මුල් කඩුලු 3 ම ලකුණ 45 ක් ඇතුළතදී බිඳ වැටුණද සිව්වැනි කඩුල්ලට වෙනුවෙන් ලකුණ 247 ක වාර්තාගත සම්බන්ධතාවක් පැවැත්වීමට නජ්මුල් හොසේන් ශන්ටෝ සහ මුෂ්ෆිකර් රහීම් දෙදෙනා සමත්වීම නිසා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ අද (17 දා) ආරම්භ වුණු පළමු ටෙස්ට් තරගයේ පළමු දිනට තරගය නතර කර දමන විට බංග්ලාශදේශ කණ්ඩායමට කඩුලු 3 කට ලකුණු 292 ක් ලබා ගෙන සිටියේය.
ගාල්ල තණතීරුවේ කාසියේ වාසිය දිනා ගනිමින් පන්දුවට පහර දීම සාමාන්‍ය තත්ත්වයක් බැවින් කාසියේ වාසියත් සමග බංග්ලාදේශ නායකයා කිසිදු පැකිළීමකින් තොරව පන්දුවට පහර දීමට තීරණය කළේය. එහෙත් අවසන් දින දෙකේදීම වර්ෂාව පතිත වූ හෙයින් පළමු හෝරාව තුළ වාසිය ශ්‍රී ලංකා පන්දු යවන්නන් සතු විය. එහිදී සාර්ථකම ඵල නෙළාගත් පන්දු යවන්නා වූයේ අසිත ප්‍රනාන්දු වන අතර ඔහු බංග්ලාදේශ ඉනිමේ දැවී ගිය කඩුලු 3 න් පළමු කඩුල්ලට හිමිකම් කීවේ පිට ඉන්න දෙසින් පතිත වූ පන්දුව පිතිකරුගෙන් පිටතට දෝලනය වන සේ යැවීමට සලස්වමිනි. ඔහුට අමතරව කෝඩු කාර ක්‍රීඩක තරිඳු රත්නායක ඉතිරි කඩුලු 2 බිඳ දැමුවේය.
එහෙත් වඩාත් ආරක්ෂා කාරී ලෙස පිති හැසිරවූ රහීම් සහ හොසේන් දෙදෙනා පන්දු යවන්නන්ගේ දුර්වලතා අතරින් තම ලකුණු රැස් කිරීමේ කාර්යයෙහි නිරත වූහ. එහි ප්‍රතිඵලයක් ලෙස දිනය හමාර වන විට ශන්ටෝගේ නමින් ලකුණු 136 ක් සහ රහීම්ගේ නමින් ලකුණු 105 ක් සටහන්ව තිබිණ.
ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතරින් අර පිරිමැස්මෙන් යුතුව පන්දු යැවූ එකම පන්දු යවන්නා බවට පත්වූ මිලාන් රත්නායක තම පන්දුවාර 12 දී ලකුණු 19 ක් පමණක් ලබා දුන් නමුත්, දිනයේ වැඩි පන්දු වාර සංඛ්‍යාවක් යවනු ලැබූ ප්‍රභාත් ජයසූරිය සහ තරිඳු රත්නායක දෙදෙනා විසිනි. මෙම පිතිකරුවන් දෙදෙනා පන්දුවට පහර දෙන අතරතුරදී කෙතරම් පරිස්සම් වූවේද කිවහොත් ඔවුන් දෙදෙනාගේ සම්බන්ධතාවය අතරතුරදී අපහසුතාවයක් ඇතිවන පරිදි පන්දු යැවීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ. එය තවත් විදියකින් සටහන් කළහොත් සමස්ථ දිනයේදීම ශ්‍රී ලංකා පන්දු යවන්නන් විසින් නිලකුණු පන්දු වාර ලෙසින් යවා තිබුණේ පන්දුවාර 8 ක් පමණි.
අත් දෙකෙන්ම පන්දු යැවීමට සමත්කම් දක්වන තරිඳු රත්නායක සිය දකුණත භාවිතියෙන් තම මංගල කඩුල්ල සහ දෙවැනි කඩුල්ල දවා ගත්තේය. කෙසේ වෙතත් ඔහු තම වමතින් පන්දු යැවීම ආරම්භ කරන ලද්දේ පන්දුවාර 21 කට පසුව විය. තම මංගල ටෙස්ට් තරගයට සහභාගිවුණු තරිඳු රත්නායක තමාගේ සිව්වැනි සහ පස්වැනි පන්දුවාර දෙකේදී පිට පිට පන්දු දෙකකින් තම කඩුලු දඩයම ආරම්භ කළේය. අනතුරුව තරිඳු හමුවේ ආක්‍රමණකාරී පිතිකරණ විලාශයක් පෙන්නුම් කළ ප්‍රතිවාදී පිතිකරුවෝ දිනය අහවර වන විට ඔහු වන ලද පන්දුවාර 32 දී නිලකුණු පන්දුවාර 3 ක් සමඟින් ලකුණු 124 ක් ලබා ගෙන සිටියේ පළමු හෝරාවේ දවා ගත් කඩුලු 2 වෙනස් නොවීමට වගබලා ගනිමිනි.
කණ්ඩායමේ වර්තමාන නායකයා වන ශන්ටෝ සහ හිටපු නායකයා විසින් අද බිඳ හෙළන ලද්දේ සිව්වැනි කඩුල්ල වෙනුවෙන් මෙතෙක් පිතිකරුවන් යුගලයක් වාර්තා කර තිබූ ලකුණු 180 වාර්තාව 247 ක් දක්වා ඉහළට දමමිනි. පන්දු 260 කට මුහුණ දුන් ශන්ටෝ තම ඉනිම වෙනුවෙන් හතරේ පහර 14 ක් සහ එක් හයේ පහරක් එල්ල කර තිබුණේය. කණ්ඩායමේ අත්දැකීම් පරිපූර්ණම පිතිකරුවා වන රහීම් තම ලකුණු 105 ක ඉනිම සඳහා පන්දු 186 කට මුහුණ දී තිබුණේ ඉන් පන්දු 5 ක් හතරේ සීමාව ඉක්මවා යෑමට සලස්වමිනි.
හෙට තරගයේ දෙවැනි දිනයයි.
බංග්ලාදේශ කණ්ඩායම පළමු ඉනිම පන්දුවාර 90 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 292 යි – (නජ්මුල් හොසේන් ශන්ටෝ 136*, මුෂ්ෆිකර් රහීම් 105*, ශද්මන් ඉස්ලාම් 14, අනමුල් හක් 00, මොමිනුල් හක් 29, තරිඳු රත්නායක 124/2, අසිත ප්‍රනාන්දු 51/1, මිලාන් රත්නායක 19/0, ප්‍රභාත් ජයසූරිය 86/0, ධනංජය ද සිල්වා 07/0