slc
logo
Home   |    News
ජූලි 31, 2025
ශ්‍රී ලංකා ක්‍රිකට් මූල්‍යමය අතින් ශක්තිමත් සහ ස්ථාවරයි

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ආර්ථික අර්බුදයකට මුහුණ දී ඇති බවට මේ දින වල සමාජ මාධ්‍ය හරහා පැතිර යන ප්‍රකාශ සම්පූර්ණයෙන්ම පදනම් විරහිත සහ ජනතාව නොමඟ යවන සුලු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දී සිටියි. නිවේදනයක් නිකුත් කරමින් මෙහිදී වැඩිදුරටත් කරුණු දක්වා සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, එහි දෛනික මෙහෙයුම් කමනාකරණය කරගෙන යෑමට මෙන්ම දිගු කාලීන සැලසුම් ක්‍රියාත්මක කිරීමටද ප්‍රමාණවත් මූල්‍ය ස්ථාවරත්වයක් පවතින බව තහවුරු කර සිටියි .

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනටමත් ඉන්දියාව සමග එක්ව 2026 වසරේදී අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් පැවැත්වීමට නියමිත පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය මෙන්ම මෙම වසරේ (2025) සැප්තැම්බර් මසදී පැවැත්වීමට නියමිත අයි. සී .සී කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග 11 ක් පැවැත්වීමට සූදානම්වීමේ කටයුතුවල සාර්ථකම නිරත වෙමින් සිටියි.

මේ ආකාරය දැවැන්ත තරගාවලි සාර්ථකව සංවිධානය කළ හැක්කේ හොඳ මූල්‍ය පදනමක් පැවැතියහොත් පමණක් බව පෙන්වා දෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, එම උත්සාහයන්හි කොටසක් ලෙස, රට පුරා ඉදිකර ඇති ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට අවශ්‍ය වන ප්‍රමිතීන්ට අනුකූලව වැඩි දියුණු කිරීම වෙනුවෙන් ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකරමින් පවතිනු ලබන බව වැඩිදුරටත් දැනුම් දී සිටියි.

මෙම ප්‍රතිසංස්කරණ වැඩසටහන්වලට සමගාමීව, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එහි ජාත්‍යන්තර ක්‍රීඩාංගණ හරහා සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමද දිගුකාලීන ආයෝජනයකට මුලපිරීමක් වනු ඇත. මෙම ‘හරිත උපායමාර්ගය‘ සැලසුම් කර ඇත්තේ ක්‍රීඩාවේ අනාගතය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අඛණ්ඩ මූල්‍ය ශක්තිය සඳහා දායකත්වයක් ලබා දෙන පරිසර හිතකාමී වැඩසටහනක් වශයෙනි.

මේ සියලු කටයුතු සිදුවන අතරේ ශ්‍රී ලංකා  ක්‍රිකට් ආයතනය බිම් මට්ටමේ සිට ජාතික මට්ටම දක්වා වූ ජාතික මාර්ගගත වැඩසටහන් සියල්ල කිසිදු බාධාවකින් තොරව ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් වන කටයුතු ද එලෙසින්ම පවත්වාගෙන යමින් සිටියි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යනු නිරන්තරයෙන්ම ක්‍රීඩාවේ ප්‍රවර්ධනය, පාරදෘෂ්‍යභාවය සහ ජාත්‍යන්තර මට්ටමේ මෙන්ම දේශීය ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කරලීම වෙනුවෙන් කැපවී සිටින බව නැවතත් තහවුරු කර සිටියි.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee