slc
logo
Home   |    News
අගෝස්තු 7, 2025
පානදුර ජයග්‍රහණයට කාලය හරස් වෙයි

sinhala editor

 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ අවුරුදු 23න් පහළ නැගි එන කණ්ඩායම් අතර දෙදින ක්‍රිකට් තරගාවලියේ බදදා සහ බ්‍රහස්පතින්දා (06, 07) දිනවල පාණදුර මහජන ක්‍රීඩාංගණයේ පැවැති රාගම ක්‍රිකට් සමාජය සහ පාණදුර ක්‍රිකට් සමාජය අතර තරගයේ දී පාණදුර කණ්ඩායම ජයග්‍රහණය පෙනි පෙනී තිබිය දී කාලය හරස්වීමෙන් තරගය ජය පැරැදුමින් තොරව කෙළවර විණි.

 රාගම ප්‍රථම ඉනිමේ දී ලකුණු 194කට දැවී  යාමෙන් පසු පාණදුර කණ්ඩායම ප්‍රථම ඉනිමේ දී කඩුලු 8කට ලකුණු 349ක් ලබා සිය වාරය අවසන් කරන විට මුල් ඉනිමේ දී ලකුණු 155කින් ඉදිරියෙන් පසු විය. රාගම දෙවන ඉනිමේ දී ද රැස් කළේ ලකුණු 175කි.

 තරගයෙන් ජය ගැනීමට පාණදුර කණ්ඩායමට දෙවන ඉනිමේ දී ලකුණු 21ක් පමණක් අවශ්‍ය වුවත් මේ දෙදින තරගයේ කාලය නිමවීමෙන් තරගය විසඳුමකින් තොරව නිම විණි. එහෙත් ප්‍රථම ඉනිමේ ජය පාණදුර කණ්ඩායමට අත්විණි.

 පාණදුර කණ්ඩායම ප්‍රථම ඉනිමේ දී කඩුලු 8කට ලකුණු 349ක් රැස් කිරීමේ දී හොඳම සබඳතාවය වාර්තා වුයේ කණ්ඩායමේ අංක හතර පිතිකරු දෙනෙත් පීරිස් (76) සහ අංක පහ පිතිකරු කාංචන ඩි ලිවේරා (52) පන්දුවාර 18.4ක දී රැස් කළ ලකුණු 109ක සබඳතාවයයි.

 පාණදුර ක්‍රීඩා සමාජයේ පිතිකරුවන් සිව්දෙනෙකුම අර්ධ ශතක රැස් කිරීම එම ඉනිමේ විශේෂත්වයකි. එම පිතිකරුවන් වුයේ ලකුණු 74ක් රැස් කළ දෙනෙත් පීරිස් (පන්දු 107යි හතරේ 11යි) ලකුණු 59ක් රැස් කළ කවිඳු අමාමෙත් (පන්දු 112යි හතරේ 8යි) ලකුණු 57ක් රැස් කළ සසිඳු මල්ෂාන් (පන්දු 44යි හතරේ නවයයි) සහ ලකුණු 52ක් රැස් කළ කාංචන ඩි ලිවේරා ය. (පන්දු 48යි හතරේ පහයි හයේ දෙකයි)

 රාගම කණ්ඩායම දෙවන ඉනිමේ දී ලකුණු 175ක් රැස් කරන විට එහි වැඩිම ලකුණු ලාභියා වු සනිතු අමරසිංහ ලකුණු 63ක් රැස් කළේ පන්දු 77ක දී හතරේ අටක් සහ හයේ පහර දෙකක් සමගය.

 මේ තරගයේ දී දක්ෂ පන්දු යැවීමක නිරත වු පාණදුර කණ්ඩායමේ මෙවිඳු කුමාරසිරි ප්‍රථම ඉනිමේ දී ලකුණු 40කට කඩුලු හයක් ද දෙවන ඉනිමේ දී ලකුණු 24කට කඩුලු තුනක් ද දවාලුහ.

රාගම පළමු ඉනිම සියල්ල දැවී 194 (පන්දුවාර 51.1යි)

 (දෙනුර දිමන්සිත් 72, යෝෂිත ඉසුරංග 50, මලීෂ සිල්වා 26, මෙවිඳු කුමාරසිරි 40/6, සහන් මිහිර 38/2, විශ්ව ළහිරු කුමාර 55/2)

 පානදුර පළමු ඉනිම කඩුලු 8ට 349 (පන්දුවාර 78යි)

 (දෙනෙත් පීරිස් 76, කවිඳු අමාමෙත් 59, සසිඳු මල්ෂාන් 57, කාංචන ඩි ලිවේරා 52, චාර්ය පරණවිතාන 39, දුරන්ක සිල්වා 17, යසාන් අවිශ්ක 15, ෂෙවාන් මෝසස් 48/2, දසිත් ගුණතිලක 62/2, නිසල සන්දිව් 40/2යි)

 රාගම දෙවන ඉනිම සියල්ල දැවී 175යි (පන්දුවාර 51.4යි)

 (සනිතු අමරසිංහ 63, යෝසිත් ඉසුරංග 24, දසිත් ගුණතිලක 23, මල්ෂා සිල්වා 22, නිසලිත සන්දිව් 19, විශ්ව කුමාර 61/4, මෙළිඳු කුමාරසිරි 24/3, දෙනෙත් පීරිස් 31/2යි)

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

USD United States (US) dollar