ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන නැෂනල් යූත් ලීග් අවුරුදු 19 න් පහළ ක්‍රිකට් තරගාවලිය යටතේ පිට පිටම දෙවැනි ශතකය වාර්තා කිරීමට මහනුවර කණ්ඩායමේ ආරම්භක පිතිකරු පුලීෂ තිලකරත්න අද (22 දා) සමත්වූවේය. සාලියපුර යුද හමුදා ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර ගනිමින් කොළඹ උතුරු කණ්ඩායමට එරෙහිව පැවැති මෙම තරගයේදී පුලීෂ හයේ පහරක් සහ හතරේ පහර 19 ක් සමගින් පන්දු 133 කදී ලකුණු 133 ක් වාර්තා කිරීමට සමත්වූවේය.
දකුණතින් පන්දුවට පහර දෙන පුලීෂ මහනුවර ත්‍රිත්ව විදුහල නියෝජනය කරමින් මහනුවර කණ්ඩායමට තේරී පත්ව සිටියි. මොවු තරගාවලිය ආරම්භ කරමින් ඊයේ (21 වැනිදා) ගාල්ල කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේදී පන්දු 107 කදී ලකුණු 103 ක් රැස් කර ගනිමින් තරගාවලියේ පළමු ශතක ලාභියා බවට පත්වූවේය.
නිමාවට පත් වුණු අන්තර් පාසල් දෙදින ක්‍රිකට් තරගාවලියේදී ශතක 3 ක් ද සමගින් ලකුණු 940 ක් රැස් කළ පුලීෂ පලාත් පුහුණුකරුවන් සහ තේරීම් කමිටු සාමාජිකයින්ගේ අවධානය දිනා ගනිමින් මෙම පළාත් තරගාවලියට ක්‍රීඩා කිරීම සඳහා සුදුසුකම් ලබාගෙන තිබේ. කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහලට එරෙහිව පැවැත්වෙන මහ තරගයේදීද ශතකයක් වාර්තා කළ පුලීෂ එම තරගයේ දක්ෂතම පිතිකරුවා ලෙසින් ද සම්මාන දිනා ගත්තේය. ඊට අමතරව දෙපිළ අතර පැවැත්වෙන එක්දින තරගයේදීද දක්ෂතම පිතිකරුවා ලෙසින් පුලීෂ සම්මාන දිනා ගත්තේය.
මේ අතර අද පැවැති තරගවලදී කොළඹ දකුණු කණ්ඩායම විසින් දඹුල්ල කණ්ඩායමට එරෙහිව ලකුනු 64 ක ජයක් වාර්තා කරමින් පිට පිටම දෙවැනි ජයග්‍රහණය වාර්තා කරද්දී මහනුවර කණ්ඩායමද කොළඹ උතුරු කණ්ඩායමට එරෙහිව ලකුණු 46 ක ජයක් වාර්තා කරමින් සිය අපරාජිත භාවය රැක ගැනීමට සමත්වූවේය.
අද පැවැති තරග වලදී පළමු ප්‍රතිඵලය ලද තරගය බවට පත් වුණු කොළඹ දකුණ සහ දඹුල්ල අතර තරගය අනුරාධපුර දිස්ත්‍රික් ක්‍රීඩාංගණයේදී පැවැත්විණ. මෙහිදී පළමුව පන්දුවට පහර දුන් කොළඹ දකුණ කණ්ඩායම පන්දුවාර 50 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 263 ක් රැස් කිරීමට සමත්වූ අතර ඊට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දඹුලු කණ්ඩායමට පන්දුවාර 42.3 ක් අවසනදී සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 199 ක් පමණි.
මෙම තරගයේදී කොළඹ දකුණු කණ්ඩායම වෙනුවෙන් මැද පෙළින් පන්දුවට පහර දීමට පැමිණි කඩුලු රකින ජේසන් ප්‍රනාන්දු පන්දු 84 කදී ලකුණු 81 ක් රැස් කරන ලද්දේ මෙම තරගයේදී වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමිනි. ඊට හතරේ පහර 6 ක් ද ඔහු එල්ල කර තිබුණේය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේදී දඹුල්ල කණ්ඩඩායම වෙනුවෙන් රජිත නවෝද්‍ය ලකුණු 55 ක් ලබා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූවේය. පන්දු යැවීමේදී හිරූෂ ප්‍රනාන්දු ලකුණු 36 කට කඩුලු 4 ක් ද මලින්ත සිල්වා සහ නෙතුල අනුහස් කඩුලු 2 බැගින්ද බිඳ හෙලූහ.
සාලියපුර යුද හමුදා ක්‍රීඩාංගණයේ පැවැති අනෙක් තරගය වූ මහනුවර සහ කොළඹ උතුර අතර තරගයේදී පුලීෂ සමගින් මහනුවර ඉනිම ආරම්භ කළ දිමන්ත මහවිතාරණ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 200 ක සම්බන්ධතාවක් පැවැත්වීමටද සමත්වූහ. මොවුන් දෙදෙනාගේ මේ සුවිශේෂී සම්බන්ධතාව හේතුවෙන් මහනුවර කණ්ඩායමට නියමිත පන්දුවාර 50 අවසන් වන විට සියලු දෙනා දැවී ලකුණු 288 ක් රැස් කිරීමට අවස්ථාව උදාවිය. මෙම ලකුණු සංඛ්‍යාව මෙතෙක් තරගාවලියේ කණ්ඩායමක් වාර්තා කරන ලද ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසින්ද සනිටුහන් විය.
එම ඉලක්කය හඹා යෑමේදී කොළඹ උතුරු කණ්ඩඩායම වෙනුවෙන් සටන්කාමී පිතිහරමයක් දියත් කළ චාමික හීනටිගල පන්දු 121 කදී ලකුනු 105 ක් රැස් කරමින් තම කණ්ඩායම ජයග්‍රාහී මාවත වෙත රැගෙන යෑමට දැඩි වෙහෙසක් දැරුවේය. පළමු කඩුලු 3 ම ලකුනු 34 කදී බිඳ වැටුණු මොහොතකට කිත්ම විදානපතිරණ සමග එක්වූ චාමික සිව්වැනි කඩුල්ල නෙුවෙන් පන්දු 103 කදී ලකුණු 89 ක සම්බන්ධතාවක් පවත්වමින් උතුරු කණ්ඩායම අවධානමෙන් මුදවා ගත්හ. අවසන් කඩුලු 8 ම ලකුණු 205 ක් ඇත්ළතදී බිඳ වැටුණද අංක 10 පිතිකරු තරූෂ කොඩිකාර සමග එක්වූ චාමික 9 වැනි කඩුල්ල වෙනුවෙන් ද පන්දු 50 කදී ලකුණු 34 ක සම්බන්ධතාවත් පවත්වමින් තම කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ රැගෙන ගියහ. අවසානයේ කොළඹ උතුරු ඉනිම පන්දුවාර 46.3 කදී ලකුණු 242 කට සීමා වූවේය.
කොළඹ දකුණට ලකුණු 64 ක ජයක්
කොළඹ දකුණ පන්දුවාර 50 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 263 යි – (රෙහාන් පීරිස් 26, ඔෂන් ද සිල්වා 41, රමිරු පෙරේරා 45, ජේසන් ප්‍රනාන්දු 81, දහම් නිර්මාල් 19, දමිත් අබේසිංහ 24/2, විග්නේෂ්වරන් ආකාශ් 18/2, කුගදාස් මාතුලන් 47/2)
දඹුල්ල පන්දුවාර 42.3 කදී සියලු දෙනා දැවී ලකුණු 199 යි – (දමේෂ් මතීෂාන් 27, ජනිදු රණසිංහ 15, රජිත් නවෝද්‍ය සමරසිංහ 55, චන්දූප අබේසිංහ 38, කුගදාස් මාතුලන් 13, හිරූෂ ප්‍රනාන්දු 32/4, මලින්ත සිල්වා 22/2, නෙතුල් අනුහස් 38/2)
මහනුවර කණ්ඩායමට ලකුණු 46 ක ජයක්
මහනුවර කණ්ඩායම පන්දුවාර 50 දී සියලු දෙනා දැවී ලකුණු 288 යි – (පුලීෂ තිලකරත්න 133, දිමන්ත මහවිතාරණ 98, කවීජ ගමගේ 11, සුමේධ ප්‍රසාද් 18, තරූෂ කොඩිකාර 48/3, තරූෂ නවෝද්‍ය 41/2, මානස මදුභාෂණ 52/2)
කොළඹ උතුර කණ්ඩායම පන්දුවාර 46.3 කදී සියලු දෙනා දැවී ලකුණු 242 යි – (කිත්ම විදානපතිරණ 50, චාමික හීනටිගල 105, පූර්ණ කල්හාර 17, සරිත් සුදීන 12, දුල්නිත් සිගේරා 13, මනස මදුභාෂණ 10, නිසල අබේරත්න 35/3, කෞෂික කුමාරසිංහ 46/2, නිමේෂ් සිල්වා 27/2)
ටූ විතරක් 940 යි ලකුණු 100 තුනයි බිග්එකෙත් සීයක් ගැහුවා වන්ඩේ බි් මැච් එකේ 42 යි මෑන් ඔෆ්ද