slc
logo
Home   |    News
ජූනි 9, 2025
ටියර් ‘බී‘ කොටසේ විස්සයි-20 ශූරතාව මැලේ ක්‍රිකට් කණ්ඩායමට

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැති අන්තර් සමාජ ටියර් බී කොටසේ ක්‍රිකට් තරගවලියේ ශූරතාව දිනා ගැනීමට මැලේ ක්‍රිකට් සමාජය අද (09 දා) සමත්විය. අදාළ අවසන් මහ තරගයේදී එස්.එස්.සී. පිලට එරෙහිව කඩුලු 6 ක පහසු ජයක් වාර්තා කළ මැලේ ක්‍රීඩකයෝ ශූරතා කුසලානට අමතරව මුදලින් රුපියල් ලක්ෂ හතහමාරක ජය මල්ලකටද හිමිකම් කීවේය.

කොළඹ කෝල්ට්ස් ක්‍රීඩා පිටියේ පැවැති මෙම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් එස්.එස්.සී. කණ්ඩායම පන්දුවාර 19.4 කදී සියලු දෙනා ලකුණු 100 කට දැවී ගිය අතර එම ඉලක්කය හඹා ගිය මැලේ පිතිකරුවෝ ඉලක්කය පන්දු 10 ක් ඉතිරිව තිබියදී කඩුලු 4 ක් පමණක් දැවි රැස් කර ගැනීමට සමත්වූහ.

මෙම තරගයේදී එස්.එස්.සී. කණ්ඩායමට ජාතික කණ්ඩායම නියෝජනය කරන ලද ක්‍රීඩකයින් 6 දෙනෙකු ඇතුළත්ව සිටියද මැලේ කණ්ඩායමට ජාතික කණ්ඩායම නියෝජනය කරන ලද එකම ක්‍රීඩකයකු හෝ ඇතුළත් නොවුණු පසුබිමක මෙම ජයග්‍රහණය ඔවුන් වාර්තා කිරීම සුවිශේෂීත්වයක් එක් කරවන්නක් විය. චමිඳු වික්‍රමසිංහ, දසුන් ශානක, අවිශ්ක ප්‍රනාන්දු, චරිත් අසලංක, නුවනිඳු ප්‍රනාන්දු සහ ප්‍ර මෝද් මදුෂාන් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරමින් අද තරගයේදී එස්.එස්.සී. පිල නියෝජනය කළ ක්‍රීඩකයෝ වූහ.

පන්දු යැවීමේදී තිමිර මල්ෂාන් කඩුලු 3 ක් දවා ගනිද්දී කාවින්ද ඊෂ්වර සහ චානක දේවින්ද කඩුලු 2 බැගින් දවා ගනිමින් එස්.එස්.සී. පිතිකරු බල ඇණියේ බල බිඳූහ. පන්දුවට අමතරව පිත්තෙන් ලකුණු 26 ක් රැස් කර ගත් කාවින්ද ඊෂ්වර අවසන් මහ තරගයේ වීරයා ලෙසින් සම්මාන දිනා ගත්තේය. තරගාවලියේ ජය සංකේත ප්‍රධානය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු සාමාජික සහ තරග සංවිධායක කමිටු සභාපති නලීන් අපෝන්සූ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

ඊට අමතරව තරගාවලියේ දක්ෂතම පිතිකරු ලෙස යුනයිටඩ් සදර්න් ක්‍රීඩා සමාජයේ දෙනුවන් රාජකරුණා ද දක්ෂතම පිතිකරු ලෙසින් ගාල්ල ක්‍රීඩා සමාජයේ අමිත කෞෂල්‍යද තරගාවලියේ වීරයා ලෙසින් එස්.එස්.සී. කණ්ඩායම් නායක අවිශ්ක ප්‍රනාන්දු සම්මාන දිනාගත්හ.

එස්.එස්.සී. පන්දුවාර 19.4 කදී සියලු දෙනා දැවී ලකුණු 100 යි – (දිනුර කලුපහන 19, අවිශ්ක ප්‍රනාන්දු 35, තිමිර මල්ෂාන් 21/3, කාවින්ද ඊෂ්වර 21/1, චානක දේවින්ද 14/2)

මැලේ කණ්ඩායම පන්දුවාර 18.2 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 101 යි – (හිරන්ත ජයසිංහ 19, කාවින්ද ඊස්වර 26, බුද්ධික හසරංග 25)

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee