slc
logo
Home   |    News
අගෝස්තු 22, 2025
සී.සී.සී. සහ ඒස් කැපිටල් ප්‍රථම ඉනිමේ ජය

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන අවුරුදු 23න් පහළ අන්තර් සමාජ නැගී එන කණ්ඩායම් අතර දෙදින ක්‍රිකට් තරගාවලියේ බ්‍රහස්පතින්දා සහ සිකුරාදා (21 සහ 22) පැවැති තරග දෙකේ දී සී.සී.සී. සහ ඒස් කැපිටල් කණ්ඩායම් පළමු ඉනිමේ ජයග්‍රහණ අත්කර ගත්තේය. මීට අමතරව අද (22) එන්.සී.සී. ක්‍රීඩාංගණයේ දී ආරම්භ වු එන්.සී.සී. සහ නාවික හමුදාව අතර තරගයේ දී එන්.සී.සී. කණ්ඩායම පළමුව පන්දුවට පහර දී ලකුණු 263ක් රැස් කළේය.

  ඒස් කැපිටල් සහ කොළඹ මැලේ අතර තරගයේ දී ඒස් කැපිටල් ප්‍රථම දින කඩුලු 8කට රැස් කළ ලකුණු 378ට පිළතුරු ලෙස කොළඹ මැලේ කණ්ඩායම ප්‍රථම ඉනිමේ දී ලකුණු 125කට දැවී ගිය අතර ඒස් කැපිටල් කණ්ඩායමේ වනුජ සහන් සහ රවීන් ද සිල්වා කඩුලු හතර බැගින් දවාලුහ.  මැලේ කණ්ඩායම දෙවන ඉනිමේ දී තරගය නිම වන විට කඩුලු 9කට ලකුණු 247ක් රැස් කර ඉනිම දෙකේදීම ලකුණු 372ක් රැස් කර ඒස් කැපිටල් මුල් ඉනිමට වඩා ලකුණු හයක් පිටුපසින් පසු විය.

 සී.සී.සී. –  ලියෝ කණ්ඩායම අතර තරගයේ දී සී.සී.සී. පළමු ඉනිමේ රැස් කළ ලකුණු 327ට පිළිතුරු ලෙස ලියෝ කණ්ඩායම පළමු ඉනිමේ දී කඩුලු 9කට ලකුණු 174ක් ද දෙවන ඉනිමේ දී කඩුලු 7කට ලකුණු 153ක් ද ලබා ඉනිම දෙකේදීම සී.සී.සී. මුල් ඉනිමේ ලකුණු 327 සම කර සිටියේය.

 එන්.සී.සී. ක්‍රීඩාංගණයේ අද ආරම්භ වු එන්.සී.සී. සහ නාවික හමුදාව අතර තරගයේ දී මුලින් පන්දුවට පහර දුන් එන්.සී.සී. වෙනුවෙන් නායක ජීවක ශෂින් ලකුණු 60ක් ද (පන්දු 90යි හතරේ පහයි) උවින් පෙරේරා ලකුණු 58ක් ද (පන්දු 55යි හතරේ හයයි හයේ දෙකයි) අර්ධ ශතක රැස් කළහ.

 සී.සී.සී. – ලියෝ සමාජ අතර තරගයේ දී සී.සී.සී. මුල් ඉනිම වෙනුවෙන් ලකුණු 68ක් රැස් කළ ඉනුක කරන්නාගොඩ පන්දු යැවීමේ දී මුල් ඉනිමේ දී ලකුණු 31කට කඩුලු තුනක් සහ දෙවන ඉනිමේ දී ලකුණු 72කට කඩුලු පහක් දවා (සම්පූර්ණ තරගයේ දී කඩුලු 8ක්) තුන් ඉරියව්වේදීම දස්කම් දැක්විය.

•           ඒස් කැපිටල් – කොළඹ මැලේ ක්‍රිකට් (ඒස් කැපිටල්ට පළමු ඉනිමේ ජය)

 ඒස් කැපිටල් පළමු ඉනිම කඩුලු 8ට 378 (පන්දුවාර 76.3)

 (පවන් පතිරාජ 153, ටනුජ රාජපක්ෂ 53, තීරක රණතුංග 47, රනේෂ් සිල්වා 45, ළහිරු අබේසිංහ 33, නිමන් උමේෂ් 90/3, කවීෂ සත්සර 64/1)

කොළඹ මැලේ ක්‍රිකට් සමාජය පළමු ඉනිම සියල්ල දැවී  125යි (පන්දුවාර 42.1යි)

 (පුලස්ති අතපත්තු 32, හිරන්ත ජයසිංහ 31, කෙවින් සැමුවල් 23, වෝෂිත අමරසිංහ 11, වනුජ සහන් 44/4, රවීන් ද සිල්වා 16/4, සනිතු විජේරත්න 28/2)

 කොළඹ මැලේ කණ්ඩායම දෙවන ඉනිම කඩුලු 9ට 247යි (පන්දුවාර 64යි)

 (වෝෂිත අමරසිංහ 45, කෙවින් සැමුවල් 39, නිමන් උමේෂ් 29, ධනංජය එදිරිසිංහ 29, විදුනෙත් විල්සන් 25, හිරන්ත ජයසිංහ 14, තිසර ඒකනායක 50/4, රවීන් ද සිල්වා 24/2යි)

•           සී.සී.සී – ලියෝ ක්‍රිකට් සමාජය (සී.සී.සී.ට පළමු ඉනිමේ ජය)

 සී.සී.සී. පළමු ඉනිම සියල්ල දැවී 327 (පන්දුවාර 77.5)

 (අංජල බණ්ඩාර 74, ඉනුක කරන්නාගොඩ 68, සහන් කෝසල 60, සෙත්රු ප්‍රනාන්දු නොදැවී 27, දුල්නිත් සිගේරා 27, පවන් සංදේශ් 27, විශ්ව රාජපක්ෂ 101/4, ඕෂධ ගිම්හාන් 68/3, ගිත්මින් කොළඹගේ 57/2)

ලියෝ ක්‍රිකට් සමාජය පළමු ඉනිම කඩුලු 9ට 174යි (පන්දුවාර 49යි)

 (පූර්ණ කල්හාර 43, නෙත්ම කරුණාරත්න 40, අවින්ත ද අල්විස් 22, ඕෂධ ගිම්හාන 19, රමිත් බණ්ඩාර 15, ඉනුක කරන්නාගොඩ 31/3, දුවිඳු රණතුංග 31/2, හිරුෂ දෙව්මිත 40/2, සෙත්රු ප්‍රනාන්දු 25/2යි)

 ලියෝ ක්‍රිකට් සමාජය දෙවන ඉනිම කඩුලු 7ට 153 (පන්දුවාර 45.4)

 (ජනිත් මිහිරංග 56, ස්ටීවන් ප්‍රනාන්දු 37, ඕෂද ගිම්හාන් නොදැවී 18, පූර්ණ කල්හාර 18, ඉනුක කරන්නාගොඩ 72/5, තිසර ඒකනායක 44/2යි)

එන්.සී.සී. – නාවික හමුදාව ක්‍රිකට් සමාජය (එන්. සී.සී. ක්‍රීඩාංගණයේ දී)

එන්.සී.සී. පළමු ඉනිම සියල්ල දැවී 263 (පන්දුවාර 67.1)

(ජීවක ශෂින් 60, උවින් පෙරේරා 58, විනුක රූබසිංහ 39, රෆායල් හෙට්ටිගේ 34, ඉෂාන් හෙට්ටිආරච්චි 26, ඩිලාල් අමරසිංහ 19, ඉෂාන් අනුරාධ 86/3, හංසජ ජයසිංහ 52/2, කවික ජයසුන්දර 31/2)

 නාවික හමුදාව පළමු ඉනිම කඩුලු 4ට 84යි (පන්දුවාර 20යි)

 (උවිදු පෙරේරා 47, රුවින් ෆොන්සේකා 12, සුමල්ක ප්‍රනාන්දු 11, ශක්ති උදාර 23/2, රනුක හෙට්ටිආරච්චි 31/1යි)

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee