slc
logo
Home   |    News
ජූනි 19, 2025
ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් පන්දු යැවීමේ යන්ත්‍ර 24 ක් ප්‍රධානය කරයි

sinhala editor

දේශීය ක්‍රිකට් ක්‍රීඩාව තුළ පුහුණු යටිතල පහසුකම් සංවර්ධනයට සහායවීමක් ලෙසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දරනු ලබන අඛණ්ඩ උත්සාහයේ කොටසක් ලෙසින්, මෙරට ප්‍රමුඛතම ක්‍රීඩා සමාජ සහ ටියර් බී කොටසේ ක්‍රීඩා සමාජ වෙත පන්දු යැවීමේ යන්ත්‍ර (Bowling Machine) පිරිනැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉකුත්දා පියවර ගනු ලැබීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපති ශම්මි සිල්වා මහතාගේ සංකල්පයක් අනුව සිදු කෙරුණු මෙම වැඩපිළිවෙළ යටතේ ප්‍රථමයෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ක්‍රීඩා සමාජ තරගාවලිය නියෝජනය කරනු ලබන ක්‍රීඩා සමාජ 14  වෙනුවෙන් එම පන්දු යැවීමේ යන්ත්‍ර පිරිනැමීම සිදු කෙරුණු අතර අනතුරුව ටියර් බී කොටසේ ක්‍රීඩා සමාජ 10 වෙනුවෙන් එම පන්දු යැවීමේ යන්ත්‍ර පිරි නැමිණ.  

කොළඹ ක්‍රීඩා සමාජ ශ්‍රවණාගාරයේ පැවැති මෙම චාම් උත්සවය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතාට අමතරව ලේකම් බන්දුල දිසානායක මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් සංවර්ධිත අංශ ප්‍රධානී කමල් ධර්මසිරි යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

මෙරට දේශීය ක්‍රිකට් පද්ධතියේ තරගකාරීත්වය තවදුරටත් ඉහළ නංවමින් ජාතික කණ්ඩායමට අවශ්‍ය දක්ෂ ක්‍රීඩකයින් බිහි කර ගැනීමේ අරමුණ ඇතිව මෙම පන්දු යැවීමේ යන්ත්‍ර පිරිනැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගත් බව මේ අවස්ථාවේදී අදහස් දක්වා සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ලේකම් බන්දුල දිසානායක මහතා පවසා සිටියේය.

ප්‍රමුඛ පෙළ කොටසේ ක්‍රීඩා සමාජ – බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය, නොන්ඩිස්ක්‍රිප්ට් ක්‍රිකට් සමාජය, කොළඹ ක්‍රිකට් සමාජය, කෝල්ට්ස් ක්‍රිකට් සමාජය, හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය, ඒස් කැපිටල් ක්‍රිකට් සමාජය, පානදුර ක්‍රීඩා සමාජය, නුගේගොඩ ක්‍රීඩා සමාජය, ටැමිල් යුනියන් ක්‍රිකට් සමාජය, බදුරලිය ක්‍රිකට් සමාජය, පොලිස් ක්‍රීඩා සමාජය, කුරුණෑගල යූත් ක්‍රිකට් සමාජය, මුවර්ස් ක්‍රීඩා සමාජය, බී.ආර්.සී. ක්‍රීඩා සමාජය.

ටියර් B ක්‍රීඩා සමාජ – මැලේ ක්‍රිකට් සමාජය, සිංහල ක්‍රීඩා සමාජය, මීගමුව ක්‍රිකට් සමාජය, ගාල්ල ක්‍රිකට් සමාජය, නාවික හමුදා ක්‍රීඩා සමාජය, යුධ හමුදා ක්‍රීඩා සමාජය, ලියෝ ක්‍රිකට් සමාජය, රාගම ක්‍රිකට් සමාජය, යුනයිටඩ් සදර්න් ක්‍රිකට් සමාජය, මොරටුව ක්‍රීඩා සමාජය.

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee