වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්රිකට් තරගාවලිය සඳහා සහභාගිවන වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්රිකට් තරගාවලිය සඳහා දක්ෂතාවයන්ගෙන් හෙබි ක්රීඩිකාවන් සොයා ගැනීම වස් ශ්රී ලංකා ක්රිකට් ආයතනය විසින් සංවිදානය කරනු ලබන අවු. 19 න් පහළ ශ්රී ලංකා නැෂනල් යූත් ලීග් බාළිකා පන්දුවාර විස්සයි-20 ක්රිකට් තරගාවලියේ පළමු ජයග්රහණය වාර්තා කිරීමට දඹුල්ල බාළිකා කණ්ඩායම සමත්විය. රත්මලාන ජනසතුසේවා ක්රීඩාංගණයේ මෙදින පැවැති අනෙක් තරගය වූ මහනුවර සහ කොළඹ අතර තරගය වර්ෂාව හේතුවෙන් ප්රතිඵල රහිත විය.
මෙහිදී පළමුව පන්දුවට පහර දුන් ගාල්ල කණ්ඩායම පන්දුවාර 15.1 කදී ලකුණු 82 කට සීමා කිරීමට නෙත්මි උපේක්ෂා ප්රමුඛ දඹුලු පන්දු යවන්නියෝ සමත්වූහ. මෙහිදී පන්දු යැවීමෙන් කැපී පෙනුණු නෙත්මිි ලකුණු 15 කට කඩුලු 3 ක් දවා ගනිද්දී චලනී කවීෂා සහ දනුලි තෙන්නකෝන් කඩුලු 2 බැගින් බිඳ හෙලූහ.
මෙම තරගයට වර්සාවෙන් බාධා පැමිණීම හේතුවෙන් ඊට පිළිතුරු ඉනිම ක්රීඩා කරන ලද දඹුල්ල කණ්ඩායමට ලකුණු 70 ක ඉලක්කයක් හිමි වූ අතර එය පන්දුවාර 13.1 කදී කඩුලු 4 ක් පමණක් දැවී සපුරා ගැනීමට ඔවුහු සමත්වූහ.
ගාල්ල අවු. 19 න් පහළ බාළිකා කණ්ඩායම පන්දුවාර 15.1 කදී සියලු දෙනා දැවීි ලකුණු 82 යි – (සෙත්මි නේහාරා 19, හිරුණි හංසිකා 21, නෙත්මි උපේක්ෂා 15/3, චලනි කවීෂා 20/2, දනුලි තෙන්නකෝන් 10/2)
දඹුල්ල අවු. 19 න් පහළ බාළිකා කණ්ඩායම පන්දුවාර 13.1 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 71 යි – (නෙත්මි උපේක්ෂා 17, ශයනි තෙන්නකෝන් 20, චමෝද් හේරත් 06/2)
මහනුවර සහ කොළඹ අතර තරගය වර්ෂාව හේතුවෙන් විසඳුමක් නෑ මහනුවර අවු. 19 න් පහළ බාළිකා කණ්ඩායම පන්දුවාර 12.3 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 47 යි (චංචලා බෝලවත්ත 10, ප්රමුධි මෙත්සරා නොදැවී 18, විනුදි වීරසූරිය 05/1)





