slc
logo
Home   |    News
ජූනි 24, 2025
අවු. 19 න් පහළ යූත් ලීග් හොඳම හඹා යෑමේ වාර්තාව මහනුවරින්

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අවුරුදු 19 න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් ක්‍රිකට් 2025 තරගාවලි ඉතිහාසයේ මෙතෙක් කණ්ඩායක් හඹා ගිය දැවැන්තම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව තමන් සතු කර ගැනීමට මහනුවර කණ්ඩායම අද (24 දා) සමත් විය. තරගාවලියේ එතෙක් අපරාජිතව සිටි කණ්ඩායමක් වූ කොළඹ දකුණු කණ්ඩායමට එරෙහිව අනුරාධපුර දිස්ත්‍රික් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 357 ක ඉලක්කය කඩුලු 7 ක් දැවී සපුරා ගනිමින් මහනුවර කණ්ඩායම මෙම වාර්තා ගත ජයග්‍රහණයට හිමිකම් කීවේය.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් කොළඹ දකුණ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසනදී කඩුලු 5 ක් දැවී ලකුණු 356 ක් ලබා ගනිමින් ප්‍රබල ඉලක්කයක් මහනුවර කණ්ඩායම හමුවේ තැබූ අතර එය හඹා ගිය කැන්ඩි ක්‍රීඩකයෝ පන්දු 2 ක් ඉතිරිව තිබියදී ඉලක්කය සපුරා ගන්නා ලද්දේ කඩුලු 3 ක් අත ඉතිරිවය.

ජයග්‍රාහී මහනුවර කණ්ඩායම වෙනුවෛන් පන්දුවට පහර දීමට පැමිණි පිතිකරුවන් අතරින් කැපී පෙනුණු ආදම් හිල්මි පන්දු 63 කදී ලකුණු 72 ක් ලබා ගනිමින් තම කණ්ඩායම ජයග්‍රහණය වාර්තා කරන තෙක් කඩුල්ලේ රැඳී සිටියේය. ඔහුට අමතරව දිමන්ත මහවිතාරණ (51), යෝෂිත ඉසුරංග (52) සහ සෙත්මික සෙනෙවිරත්න (53) වශයෙන් අර්ධ ශතක වාර්තා කළහ. මොවුන්ට අමතරවර නායක කවීජ ගමගේ පන්දු 45 කදී ලකුණු 49 ක් රැස් කරමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් දායකත්වය දැක්වූවේය.

ජයග්‍රහණය හඹා යෑමේදී මහනුවර කණ්ඩායමේ 5 වැනි කඩුල්ල ලෙස නායක කවීජ ගමගේ සහ 6 වැනි කඩුල්ල ලෙස චනිරු සේනාරත්න මුලු ලකුණු සංඛ්‍යාව 237 දී දැවී ගිය නමුත් 7 වැනි කඩුල්ල වෙනුවෙන් ආදම් හිල්මි සමඟ එක්වූ සෙත්මික සෙනෙවිරත්න පන්දු 63 කදී ලකුණු 86 ක්ද 8 වැනි කඩුල්ලට එක්වූ නිසල අබේරත්න පන්දු 20 කදී නොබිඳුණු ලකුණු 34 ක ද සම්බන්ධතාවක් පවත්වමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියහ.

තරගාවලියේ මෙතෙක් පැවැති තරග 2 න් 2 ම ජයගනිමින් අපරාජිතව අද තරගයට අවතීර්ණ වුණු කොළඹ දකුණු කණ්ඩායම වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ලබා දුන් රෙහාන් පීරිස් පන්දු 3 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 13 ක් සමගින් ලලකුණු 112 ක් ද හිරුන මතීෂ පන්දු 75 කදී ලකුණු 75 ක් ලබා සිය කණ්ඩායම ලකුණු 300 සීමාවෙන් ඔබ්බට යෑම සඳහා අවශ්‍ය ප්‍රධාන අඩිතාලම එක් කළහ. මැද පෙලින් පැමිනි ඔෂාන් ද සිල්වා (46), නායක රමිරු පෙරේරා (33), සහ ජේසන් ප්‍රනාන්දු (27*) අඩු පන්දු සංඛ්‍යාවකින් ලකුණු රැස් කිරීමට සමත්වීම නිසා ඔවුනට ලකුණු 350 සීමාව ඉක්මවා යෑමට අවස්ථාව උදාවිය.

මේ අතර සාලියපුර යුද හමුදා ක්‍රීඩාංගණයේදී දඹුල්ල කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේදී කඩුල්ලක තියුණු ජයක් වාර්තා කිරීමට ගාල්ල කණ්ඩායම අද සමත්විය. මෙය ගාල්ල කණ්ඩායම මෙවර තරග වාරයේදී වාර්තා කරන ලද පළමු ජයග්‍රහණය ලෙසින් සනිටුහන් විය. තරගයේ පළමුව පන්දුවට පහර දුන් දඹුල්ල කන්ඩායම පන්දුවාර 48.2 කදී සියලු දෙනා දැවී ලකුණු 209 ක් රැස් කරන ලදුව ඊට පිළිතුරු ලෙස ගාල්ල කන්ඩායම ප්නදුවාර 48.2 කදී කඩුලු 9 ක් දැවී ලකුණ් 213 ක් රැස් කරමින් තරගයේ ජය වාර්තා කළේය.

කොළඹ දකුණ අපරාජිත භාවය මහනුවර බිඳ දමයි

කොළඹ දකුණ කණ්ඩායම පන්දුවාර 50 කදී කඩුලු 5 කදී ලකුණු 356 යි – (රෙහාන් පීරිස් 112, සුවහස් ප්‍රනාන්දු 31, හිරුන් මතීෂ 73, ඔෂාන් ද සිල්වා 46, රමිරු පෙරේරා 33, ජේසන් ප්‍රනාන්දු 27*, දිනෙත් පීරිස් 12*, සුමේධ ප්‍රසාද් 53/3)

මහනුවර කණ්ඩායම පන්දුවාර 49.4 කදී කඩුල 7 ක් දැවී ලකුණු 357 යි – (ආදම් හිල්මි 72*, දිමන්ත මහාවිතාරණ 51, පුලීෂ තිලකරත්න 12, යෝෂිත ඉසුරංග 52, කවීජ ගමගේ 49, කෞෂික කුමාරසිංහ 12, සෙත්මික සෙනෙවිරත්න 53, නිසල අබේරත්න 12*, රමිරු පෙරේරා 39/2, දිනෙත් පීරිස් 58/2)

ගාල්ලට කඩුල්ලක් ජයක්

දඹුල්ල පන්දුවාර 48.2 කදී සියලු දෙනා දැවී ලකුණු 209 යි – (දිනුග තේවිරු 70, ජනිඳු රණසිංහ 44, රජිත් සමරසිංහ 22, කවීෂ ලියනාරච්චි 15, දිමත් අබේසිංහ 12, මලිත් ද සිල්වා 35/3, විරාන් චමුදිත 28/2, ලිදුන නෙත්මින 42/2)

ගාල්ල පන්දුවාර 48.2 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 213 යි – (දුල්සිත් දරශන 78 විරාන් චමුදිත 24, විශ්ව සුපුන් 12, චමරිඳු නෙත්සර 40, ගිම්හාන රසාංජන 13, යූරි කොත්තිගොඩ 17*, මහීෂ් සිතුම් 34/2, සනුජ නිඳුවර 35/2, විගේෂ්වරන් ආකාස් 37/2)

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee