේය. දුවද්දී දැවී යෑමකට හසුව අහන් පිටියෙන් පිවිසෙන විට ශ්‍රී ලංකා නැගීඑන ජයග්‍රහණය සඳහා අවශ්‍යව තිබුණේ ලකුණු 02 ක් පමණි.

ඔහුට අමතරව ආරම්භක පිතිකරු නිපුන් ධනංජය ලකුණු 88 ක් ලබා ගනිමින් පිත්තෙන් කැපී පෙනිණ. පන්දු 125 කට මුහුණ දුන් දකුණත් පිතිකරුවා ඊට හයේ පහර 2 ක් සහ හතරේ  පහර 7 ක් ඇතුළත් කර තිබුණේය.

පන්දු යැවීමේදී ගරුක සංකෙත් සහ ට්‍රෙවීන් මැතිව් කඩුලු 3 බැගින් බිඳ හෙළීමට සමත්වූ අතර ඔවුන් දෙදෙනාට පිළිවෙලින් ප්‍රතිවාදී පිතිකරුවන් ලකුණු 40 සහ 45 බැගින් ලබාගෙන තිබිණ.

බටහිර ඉන්දීය කොදෙව් ඇකඩම් කණ්ඩායම පන්දුවාර 46.2 කදී සියලු දෙනා දැවී ලකුණු 236 යි – (අකීම් ඔගස්ටේ 66, කාල්ටන් බොවෙන් 55, රිවාල්ඩෝ ක්ලාර්ක් 51, නේතන් එඩ්වර්ඩ් 25, ට්‍රෙවීන් මැතිව් 40/3, ගරුක සංකෙත් 45/3, දිලුම් සුදීර 56/1, චමිඳ විජේසිංහ 30/1, ධනංජය ලක්ෂාන් 26/1) 

ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායම පන්දුවාර 39.4 කදී කඩුලු 5 කට ලකුණු 238 යි – (අහන් වික්‍රමසිංහ 103, නිපුන් ධනංජය 88, ෂෙවෝන් ඩැනියල් 11, සහන් කෝසල 19, නේතන් එඩ්වර්ඩ්ස් 44/2, මැකන් ක්ලාර්ක් 40/1, මිකා මැකෙන්සි 30/1)

Active filters

Recent Posts

  • ඔස්ට්‍රේලියානු ‘ඒ‘ පිතිකරුවෝ සෙමින් ලකුණු රැස් කරති
    ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව ඩාර්වින් නුවර පැවැත්වෙ පළමු සිව්දින ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද (14 දා) තරගය නිමා කරද්දී සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ඔස්ට්‍රේලියානු […]
  • රනේෂ්ගේ ශතකයෙන් ඒස් කැපිටල්ට ජය
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ පානදුර ක්‍රීඩා සමාජයට එරෙහිව පැවැති තරගයේදී තියුණු තරගයකින් පසු ලකුණු 10 ක ජයක් වාර්තා කිරීමට ඒස් කැපිටල් […]
  • සොනාල් දිනූෂගෙන් සටන්කාමී ශතකයක්
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනයේ කැපී […]
  • දෙවැනි තරගයෙන් ශ්‍රී ලංකාව පසුබසියි
    සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා තුන් ඉරියව්වෙන්ම බංග්ලාදේශ ක්‍රීඩකයින් ඉදිරියෙන් සිටීම නිසා රංගිරි දඹුලු අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (13 දා) පැවැති දෙවැනි පන්දුවාර විස්සයි-20 තරගයෙන් ලකුණු 83 ක පරාජයක් අත්විඳීමට […]
  • දෙවැනි විස්සයි-20ට පෙර ශ්‍රී ලංකා පිලේ පන්දු රැකීම ගැන පන්දු රැකීමේ පුහුණුකරුගේ තක්සේරුව
    ගෙවී ගිය වසර කීපය තුළ ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ අංශය පිළිබඳව එතරම් සෑහීමකට පත්විය නොහැකි බව නොරහසකි. එබැවින් ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ ප්‍රමිතිය වැඩි දියුනු කිරීම කෙරෙහි […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee