slc
logo
Home   |    News
ජූලි 9, 2025
‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට

sinhala editor

ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩඩායම තරගාවලිය 2-1 ක් ලෙස අද ජයග්‍රහණය කළේය.

ඩාර්වින්හි පැවැති මෙම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම කුණු 213 ක් රැස් කරන ලදුව ඊට පිළිතුරු ලෙස ඔස්ට්‍රේලියානු කණ්ඩායම කඩුුලු 3 ක් දැවී ඉලක්කය සපුරා ගත්තේ කඩුලු 3 ක් පමණක් ශ්‍රී ලංකා ඒ පන්දු යවන්නන් හමුවේ පිරිනමමිනි.

කාසියේ වාසියත් මඟ පළමුව පිති ප්‍රහාරය දියත් කළ ශ්‍රීි ලංකා ‘ඒ‘ කණ්ඩායමේ පළමු කඩුලු 2 ම ලකුණු 08 කට දැවී ගිය නමුත් තෙවැනි කඩුල්ලට ලකුණු 48 ක් එක් කිරීමට කමිල් මිශාර සහ නුවනිදු ප්‍රනාන්දු සමත්වූහ. මේ අතරින් කමිල් පන්දු 50 කදී ලකුණු 27 ක් ලබා ගත් අතර නුවනිඳු පන්දු 69 කදී ලකුනු 40 ක් ලබා ගත්හ.

පන්දු 65 කට මුහුණ දුන් සහන් ආරච්චි ලකුණු 47 ක් ලබා ගත් අතර එය ඉනිමේ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසින් සනිටුහන් විය. ඊට අමතරව ඉනිම අග්ගිස්සෙන් පන්දුවට පහර දීමට පැමිණි සොනාල් දිනූෂ පන්දු 40 කදී ලකුණු 36 ක්ද ඉසිත විජේසුන්දර පන්දු 24 කදී ලකුණු 23 ක් ද ලබා ගනිමින් පිතිකරණ අංශයෙන් ශ්‍රී ලංකා ‘ඒ‘ ඉනිම පෝෂණය කළහ.

පන්දු යැවීමේදී සොනාල් දිනූෂ, ඉසිත විජේසුන්දර සහ දුෂාන් හේමන්ත එක් කඩුල්ල බැගින් බිඳ හෙලූහ.

ශ්‍රී ලංකා ඒ  කණ්ඩායම පන්දුවාර 50 කදී සියලුම දෙනා දැවී ලකුණු 213 යි – කමිල් මිෂාර 27, නුවනිඳු ප්‍රනාන්දු 40, සහන් ආරච්චිගේ 47, සොනාල් දිනූෂ 36, ඉසිත විජේසුන්දර 23, ජැක් නිබෙට් 26/2, බ්‍රයිස් ජැක්සන් 25/2, හෙන්රි තෝර්ටන් 37/2

ඔස්ට්‍රේලියා ඒ කණ්ඩායම පන්දුවාර 32.3 කදී කඩුලු 3ක් දැවී ලකුණු 215 යි –  කැම්බෙල් කෙල්ලවේ 56, ජේසන් සංඝා 79, මැට් රේන්ෂෝ 62

Active filters

Recent Posts

  • තුන්කොන් සටන හෙට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව, එංගලන්තය සහ සත්කාරක පාකිස්තානය සහභාගී වන තුන්කොන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 18 වැනිදා සිට 31 වැනිදා දක්වා පාකිස්තානයේ රාවල්පිණ්ඩි සහ ලාහෝර් නගර කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට […]
  • පාකිස්තානු යෞවනයෝ එකට එක කරති
    පාකිස්තාන වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් ලකුණු 151ක ජයක් වාර්තා කිරීමට සත්කාරක පාකිස්තාන […]
  • ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ තුන්කොන් ශූරතාව දිනති
    පාකිස්තානයේ ෆයිසලාබාද් නුවර ඉක්බාල් ක්‍රීඩාංගණයේදී පැවැති වයස අවුරුදු 19න් පහළ බාලිකා තුන්කොන් විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයෙන් බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ලකුණු 4කින් පරාජය කළ […]
  • අපරාජිත ශ්‍රී ලංකාවේ අවසන් අභියෝගය හෙට බංග්ලාදේශයෙන්
    පාකිස්තානයේ ෆයිසලාබාද්හි ඉක්බාල් ක්‍රීඩාංගණයේදී හෙට (ඔක්තෝම්බර් 16) පැවැත්වෙන කාන්තා වයස අවුරුදු 19න් පහළ විස්සයි විස්ස තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ බංග්ලාදේශයට එරෙහිව තරග […]
  • ශ්‍රී ලංකා 17න් පහළ පිලට ජයග්‍රාහී ආරම්භයක්
    පාකිස්තානයේ සංචාරයක නිරත ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ ක්‍රිකට් කණ්ඩායම, දෙරට අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 99ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සමත් […]

Pin It on Pinterest

USD United States (US) dollar