slc
logo
Home   |    News
ජූනි 25, 2025
පිට පිටම සිව්වැනි ජය සමඟින් මහනුවර අවසන් කණ්ඩායම් 4 අතර වටයට

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් අනුරාධපුරයේදී පැවැත්වෙන අවුරුදු 19 න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2025 ක්‍රිකට් තරගාවලියේ මූලික වටය යටතේ අද පැවැති තරගවලදී පිට පිටම සිව්වැනි ජයත් වාර්තා කරමින් අවසන් කණ්ඩායම් 4 අතර තරග වටයට පහසුවෙන්ම තේරී  පත්වීමට මහනුවර කණ්ඩායම සමත්විය. සාලියපුර යුද හමුදා ක්‍රීඩාංගණයේදී දඹුලු කණ්ඩායමට එරෙහිව පැවැති තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා කළ මහනුවර කණ්ඩායම මෙතෙක් තරගාවලියේ එකම අපරාජිත කණ්ඩායම වශයෙන් අවසන් පූර්ව තරග වටයට තේරී පත්ව සිටියි.

මෙම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් දඹුල්ල කණ්ඩායම පන්දුවාර 44 කදී සියලු දෙනා ලකුණු 164 කට සීමා කිරීමට මහනුවර කණ්ඩායම සමත්විය. දඹුල්ල කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරු රනිඳු රණසිංහ පන්දු 123 කදී ලකුණු 62 ක් ලබා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වුවේය. පන්දු යැවීමේදී නිමේෂ් සිල්වා ලකුණු 21 කට කඩුලු 3 ක් දවා ගනිද්දී නිසල අබේරත්න, සුමේධ ප්‍රසාද් සහ සෙත්මික සෙනෙවිරත්න කඩුලු 2 බැගින් බිඳ හෙලූහ.

එම ඉලක්කය හඹා යෑමේදී පන්දුවාර 32.2 කදී ඉලක්කය සම්පූර්ණ කර ගන්නා විට මහනුවර කණ්ඩායමේ කඩුුලු 6 ක් දවා ගැනීමට ප්‍රතිවාදී පන්දු යවන්නෝ සමත්වූහ. එහිදී දිමන්ත මහවිතාරණ පන්දු 91 කදී ලකුණු 78 ක් රැස් කරමින් වැඩිම ලකුනු ලාභියා බවට පත්වූවේය.

මේ අතර අද අනුරාධපුර දිස්ත්‍රික් ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැති අනෙක් තරගයේදී ගාල්ල කණ්ඩායමට එරෙහිව කඩුලු 8 ක  පහසු ජයක් වාර්තා කිරීමට කොළඹ උතුරු කණ්ඩායම සමත්විය. එම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් ගාල්ල කණ්ඩායම පන්දුවාර 47.2 කදී සියලු දෙනා දැවී ලබා දුන් ලකුණු 214 ක ඉලක්කය හඹා ගිය කොළඹ උතුරු කණ්ඩඩායම පන්දුවාර 31.3 කදී සපුරා ගන්නා ලද්දේ කඩුලු 2 ක් පමණක් දැවී ගොස් තිබියදීය.

මෙම තරගයේදී ගාල්ල කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරු දුල්සිත් දර්ශන පන්දු 90 කදී ලකුණු 73 ක්ද චමරිඳු නෙත්සර පන්දු 66 කදී ලකුණු 60 ක්ද ලබා පිත්තෙන් දස්කම් දක්වද්දී ජයග්‍රාහී කොළඹ උතුරු කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරු අවීෂ සමාෂ් පන්දු 68 කදී ලකුණු 75 ක්ද සෙනුජ වෙකුණගොඩ පන්දු 79 කදී වේගවත් ලකුණු 83 ක්ද රැස් කරමින් පිත්තෙන් දස්කම් දැක්වූහ.

මහනුවර පිලට කඩුලු 4 ක ජයක්

දඹුල්ල කණ්ඩායම පන්දුවාර 44 කදී සියලු දෙනා දැවී ලකුණු 164 යි – (ජනිඳු රණසිංහ 62, මහීෂ තරිඳු 19, ෂෙහාන් කුමාර 15, කුගදාස් මාතුලන් 17, මෙනුර නිරෝෂන 12, නිමේෂ් සිල්වා 21/3, සෙත්මික සෙනෙවිරත්න 14/2, සුමේධ ප්‍රසාද් 46/2, නිසල අබේරත්න 46/2) 

මහනුවර කණ්ඩායම  පන්දුවාර 32.2 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 166 යි – (දිමන්ත මහවිතාරණ 78, යෝෂිත ඉසුරුරංග 11, කවීජ ගමගේ 32, මෙනුර නිරෝෂන 18/2, ෂෙහාන් කුමාර 44/2) 

කොළඹ උතුරට කඩුලු 8 ක ජයක්

ගාල්ල පන්දුවාර 47.2 කදී සියලු දෙනා දැවී ලකුණු 213 යි – (දුලිසිත් දර්ශන 73, අරෝෂ් සිතුමින 20, චාර්ය පරණවිතාන 13, චමරිඳු නෙත්සර 60, ලිඳුල නෙත්මින 10, මලිත් ද සිල්වා 11, දුනික් පෙරේරා 49/4, කිත්ම විදානපතිරන 30/2)

කොළඹ උතුර පන්දුවාර 31.3 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 217 යි – (දුල්නිත් සිගේරා 22, අවීෂ සමාෂ් 75, සෙනුජ වෙකුණගොඩ 83, කිත්ම විදානපතිරණ 28*)

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee