slc
logo
Home   |    News
ජූලි 4, 2025
පළමු තරගයෙන් ශ්‍රී ලංකා ‘ඒ‘ පිලට අමිහිරි පරාජයක්

sinhala editor

ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් සහභාගිවුණු පළමු තරගයෙන්ම ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම හමුවේ ලකුණු 198 ක අමිහිරි පරාජයක් අද (04 දා) අත් වින්දේය.

ඩාර්වින්හි පැවැති මෙම තරගයේදී කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා ඒ නායක ළහිරු උදාර පළමුව පන්දුවට පහර දීම සඳහා සත්කාරක කණ්ඩායමට ආරාධනා කර සිටියේය. ඒ අවසරයෙන් පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියානු ‘ඒ‘ ක්‍රීඩකයෝ නියමිත පන්දුවාර 50 අවසනදී කඩුලු 4 ක් පමණක් දැවී ලකුණු 332 ක් ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම හමුවේ ලබා දුන්හ. එම ඉනිම හඹා ගිය ශ්‍රී ලංකා පිලට සියලු දෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 134 ක් පමණි.

ශ්‍රී ලංකා ඉනිම ආරම්භයේදීම ලසිත් කෘෘස්පුල්ලේව ලකුණු ලබා ගැනීමට පෙරම දවා ගනු ලබන ඔස්ට්‍රේලියානු ‘ඒ‘ පන්දු යවන්නෝ අනතුරුව ළහිරු උදාරවත් ලකුණු 06 කට දවා ගනිමින් ශ්‍රී ලංකාවේ පෙරමුණ බිඳ දැම්මේය. කෙසේ වෙතත් තෙවැනි කඩුල්ලට එක් වන කමිල් මිශාර සහ සහන් ආරච්චිගේ වැටී තිබූ ඉනිම ගොඩ ගැනීමට උත්සාහයක් දරන ල්දදේ ලකුණු 38 ක් එක් කරමින්. එහිදී සහන් ලබාගන්නේ ලකුණු 05 ක් පමණි.

ශ්‍රී ලංකා ‘ඒ‘ පිල වෙනුවෙන් අභීතව පිත්ත හසුරුවීමට සමත් වන්නේ කමිල් මිශාර පමණක් වන අතර ඔහු ලකුණු 65 ක් ලබා දිටියදී දැවී ගියේය. පන්දු 79 කට මුහුණ දී සිටි වමත් පිතිකරුවා දැයී යන විට තම ඉනිම හතරේ පහර 7 කින් වර්ණවත් කරගෙන සිටියේය.

ශ්‍රී ලංකා ‘ඒ‘ ඉනිම බිඳ දැමීම වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වුනු සෑම් එලියට් ලකුණු 14 කට කඩුලු 5 ක් බිඳ දමද්දී බිලී සටැන්ලේක් ලකුනු 18 කට කඩුලු 3 ක් බිඳ හෙලූහ.

ඔස්ට්‍රේලියානු ‘ඒ‘ පිල වෙනුවෙන් අර්ධ ශතක 4 ක් වාර්තා වුණු අතර එහිදී වැඩිම ලකුණු ලාභියා බවට නේතන් මැක්ස්වීන් පත්විය. ඔහු පන්දු 63 කදී හතරෙ පහර 9 ක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 85 ක් ලබා ගත්තේය. ඊට අමතරව මැතිව් රෙන්සෝ ලකුණු 80 ක්ද ඔලිවර් පීක් වේගවත් පන්දු ප්‍රහාරයක් නියැළමින් පන්දු 38 කදී නොදැවී ලකුණු 55 ක් ලබා සත්කාරකයින්ගේ ලකුණු ලබා ගැනීමේ වේගය වැඩි කළේය. ඔහුන් තිදෙනාට අමතරව ජේසන් සංඝා පන්ද 65 කදී ලකුන 50 ක් ලබා ගනිමින් එස්ට්‍රේලියානු ‘ඒ‘ පිලේ සිව්වැනි අර්ධ ශතක ලාභියා බවට පත්වූවේය.

මෙම තරගාවලියේ දෙවැනි නිල නොලත් එක්දින තරගය මේ මස 06 වැනිදා ඩාර්වින් නුවරදීම පැවැත්වේ.

ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම පන්දුවාර 50 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 332 යි – (ජොස් පිලිප් 29, කැම්බෙල් කෙලවේ 20, ජේසන් සංගා 50, මැතිව් රෙන්ෂෝ 80, නේතන් මැක්ස්වීනි 85*, ඔලිවර් පීක් 55*)

ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම පන්දුවාර 35.4 කදී සියලු දෙනා දැවී ලකුණු 134 යි – (කමිල් මිශාර 65, පවන් රත්නායක 28, බිලී ස්ටැන්ලේක් 18/3, සෑම් එලියට් 14/5)

Active filters

Recent Posts

  • තුන්කොන් සටන හෙට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව, එංගලන්තය සහ සත්කාරක පාකිස්තානය සහභාගී වන තුන්කොන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 18 වැනිදා සිට 31 වැනිදා දක්වා පාකිස්තානයේ රාවල්පිණ්ඩි සහ ලාහෝර් නගර කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට […]
  • පාකිස්තානු යෞවනයෝ එකට එක කරති
    පාකිස්තාන වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් ලකුණු 151ක ජයක් වාර්තා කිරීමට සත්කාරක පාකිස්තාන […]
  • ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ තුන්කොන් ශූරතාව දිනති
    පාකිස්තානයේ ෆයිසලාබාද් නුවර ඉක්බාල් ක්‍රීඩාංගණයේදී පැවැති වයස අවුරුදු 19න් පහළ බාලිකා තුන්කොන් විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයෙන් බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ලකුණු 4කින් පරාජය කළ […]
  • අපරාජිත ශ්‍රී ලංකාවේ අවසන් අභියෝගය හෙට බංග්ලාදේශයෙන්
    පාකිස්තානයේ ෆයිසලාබාද්හි ඉක්බාල් ක්‍රීඩාංගණයේදී හෙට (ඔක්තෝම්බර් 16) පැවැත්වෙන කාන්තා වයස අවුරුදු 19න් පහළ විස්සයි විස්ස තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ බංග්ලාදේශයට එරෙහිව තරග […]
  • ශ්‍රී ලංකා 17න් පහළ පිලට ජයග්‍රාහී ආරම්භයක්
    පාකිස්තානයේ සංචාරයක නිරත ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ ක්‍රිකට් කණ්ඩායම, දෙරට අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 99ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සමත් […]

Pin It on Pinterest

USD United States (US) dollar