slc
logo
Home   |    News
ජූනි 5, 2025
එස්.එස්.සී.-රාගම-මැලේ සහ යුද හමුදා අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබති

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන අන්තර් සමා ටියර් බී පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ පැවැති අර්ධ අවසන් පූර්ව වටයේ තරග වලදී ජයග්‍රහණ වාර්තා කළ රාගම, එස්.එස්.සී., මැලේ සහ යුද හමුදා කණ්ඩායම් අදාළ අවසන් පූර්ව තරග වරම් දිනා ගැනීමට සමත්වූහ.

කොළඹ කෝල්ට්ස් සහ මග්ගොන් සරේ යන ක්‍රීඩාංගණවලදී පැවැති මෙම තරග වලදී එස්.එස්.සී. සහ යුනයිට් සදර්න් අතර තරගයත් මැලේ සහ ලියෝ ක්‍රීඩා සමාජ අතර තරග පමණක් වර්ෂාවෙන් බාධා නැතිව පැවැත්විණ. අනෙක් තරග 2 ම ජයග්‍රහණය තීරණය වූයේ ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත පදනම්වය.

අදාළ අවසන් පූර්ව තරග මේ මස 07 වැනිදා කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත. එම තරග වලදී එස්.එස්.සී. කණ්ඩායම යුද හමුදා කණ්ඩායමට එරෙහිව පෙරවරුවේදීද රාගම ක්‍රීඩා සමාජ මැලේ ක්‍රීඩා සමාජයට එරෙහිව පස්වරුවේදීද තරග වැදීමට නියමිතය.

රාගමට කඩුලු 4 ක ජයක්

නාවික හමුදාව පන්දුවාර 16 කදී කඩුලු 6 කට ලකුණු 96 යි – (ආසිරි ද සිල්වා 55, අසිත වීරසූරිය 16, බිනුර ප්‍රනාන්දු 18/2)

රාගම පන්දුවාර 15.4 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 105 යි – (දෙනුර දෙමන්සිත් 33, සමීන් කඳනආරච්චි 28, රන්මිත් ජයසේන 23, කවිඳු රණසිංහ 10, ගිහාන් ද සොයිසා 10/2, ජනිත් ප්‍රනාන්දු 21/3)

අවසන් පූර්වතරග –

පෙ.ව. 9.45 – එස්. එස්. සී. සහ යුද හමුදා කණ්ඩායම් අතර

ප.ව. 2.00 – මැලේ සහ රාගම ක්‍රීඩා සමාජ අතර

එස්.එස්.සී.ට කඩුලු 3 ක ජයක්

යුනයිටඩ් සදර්න් පන්දුවාර 20 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 130 යි – (තමිඳු ප්‍රදීප්ත 16, දෙනුවන් රාජකරුණා 27, පෙසඳූ සජාන් 25, රවීන් පෙරේරා 34, සදෙව් රිත්මික, චමිදු වික්‍රමසිංහ 21/4, ප්‍ර මෝද් දුෂාන් 25/2) 

එස්.එස්.සී. පන්දුවාර 19.4 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 136 යි – (ක්‍රිෂාන් සංජුල 25, චමිදු වික්‍රමසිංහ 13, චරිත් අසලංක 25, නුවනිඳු ප්‍රනාන්දු 35*, මාලින්ද පෙරේරා 23/4, ධනෝෂ් ද සිල්වා 19/2)

මැලේ ක්‍රීඩා සමාජයට කඩුලු 4 ක ජයක්

ලියෝ පන්දුවාර 20 කදී කඩුලු 8 කට ලකුණු 123 යි – (මංගල ප්‍රදීප් 10, පැතුම් මෙන්ඩිස් 19, සලිඳු පතිරණ 46, ෂෙහාන් චතුරංග 11, වෝෂිත අමරසිංහ 12/2, කාවින්ද ඊෂ්වර 12/2) 

මැලේ පන්දුවාර 18.5 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 126 යි – (හිරන්ත ජයසිංහ 13, කෙවින් සැමුවෙල් 42, බුද්ධික හසරංග 15, පුලස්ති අතපත්තු 20, ටෙරෝන් බාස්කරන් 19*, මංගල ප්‍රදීප් 24/2)

යුද හමුදාවට කඩුලු 6 ක ජයක්

ගාල්ල පන්දුවාර 15.4 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 74 යි –  ලිසුල ලක්ෂාන් 10, චතුර රන්දුනු 10, හසිත සුරංග 10, ලිලාන් රංගන 22/2, ගයාන් චන්ද්‍ර බෝස් 13/2, තීක්ෂණ වික්‍රමසිංහ 07/2)

යුද හමුදාව පන්දුවාර 10.5 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 66 යි – (අශාන් සුදර්ශන 13, ඉෂාර මෙන්ඩිස් 22, සුකිත දෙව්තිළිණ 22, හංසමාන ද සිල්වා 08/2) 

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee