slc
logo
Home   |    News
ජූලි 18, 2025
ටියර් ‘බී‘ ශූරතාව එස්. එස්. සී. කණ්ඩායමට

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැති අන්තර් සමාජ ටියර් ‘බී‘ කොටසේ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කොළඹ එස්. එස්. සී. කණ්ඩායම අද (18 දා) සමත්විය. කොළඹ එස්. එස්. සී. ක්‍රීඩා පිටියේ පැවැති අදාළ අවසන් මහ තරගයේදී මොරටුව කීඩා සමාජ කණ්ඩායමට එරෙහිව කඩුලු 4 ක ජයක් වාර්තා කළ එස්. එස්. සී. ක්‍රීඩකයෝ ශූරතා කුසලානට අමතරව මුදලින් රු. මිලියනයක ජය මල්ලකටද හිමිකම් කීහ.

කාසියේ වාසිය දිනූ එස්. එස්. සී. නායක අවිශ්ක ප්‍රනාන්දුගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් මොරටුව ක්‍රීඩා සමාජයේ පළමු කඩුලු 8 ම ලකුණු 106 කදී බිද දැමීමට එස්. එස්. සී. පන්දු යවන්නන් සමත්විය. එහෙත් මොරටු කණ්ඩායමේ පූර්ණ ප්‍රභාත් හයේ පහර 6 ක් සහ හතරේ පහර 8 ක් සමඟින් පන්දු 80 කදී රැස් කරන ලද ලකුණු 92 ක ඉනිම හේතුවෙන් යළි හිස එසවීමට ඔවුනට හැකියාව ලැබිණ.

මෙහිදී ප්‍රභාත්ට 09 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 66 ක් එක් කිරීමට දුමිඳු සෙව්මිණද, 10 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුනඅ 59 ක් රැස් කිරීමට උෂාන් සත්සර ලබා දුන් දායකත්වය සමග ප්‍රතිවාදීන්ට එරෙහිව ලකුණු 231 ක අභියෝගයක් එල්ල කිරීමට මොරටුව ක්‍රීඩා සමාජයට හැකියාව ලැබිණ.

පන්දු යැවීමේදී කැපී පෙනුණු ප්‍රභාත් ජයසූරිය පන්දුවාර 10 ක් යවමින් කඩුලු 4 ක් ලබා ගත්තේ ලකුණු 15 ක් පමණක් ලබා දෙමිනි.

ඉලක්කය හඹා යෑම සදහා පිටියට පිවිසි එස්. එස්. සී. කණ්ඩායම වෙනුවෙන් නැංගුරම් ලූ ඉනිමක් ක්‍රීඩා කළ නිපුන් ධනංජය පන්දු 104 කදීි හතරේ පහර 8 ක් සමඟින් ලකුණු 73 ක් රැස් කරගත්තේ තම ඉනිම නොබිඳිව තබා ගනිමිනි. මෙම ඉනිම ඔහුට අවසන් මහ තරගයේ වීරයා සම්මානය ගෙන ඒමට තරම් ප්‍රමාණවත් විය. ඔහුට එම කුසලාන සමග මුදලින් රු. ලක්ෂ 2 ක් හිමිවිය.

මෙම තරගයේදී එස්. එස්. සී. කණ්ඩායම වෙනුවෙන් එක්දින සහ විස්සයි-20 නායක චරිත් අසලංක ලකුණු 37 කින්ද අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 38 කින්ද දායකත්වය දැක්වූහ. එස්. එස්. සී. කණ්ඩායම ජයග්‍රාහී ඉලක්කය 41 වැනි පන්දුවාරයේ සිව්වැනි පන්දුවේදී සම්පූර්ණ කර ගන්නා විට කඩුලු 6 ක් ප්‍රතිවාදී පන්දු යවන්නෝ දවා ගැනීමට සමත්ව සිටියහ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් බන්දුල දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ජය සංඛේත ප්‍රධානයේදී තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා ලෙස මොරටුව ක්‍රීඩා සමාජයේ සහන් කෞෂල්‍යයද, දක්ෂතම පිතිකරු ලෙස  ලියෝ ක්‍රීඩා සමාජයේ හිරුන් සිගේරාද, තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙසින් එස්. එස්. සී. කණ්ඩායමේ ක්‍රිෂාන් සංජුලද සම්මාන දිනාගත්හ. දක්ෂතම පිතිකරුවා සහ පන්දු යවන්නාට එම කුසලාන මසඟ මුදලින් රු. ලක්ෂ 3 බැගින්ද, තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා වෙනුවෙන් එම කුසලාන සමග මුදලින් ලක්ෂ 5 ක මුදලක්ද පිරිනැමිණ. අනුශූරතාවට පත් මොරටුව ක්‍රීඩා සමාජයට මුදලින් රු. හත්ලක්ෂ පනස්දහසක මුදලක් පිරිනැමිණ.

මොරටුව ක්‍රීඩා සමාජය පන්දුවාර 49.5 කදී සියලු දෙනා දැවී ලකුනු 231 යි – (පූර්ණ ප්‍රබාත් 92, දුමිඳු සෙව්මින 35, ප්‍රභාත් ජයසූරිය 15/4, කසුන් රජිත 60/2)

එස්. එස්. සී. කණ්ඩායම පන්දුවාර 40.4 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 236 යි – (නිපුන් ධනංජය 73*, අවිශ්ක ප්‍රනාන්දු 38, චරිත් අසලංක 37, දුමිඳු සෙව්මින 37/2, සහන් කෞෂල්‍ය 42/2)

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee