slc
logo
Home   |    News
ජූනි 21, 2025
අවු. 19 න් පහළ නැෂනල් යූත් ලීග් තරගාවලිය ඇරඹෙයි

sinhala editor

වයස අවුරුදු 19 න් පහළ ජාතික කණ්ඩායමට දක්ෂයින් තෝරනු ලබන මිණුම් දණ්ඩක් ලෙසින් සැලකෙන වයස අවුරුදු 19 න් පහළ යූත් ලීග් ක්‍රිකට් තරගාවලිය මෙම ජූලි මස 21 වැනිදා අනුරාධපුර ක්‍රීඩාංගණ 2 ක් කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ වේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පූර්ණ මෙහෙයවීම යටතේ ක්‍රියාත්මක මෙම තරගාවලිය සාලියපුර යුද හමුදා  සහ අනුරාධපුර දිස්ත්‍රික් යන ක්‍රීඩාංගණවල පැවැත්වේ.

සමාරම්භක දිනයේදී මහනුවර සහ ගාල්ල කණ්ඩායම් අනුරාධපුර දිස්ත්‍රික් ක්‍රීඩාංගණයේදීද කොළම උතුර සහ කොළඹ දකුණ කණ්ඩායම් සාලියපුර යුද හමුදා ක්‍රීඩාංගණයේදීද තරග වදිනු ඇත.

මහනුවර, කොළඹ දකුණ කොළඹ උතුර, ගාල්ල සහ දඹුල්ල යන කණ්ඩායම් 5 සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය පාසල් මට්ටමේ පසුවන ක්‍රීඩකයින්ට ජාතික තලයට පැමිණීම සඳහා කදිම වේදිකාවක් වේ. පළමු වටය ලීග් ක්‍රමයට පැවැත්වෙන මෙම යූත් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය ජුනි මස 28 වැනිදාද අවසන් මහ තරගය ජුනි මස 30 වැනිදාද අනරාධපුරදේම පැවැත්වේ.

අවසන් වසරේ පැවැති මෙම නැෂනල් යූත් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කොළඹ උතුරු කණ්ඩායම සමත්විය.

තරග කාල සටහන

ජුනි 21 – මහනුවර සහ ගාල්ල අතර අනුරාධපුර දිස්ත්‍රික් ක්‍රීඩාංගණය

ජුනි 21 – කොළඹ උතුරු සහ කොළඹ දකුණ අතර සාලියපුර යුද හමුදා ක්‍රීඩාංගණය

ජුනි 22 – දඹුල්ල සහ කොළඹ දකුණ අතර අනුරාධපුර දිස්ත්‍රික් ක්‍රීඩාංගණය

ජුනි 22 – මහනුවර සහ කොළඹ උතුර අතර සාලියපුර යුද හමුදා ක්‍රීඩාංගණය

ජුනි 24 – කොළඹ දකුණ සහ මහනුවර අතර අනුරාධපුර දිස්ත්‍රික් ක්‍රීඩාංගණය

ජුනි 24  ගාල්ල සහ දඹුල්ල අතර සාලියපුර යුද හමුදා ක්‍රීඩාංගණය

ජුනි 25 – ගාල්ල සහ කොළඹ උතුර අතර අනුරාධපුර දිස්ත්‍රික් ක්‍රීඩාංගණය

ජුනි 25 – දඹුල්ල සහ මහනුවර අතර සාලියපුර යුද හමුදා ක්‍රීඩාංගණය

ජුනි 27 – කොළඹ උතුර සහ දමුල්ල අතර අනුරාධපුර දිස්ත්‍රික් ක්‍රීඩාංගණය

ජුනි 27 – කොළඹ දකුණ සහ ගාල්ල අතර සාලියපුර යුද හමුදා ක්‍රීඩාංගණය

ජුනි 28  – පළමු අවසන් පූර්ව තරගය අනුරාධපුර දිස්ත්‍රික් ක්‍රීඩාංගණය

ජුනි 28 – දෙවැනි අවසන් පූර්ව තරගය සාලියපුර යුද හමුදා ක්‍රීඩාංගණය

ජුනි 30 – අවසන් මහ තරගය අනුරාධපුර දිස්ත්‍රික් ක්‍රීඩාංගණය

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee