slc
logo
Home   |    News
අගෝස්තු 9, 2025
ඔස්ට්‍රේලියානු අග්‍රආණ්ඩුකාරවරිය ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයට – ක්‍රිකට් ක්‍රීඩාවේත් නිරත වෙයි

sinhala editor

ශ්‍රී ලංකාවේ පස්දින නිල සංචාරයක නිරතව සිටින ඔස්ට්‍රේලියානු අග්‍රආණ්ඩුකාරවරිය වන සෑම් මොස්ටින් මහත්මිය අද (09 දා) උදෑසන ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩංගණයේ සංචාරයක නිරත විය.

ශ්‍රී ලංකාවේ, ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා වන පෝල් ස්ටීවන්ස් මහතා සමඟ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයට පැමිණි ඒ මහත්මිය ගාල්ල දිස්ත්‍රික් වයස අවුරුදු 13 න් සහ 15 න් පහළ සංචිත ගත කොට ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමඟින් ක්‍රිකට් ක්‍රීඩාවේද නිරත වීම කැපී පෙනිණ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගරු ලේකම් බන්දුල දිසානායක මහතා ඇතුළු ක්‍රිකට් ආයතනය බලධාරීන් විසින් ඔස්ට්‍රේලියානු අග්‍රආණ්ඩුකාරවරිය ඇතුළු පිරිස උණුසුම් ලෙස පිළිගත් අතර අනතුරුව, ලේකම්වරයා විසින්, ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය සතු පෞඪ ඉතිහාසය පිළිබඳව වූ කෙටි අවබෝධයක් ද ඔවුන් වෙත ලබා දෙනු ලැබීය.

ඔස්ට්‍රේලියානු අග්‍රආණ්ඩුකාර ධුරයක් දරන්නකු ශ්‍රී ලංකාවට පැමිණි පළමු අවස්ථාව ලෙසින් සනිටුහන් වන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර ශක්තිමත් ක්‍රීඩා සබඳතා අවධාරණය කරමින්, ඔවුන් සමග ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත ළාබාළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත ක්‍රිකට් උපකරණ බෙදා දීමද මොස්ටින් මහත්මිය අතින් සිදුකෙරිණ.

මෙම අවස්ථාවට ගාල්ල දිස්ත්‍රික්කයේ දිසාපතිවරයා ලෙසින් කටයුතු කරන ධර්මසිරි වීරතුංග, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජාත්‍යන්තර ක්‍රිකට් අංශ ප්‍රධානී චන්දිම මාපටුන, ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික සංවර්ධන අංශයේ ප්‍රධානී කමල් ධර්මසිරි, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පරිපාලන ප්‍රධානී අරුණ ද සිල්වා මෙන්ම ගාල්ල දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ ලේකම් මහේෂ් සංජීව යන මහත්වරුද සහභාගිවූහ.

බ්‍රිතාන්‍යෙය් කිරුළ දරන තුන්වැනි චාල්ස් රජුගේ නියෝජිතයා ලෙසට බලතල හිමිව ඇත්තේ ඔස්ට්‍රේලියාවේ රාජ්‍ය නායකත්වය ලෙස සැලකෙන අග්‍රආණ්ඩුකාර ධුරයට වන අතර එරට සන්නද්ධ හමුදාවන්ගේ සේනාධිනායකයා ලෙසින්ද සෑම් මොස්ටින් මහත්මිය කටයුතු කරන්නීය.

Active filters

Recent Posts

  • හොංකොං සික්සර්ස් යන ශ්‍රී ලංකා පිලේ නායකත්වය සංගීත් කුරේට
    ඔක්තෝබර් 30 වැනිදා සිට නොවැම්බර් 01 වැනිදා දක්වා හොංකොංහිදී පැවැත්වීමට නියමිත 2026 හොංකොං සික්සර්ස් ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩකයන් හත්දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුමැතිය හිමිව තිබේ. […]
  • මෙන්ඩිස්ලා ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා රැගෙන යති
    කුසල් මෙන්ඩිස්ගේ නොබිඳුණු ලකුණු 87ත්, කමිඳු මෙන්ඩිස්ගේ නොදැවුණු ලකුණු 40ත් එක්වූ විශිෂ්ට පිතිහරඹයෙන් ශ්‍රී ලංකාව පාකිස්තානයට එරෙහිව අද (13 දා) පැවැති තෙවැනි විස්සයි-20 තරගයෙන් කඩුලු අටක පහසු ජයක් වාර්තා […]
  • අංජල ටෙස්ට් දොරටුව අභියසට – එෂාන් මාලිංගත් ටෙස්ට් සංචිතයට
    පාකිස්තානය සමඟ පැවැත්වීමට නියමිත තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතයට යොවුන් කඩුලු රකින්නකු සහ පිතිකරුවකු වන අංජල බණ්ඩාර ඇතුළත් කර තිබේ. සීමිත […]
  • ශ්‍රී ලංකා බාළිකාවෝ අවසන් සටනට සුදුසුකම් ලබා ගනිති
    පාකිස්තානයේ පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ කාන්තා විස්සයි-20 තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අටවැනි තරගයෙන් සත්කාරක පාකිස්තාන කණ්ඩායම කඩුලු 6කින් පරාජය කිරීමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ සමත් වූහ. ඒ සමගම […]
  • දෙවැනි විස්සයි-20 ත් පාකිස්තානුවෝ ජය ගනිති
    මාස් සදාකත්ගේ වේගවත් ලකුණු 96ත්, නායක සහිබ්සාදා ෆර්හාන්ගේ ලකුණු 73ත් හමුවේ දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළ පාකිස්තාන කණ්ඩායම, ශ්‍රී ලංකාවට එරෙහිව රාවල්පිණ්ඩිහිදී පැවැති දෙවැනි විස්සයි-20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee