slc
logo
Home   |    News
අගෝස්තු 25, 2025
මොරටුවේ ඉසුල සහ උෂාන්ගෙන් කැපී පෙනෙන දස්කම්

sinhala editor

නැගීඑන වයස්වල ක්‍රීඩකයින්ගේ දක්ෂතා දැක බලා ගැනීමේ අදිටනින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 23 න් පහළ අන්තර් ක්‍රීඩා සමාජ දෙදින ක්‍රිකට් තරගාවලිය යටතේ අද (25 දා) අවසන් වුණු තරග 2 කදී කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට මොරටුව ක්‍රීඩා සමාජයේ ඉසුල නිඳුවර සහ උෂාන් සත්සර සමත්වූහ.

හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව මොරටුව ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී ඉසුල ලකුණු 106 ක්ද උෂාන් ලකුණු 45 කට කඩලු 5 ක් දවා ගනිමින් පන්දුවෙන් ද දස්කම් දැක්වූහ.

පිත්තෙන් දස්කම් දැක්වූ ඉසුලගේ ශතකය ප්‍රධාන කොට මොරටුව ක්‍රීඩා සමාජය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 331 ක් රැස් කිරීමට අවස්ථාව උදාවිය. පන්දු 272 කට මුහුණ දුන් කඩුලු රැකීමේ කර්තව්‍යද ඉටු කරන ඉසුල තම ඉනිම සඳහා හයේ පහරක් සහ හතරේ පහර 6 ක් එල්ල කර තිබුණේය. ඔහුට අමතරව සහන් කෞෂල්‍ය පන්දු 120 කදී ලකුණු 97 ක් ලබා පිත්තෙන් දස්කම් දැක්වූවේය.

 මොරටුව කණ්ඩායම ලබා දුන්  පළමු ඉනිමට පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේදී උෂාන් සත්සරගේ දක්ෂ පන්දු යැවීම ප්‍රධාන කොට චිලව් මේරියන්ස් කණ්ඩායමට පළමු ඉනිම වෙනුවෙන් රැස් කර ගත හැකි වූයේ ලකුණු 208 ක් පමණි.

පළමු ඉනිමේදී ලකුණු 123 පළමු ඉනිමෙන් පිටුපස සිටීම නිසා නැවතත් පිට පිටම දෙවැනි වතාවටත් පන්දුවට පහර දීමේ අවස්ථාව චිලව් මේරියන්ස් කණ්ඩායම වෙත ලබා දීමට මොරටුව ක්‍රීඩා සමාජයට හැකියාව ලැබිණ. කෙසේ වෙතත් දිනය අවසන් වන විට නැවතත් සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි චිලව් මේරියන්ස් කණඩායම කඩුල්ලක් දැවී ලකුණු 47 ක් ලබා සිටියේය.

මේ අතර අනුරාධපුරයේදී පැවැති යුනයිටඩ් සදර්න් සහ නුගේගොඩ කණ්ඩායම් අතර තරගයද ජය පැරදුමෙන් තොරව නිමාවට පත් විය. පළමුව පන්දුවට පහර දුන් යුනයිටඩ් සදර්න් කණ්ඩායමට පළමු ඉනිම වෙනුවෙන් රැස් කර ගත හැකි වූයේ ලකුණු 54 ක් පමණක් වුවත්, දෙවැනි ඉනිමේ තරගය හමාර කරන විට කඩුලු 8 ක් දැවී ලකුණු 167 ක් ලබා ගනිමින් තරගය ජය පැරදුමෙන් තොරව අවසන් කර ගත්තේය. යුනයිටඩ් සදර්න් කණ්ඩායම පළමු ඉනිමේදී අසරණ කිරීම වෙනුවෙන් කැපී පෙනෙන පන්දු යැවීමක නිරත වුණු නුගේගොඩ ක්‍රීඩා සමාජයේ දහම් නිර්මාල් ලකුණු 19 කට ප්‍රතිවාදී පිලේ කඩුලු 6 ක් දවා ගත්තේය.  

මෙම තරගයේදී නුගේගොඩ ක්‍රීඩා සමාජය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 231 ක් ලබා ගත් අතර එහිදී පුළිඳු පෙරේරා ලකුණු 59 ක් ලබා ගත්තේය. පිතිහරඹයට අමතරව පන්දු යැවීමෙන්ද දස්කම් දැක්වූ පිළිඳු යුනයිටඩ් සදර්න් කණ්ඩායමේ දෙවැනි ඉනිමේදී කඩුලු 4 ක් ලකුණු 25 කට දවා ගනිමින් තුන් ඉරියව්වෙන් දක්ෂතා දැක්වූවේය.

වැඩි ගෞරව මොරටුවට

මොරටුව ක්‍රීඩා සමාජය පළමු ඉනිම පන්දුවාර 103.3 කදී සියලු දෙනා දැවී ලකුණු 331 යි – (ඉසුල ඉඳුවර 106, සහන් කෞෂල්‍ය 97, දුමින්ද සෙව්මිණ 30, අභිසේක් ලියනාරච්චි 27, සසිඳු බෙත්තගේ 20, ඩිලාන් දම්සර 66/4, තිමිර ඉරුෂික 75/3)

චිලව් මේරියන්ස් පළමු ඉනිම පන්දුවාර 62.3 කදී සියලු දෙනා දැවී ලකුණු 208 යි – (දර්ශක සංදීප් 53, සකුන ලියනගේ 43, තරිඳු අමරසිංහ 31, තෙව්මින් අමරසිංහ 28, හිරාන් ජයසුන්දර 23, උෂාන් සත්සර 45/5, දුමිඳු සෙව්මිණ 59/3) සහ දෙවැනි ඉනිම පන්දුවාර 10 කදී කඩුල්ලක් දැවී ලකුණු 47 යි – (තරිඳු අමරසිංහ 30*)

යුනයිටඩ් සදර්න් සහ නුගේගොඩ අතර තරගය විසඳුමක් නෑ

යුනයිටඩ් සදර්න් පළමු ඉනිම පන්දුවාර 16.2 කදී සියලු දෙනා දැවී ලකුණු 54 යි – (පෙසඳු සංජන් 25, දහම් නිර්මාල් 19/6, අබ්දූල් හකම් 12/2, පසිඳු පැතුම් 22/2) සහ දෙවැනි ඉනිම පන්දුවාර 78.5 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 167 යි – (හංස එෂාන් 49, සෙනිර ලිත්මින් 25*, තමිඳු ප්‍රදීප්ත 24, පුළිඳු පෙරේරා 25/4)

නුගේගොඩ ක්‍රීඩා සමාජය පළමු ඉනිම පන්දුවාර 60.3 කදී සියලු දෙනා දැවී ලකුනු 231 යි – (පුළිඳු පෙරේරා 59, අභිෂේක් ආනන්දකුමාර 32, පසිඳු පැතුම් 31, අභිෂේක් ජයවීර 25, දහම් නිර්මාල් 23, සිතුක ගුණවර්ධන 60/4, සසංක නිර්මාල් 81/4, හිමාල් රවිහංස 74/2)

Active filters

Recent Posts

  • ඉන්දීය යොවුන් පිතිකරුවන්ගෙන් සාර්ථක ආරම්භයක්
    ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (20) ආරම්භ වූ දෙවැනි යොවුන් ටෙස්ට් ක්‍රිකට් […]
  • ඉන්දීය ටෙස්ට් පිල අගෝස්තුවේ ශ්‍රී ලංකාවට
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිය විසින් පවත්වනු ලබන අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතා 2025-2027 තරගාවලියට අයත් තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් සඳහා ඉන්දීය ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායම 2026 අගෝස්තු මාසයේදී ශ්‍රී […]
  • ජනිත් ලියනගේ කලම්බු කැප්ස්ට ජය ගෙන එයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ පස්වැනි තරගයේදී ජනිත් ලියනගේ හා ජේම්ස් නීෂම් ගොඩනැගූ නොබිඳුණු පස්වැනි කඩුල්ලේ සබඳතාවයේ ශක්තිය හේතුවෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායම කඩුලු 6කින් පරාජය කිරීමට කලම්බු […]
  • ‘රෝස පැහැ‘ ගැන්වුණු තරගයේ ජය ජැෆ්නා කිංග්ස්ට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කළ ‘රෝස තරගය’ […]
  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]

Pin It on Pinterest

USD United States (US) dollar