ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අන්තර් සමාජ පළමු පෙළ විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අද පැවැති අර්ධ අවසන් වටයේ තරග ජයගත් පානදුර හා මුවර්ස් කණ්ඩායම් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්හ.
මේ අනුව කොළඹ ක්‍රිකට් සමාජ ක්‍රීඩාංගණයේ (සීසීසී) හෙට (13) පස්වරු 3ට පැවැත්වෙන පළමු අවසන් පූර්ව තරගයේදී එන්සීසී සමඟ පානදුර ක්‍රීඩා සමාජය තරග කරන අතර, රාත්‍රී 7.30ට ආරම්භවන දෙවැනි අවසන් පූර්ව තරගයේදී සීසීසී සමඟ මුවර්ස් පිල තරග බිමට පිවිසෙති.
පී සරා ඕවල් ක්‍රීඩාංගණයේ අද පැවැති තෙවැනි අර්ධ අවසන් පූර්ව තරගයේදී මුවර්ස් පිල ලකුණු 41කින් බ්ලුම්ෆීල්ඩ් පිල පරාජය කළ අතර, කොළඹ ක්‍රිකට් සමාජ ක්‍රීඩාංගණයේ (සීසීසී) පැවැති සිව්වැනි අර්ධ අවසන් පූර්ව තරගයේදී කෝල්ට්ස් පිල පරදා ලකුණු 34ක ජයක් පානදුර ක්‍රීඩා සමාජය වාර්තා කළේය.
බ්ලූම්ෆීල්ඩ් පිල වෙනුවෙන් රොන් චන්ද්‍රගුප්ත පන්දු 55කදී හයේ 3ක් හා හතරේ පහර 6ක් සමඟ ලකුණු 74ක් වාර්තා කළද අනෙක් පිතිකරුවන් 4ක්ම ලකුණු නොළැඹූ අතර, තවත් පිතිකරුවන් 5ක්ම ලකුණු 6කට අඩුවෙන් දැවී ගියහ.
පානදුර – කෝල්ට්ස් තරගයේදී කෝල්ට්ස් පිලට ප්‍රබල තර්ජනයක් ගෙන දුන් සහන් මිහිර ලකුණු 23කට කඩුලු 4ක් හා විශේන් හැළඹගේ ලකුණු 13කට කඩුලු 4ක් බිඳහෙලීමට සමත් වූහ.
මුවර්ස් – බ්ලූම්ෆීල්ඩ්
මුවර්ස් ක්‍රීඩා සමාජය කඩුලු 7ක් දැවී ලකුණු 156 (ඕවර් 20) – ඔමේෂ් මෙන්ඩිස් 18, ලසිත් අබේරත්න 26, සදීර සමරවික්‍රම 24, සිතාර ගිම්හාන 14, රමේෂ් මෙන්ඩිස් නොදැවී 26, ෂෙහාන් ප්‍රනාන්දු 26, අතිරේක 18 (ඒෂාන් මාලිංග 38/2, ජෙෆ්රි වැන්ඩර්සේ 20/3)
බ්ලූම්ෆීල්ඩ් පිල සියලු දෙනා දැවී ලකුණු 115(ඕවර් 17.3) – රොන් චන්ද්‍රගුප්ත 74, නිපුන් කරුණානායක 12, ශිරාන් ප්‍රනාන්දු 25/2, රේෂ් මෙන්ඩිස් 14/2, ප්‍රවීන් ජයවික්‍රම 21/3)
පානදුර – කෝල්ට්ස්
පානදුර ක්‍රීඩා සමාජය කඩුලු 8ක් දැවී ලකුණු 133 (ඕවර් 20) – එරංග ජයකොඩිගේ 13, විශේන් හැළඹගේ 16, නිසල තාරක 23, නිමේෂ් විමුක්ති 29, විශ්ව ළහිරු 10, සහන් මිහිර නොදැවී 10 (දුනිත් වෙල්ලාලගේ 10/3, මුදිත ලක්ෂාන් 19/2)
කෝල්ට්ස් පිල සියලු දෙනා දැවී ලකුණු 99 (ඕවර් 16.4) – සංගීත් කුරේ 32, රන්දුනු ගංගනාත් 15, හිරුන ගාල්ලගේ 20, දුනිත් වෙල්ලාලගේ 17 (සහන් මිහිර 23/4, විශේන් හැළඹගේ 13/4)