slc
logo
Home   |    News
ජූනි 21, 2025
නැෂනල් යූත් ලීග් පළමු ශතකය මහනුවර පිලේ පූලීෂගෙන්

sinhala editor

වයස අවුරුදු 19 න් පහළ මෙරට ක්‍රියාත්මක ප්‍රධානම ජාතික ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් යූත් ලීිග් 2025 ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් අද පැවැති තරගයකදී තරගාවලියේ පළමු ශතකය වාර්තා කිරීමට මහනුවර කණ්ඩායමේ පුලීෂ තිලකරත්න සමත්වූවේය. අනුරාධපුර දිස්ත්‍රික් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී ගාල්ල කණ්ඩායමට එරෙහිව පුලීෂ පන්දු 107 කදී ලකුණු 103 ක් රැස් කර ගත්තේ තම ඉනිම නොබිඳිව තබා ගනිමිනි.

හතරේ පහර 15 ක් ද එල්ල කළ තිබූ පුලීෂගේ ඉනිම ප්‍රධාන කොට එම තරගයෙන් මහනුවර කණ්ඩායමට කඩුලු 6 ක ජයක් වාර්තා කර ගැනීමටද සමත්විය. ලකුණු 247 ක ඉලක්කයක් හඹා ගිය මහනුවර කණ්ඩායමට පුලීෂගේ ඉනිම හේතුවෙන් එම ඉලක්කය පන්දුවාර 43.2 කදී සපුරා ගන්නා ලද්දේ කඩුලු 4 ක් පමණක් ප්‍රතිවාදී පන්දු යවන්නන් හමුවේ ලබා දෙමිනි.

මේ අතර අනුරාධපුර සාලියපුර ක්‍රීඩාංගණයේ පැවැති කොළඹ උතුර සහ දකුණු අතර තරගයෙන කඩුලු 6 ක ජයක් වාර්තා කිරීමට කොළඹ දකුණ කණ්ඩායම සමත්වූවේය. පළමුව පන්දුවට පහර දුන් උතුරු කණඩායම ලකුනු 153 කට සීමා කළ දකුනු කණ්ඩායම එම ඉලක්කය පන්දුවාර 31.5 කදී කඩුලු 4 ක් දැවී සපුරා ගත්තේය.

කොළඹ දකුණ කඩුලු 6 ක ජයක්

කොළඹ උතුර පන්දුවාර 31.5 කදී සියලු දෙනා දැවී ලකුණු 153 යි – (සෙනුජ වෙනුණගොඩ 16, කිත්ම විදානපතිරණ 45, මනස මදුභාෂණ 39, තුරූෂ කොඩිකාර 32, දහම් නිර්මාල් 21/3, හිරූෂ ප්‍රනාන්දු 32/2, මලින්ත සිල්වා 31/3, රමිරු පෙරේරා 32/1)  

කොළඹ දකුණ පන්දුවාර 31.5 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 157 යි – හිරුන් මතීෂ 22, රෙහාන් පීරිස් 91*, සුවහස් ප්‍රනාන්දු 15, ශ්‍රීලාම් ජීවහන් 32/2, තරූෂ කොඩිකාර 29/1, පූර්ණ කල්හාර 20/1)

මහනුවර කණ්ඩඩායමට කඩුලු 6 ක ජයක්

ගාල්ල පන්දුවාර 48.5 කදී සියලු දෙනා දැවී ලකුණු 246 යි – (දුල්සිත් දර්ශන 22, විශ්ව සුපුන් 67, චාර්ය පරණවිතාන 40, චමරිඳු නෙත්සර 59, කෙනුල පිහිලිංග 32/4, කවීජ ගමගේ 34/2, සුමේධ ප්‍රසාද් 43/2, නිසල අබේරත්න 48/1, කෞෂික කුමාරසිංහ 48/1)

මහනුවර පන්දුවාර 43.2 කදී කඩුලු 4 ක් දැවී ලකුනු 248 යි – (පුලීෂ තිලකරත්න 103*, දිමන්ත මහවිතාරණ 39, යෝෂිත ඉසුරංග 45, කවීජ ගමගේ 27, කෞෂික කුමාරසිංහ 22, ගිම්හාන රසාංජන 38/2, අරෝෂ උදයංග 38/1, ඉමෙත් මනම්පේරි 46/1)

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee