slc
logo
Home   |    News
ජූනි 3, 2025
ටියර් ‘බී‘ කොටසේ පිළිමළුන් පිටුදැකීමේ වටයේ කණ්ඩායම් තීන්දුයි

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ටියර් ‘බී‘ කොටසේ ක්‍රිකට් තරගාවලියේ මූලික වටය අවසන් වීමත් සමග අර්ධ අවසන් පූර්ව තරග වරම් දිනා ගැනීමට එස්.එස්.සී, යුනයිටඩ් සදර්න්, රාගම, නාවික හමුදා, මැලේ, ලියෝ, යුද හමුදා සහ ගාල්ල ක්‍රීඩා සමාජ සමත්ව සිටිති.

කණ්ඩායම් 12ක් කාණ්ඩ දෙකක් යටතේ තරග වැදි මූලික වටයේ තරග ජූනි 02 වැනිදා අවසන් වූ අතර එහිදී අදාළ කාණ්ඩවල ඉදිරියෙන් පසුවෙන කණ්ඩායම් 4 පිළිමළුන් පිටුදැකීමේ හෙවත් අර්ධ අවසන් පූර්ව තරග වටයට සුදුසුකම් ලබාගත්හ.

මෙහිදී ‘ඒ‘ කාණ්ඩයෙන් තරග වැදි එස්.එස්.සී. කණ්ඩායම තරග 5 කදී ජයග්‍රහණය 4 ක් සමඟින් අපරාජිතව එම කාණ්ඩයේ පෙරමුණ ගනිමින් මෙම තරග වටයට සුදුසුකම් ලබද්දී ‘බී‘ කාණ්ඩයේ රාගම ක්‍රීඩා සමාජය තරග 5 කදී ජයග්‍රහණ 4 ක් සමඟින් පෙරමුණට පත්විය.

ඒ අනුව හෙට (ජුනි 04) කොළඹ කෝල්ට්ස් සහ මග්ගොන සරේ ක්‍රීඩාංගවලදී පැවැත්වෙනු ඇත .මෙහිදී ප්‍රබල එස්.එස්.සී. ක්‍රීඩා සමාජ යුනයිටඩ් සදර්න් ක්‍රීඩා සමාජය සමග පෙරවරුවේදී කෝල්ට්ස් පිටියේදී තරග වදිද්දී එදින පස්වරුවේදී රාගම සහ නාවික හමුදා කණ්ඩායමට තරග වදිනු ඇත.

සරේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත තරග වලදී පෙරවරුවේ මැලේ ක්‍රීඩා සමාජය සහ ලියෝ ක්‍රීඩා සමාජය ද පස්වරුවේදී යුද හමුදා ක්‍රීඩා සමාජය සහ ගාල්ල ක්‍රීඩා සමාජයද තරග වදිනු ඇත.

අර්ධ අවසන් පූර්ව තරග

කෝල්ට්ස් පිටියේදී

පළමු අර්ධ අවසන් පූර්ව තරගය – එස්. එස්. සී. සහ යුනයිටඩ් සදර්න් ක්‍රීඩා සමාජ අතර

දෙවැනි අර්ධ අවසන් පූර්ව තරගය – රාගම සහ නාවික හමුදා ක්‍රීඩා සමාජ අතර

මග්ගොන සරේ පිටියේදී

තෙවැනි අර්ධ අවසන් පූර්ව තරගය – මැලේ සය ලියෝ ක්‍රීඩා සමාජ අතර

සිව්වැනි අර්ධ අවසන් පූර්ව තරගය – යුද හමුදාව සහ ගාල්ල ක්‍රීඩා සමාජ අතර

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee