ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන අන්තර් සමාජ අවුරුදු 23න් පහළ නැගී එන කණ්ඩායම් අතර දෙදින ක්‍රිකට් තරගාවලියේ අද (24) සංගීත් ෂෙහාර, තත්සර එෂාන් සහ තරිඳු ශතක රැස් කිරීමට සමත් වුහ. මේ අතර මෙවර තරගාවලියේ මෙතෙක් ඉනිමක දී දක්ෂතම පන්දු යැවීම වාර්තා කිරීමට ටැමිල් යුනියන් කණ්ඩායමේ විහස් තෙව්මික සමත්වූවේය. එස්.එස්.සී. පිලට එරෙහිව පළමු ඉනිමේ දී විහස් විසින් ලකුණු 122කට කඩුලු නවයක් බිඳ දමමින් මෙවර තරග වාරයේ ඉනිමක හොඳම පන්දු යැවීම වාර්තා කළේය.
විහස් විසින් අද දිනයේදී බිඳ දමන ලද්දේ මීට පැය 24 කට පෙර බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයේ තරින්ද නිර්මාල් විසින් ගාලු ක්‍රීඩා සමාජයට එරෙහිව පැවැති තරගයේදී වාර්තා කරන ලද ලකුණු 46 කට කඩුලු 8 ක දක්ෂතාව විය. දකුණතින් පිට දඟ පන්දු යවන විහස් තෙව්මික කොළඹ තර්ස්ටන් විදුහල නියෝජනය කරමින් වයස අවුරුදු 19 න් පහළ ජාතික කණ්ඩායමද නියෝජනය කිරීමට වරම් ලැබූවෙකි.
පොලීසිය සහ කැන්ඩි කස්ටම් තරගයේ දී පොලීසියේ සංගීත් ෂෙහාර පන්දු 183ක දී හතරේ 12ක් සමග ලකුණු 118ක් ද පාණදුර ක්‍රීඩා සමාජය සහ නිගම්බු ක්‍රීඩා සමාජය අතර තරගයේ දී නිගම්බු කණ්ඩායමේ තත්සර එෂාන් පන්දු 184ක දී හතරේ පහර 11ක් සමග නොදැවී ලකුණු 115ක් ද බ්ලුම්ෆීල්ඩ් සහ ගෝල් ක්‍රීඩා සමාජය අතර තරගයේ දී බ්ලුම්ෆීල්ඩ් කණ්ඩායමේ තරිඳු හර්ෂණ පන්දු 190ක දී හතරේ පහර දහයක් සමග නොදැවී ලකුණු 104ක් ද රැස් කළහ.
මීට අමතරව මොරටුව ක්‍රීඩා සමාජය සහ හලාවත මේරියන්ස් අතර තරගයේ දී මොරටුව කණ්ඩායමේ නායක සහන් කෞශල්‍ය පන්දු 120ක දී හතරේ පහර 13ක් සමග ලකුණු 97ක් රැස් කළේය.
ටැමිල් යුනියන් සමග තරගයේ දී එස්.එස්.සී. කණ්ඩායමේ ගිෂාන් බාලසූරිය ලකුණු 144කට කඩුලු හයක් ද යුනයිටඩ් සදර්න් – නුගේගොඩ අතර තරගයේ දී නුගේගොඩ කණ්ඩායමේ දහම් නිර්මාල් ලකුණු 19කට කඩුලු හයක් ද බදුරලිය සහ යුද හමුදාව අතර තරගයේ දී යුද හමුදාවේ ෂෙනාල් සමරතුංග ලකුණු 26 කට කඩුලු හයක් ද දවාලුහ.
යුද හමුදාව, පාණදුර ක්‍රීඩා සමාජය, එස්.එස්.සී., පොලීස් ක්‍රීඩා සමාජය සහ බ්ලුම්ෆීල්ඩ් පළමු ඉනිමේ ජයග්‍රහණ අත්කර ගැනීමට සමත් විණි.
ලකුණු විස්තරය
- බදුරලිය – යුද හමුදාව (යුද හමුදාවට පළමු ඉනිමේ ජය)
බදුරලිය පළමු ඉනිම සියල්ල දැවී 211 (පන්දුවාර 72.4)
(ජනෙත් කෞෂාල් 64, යෙනුල දෙව්තුසා 60, දිනාල් ඉඳුවර 27, ශානික්‍ය දේශප්‍රිය 25, විහංග ඉරංජන 58/3, අමිල පෙරේරා 17/2)
යුද හමුදා ක්‍රීඩා සමාජය පළමු ඉනිම සියල්ල දැවී 214 (පන්දුවාර 72.5යි)
(අමිල පෙරේරා 52, අෂාන් සුදර්ශන 48, දිමන්ත අරූෂ 40, උමේෂ් ද සිල්වා 20, ෂෙනාල් සමරතුංග 19, බ්‍රයන් හංසජ 46/4, සඳුන් මෙන්ඩිස් 68/3)
බදුරලිය දෙවන ඉනිම සියල්ල දැවී 74යි (පන්දුවාර 44.3)
(යෙනුල දෙව්තුසා 34, ෂෙහාන් මධුශංක 08, ෂෙනාල් සමරතුංග 26/6, විහඟ ඉරංජන 11/2)
- පාණදුර ක්‍රීඩා සමාජය – නිගම්බු ක්‍රිකට් සමාජය (පාණදුර ක්‍රීඩා සමාජයට පළමු ඉනිමේ ජය)
පාණදුර ක්‍රීඩා සමාජය පළමු ඉනිම කඩුලු 8ට 361 (පන්දුවාර 78යි)
(චාර්ය පරණවිතාන 98, සසිඳු මල්ෂාන් 74, දුරන්ක සිල්වා 65, සෙනිත හැළඹගේ 31, කාංචන ඩි ලිවේරා 26, කවිඳු අමමෙත් 17, අමිත පෙරේරා 114/3, ෂෙහාන් ප්‍රමෝද් 155/3, හංසජ හිරුණ 76/2)
නිගම්බු ක්‍රිකට් සමාජය පළමු ඉනිම කඩුලු 7ට 323යි (පන්දුවාර 103යි)
(තත්සර එෂාන් නොදැවී 115, හසිඳු සෙව්මිණ කවිරත්න 61, ලෙෂ්ටර් ජයවීර 43, අමිත පෙරේරා 35, වගීෂ පෙරේරා 24, මොහමඩ් මුර්ෂාඩ් නොදැවී 20, සෙනිත හැළඹගේ 67/2, සහන් මිහිර 42/2)
- ටැමිල් යුනියන් – එස්.එස්.සී. (එස්.එස්.සී. පළමු ඉනිමේ ජය)
ටැමිල් යුනියන් පළමු ඉනිම සියල්ල දැවී 192 (පන්දුවාර 48.4යි)
(ෂානුක ගලගොඩ 69, ෂරුජන් ෂන්මුගනාදන් 33, විහස් තෙව්මික නොදැවී 25, නරේන් මුරලිදරන් 18, සිනෙත් ජයවර්ධන 13, මෙවන් දිසානායක 12, ගිෂාන් බාලසූරිය 54/4, චමිඳු වික්‍රමසිංහ 26/1)
එස්.එස්.සී. පළමු ඉනිම සියල්ල දැවී 344 (පන්දුවාර 65.2යි)
(චමිඳු වික්‍රමසිංහ 66, දිනුර කළුපහන 63, ෂෙවොන් ඩැනියල් 52, රනුක් ජයසූරිය 43, නදීෂ ආකාෂ් 42, සදීෂ රාජපක්ෂ 26, කෙනුල් ද සොයිසා 15, විහස් තෙව්මික 122/9)
ටැමිල් යුනියන් දෙවන ඉනිම සියල්ල දැවී 352 (පන්දුවාර 56)
(ෂානුක ගලගොඩ 77, නරේන් මුරලිදරන් 74, සිනෙත් ජයවර්ධන 59, කවිඳු නිර්මාණ 32, ෂරුජන් ෂන්මුගනාදන් 28, ගිෂාන් බාලසූරිය 144/6)
- කැන්ඩි කස්ටම් – පොලිස් ක්‍රීඩා පොලිස් ක්‍රීඩා සමාජයට පළමු ඉනිමේ ජය)
කැන්ඩි කස්ටම් පළමු ඉනිම සියල්ල දැවී 195 (පන්දුවාර 53.5)
(ප්‍රමේෂ් මධුභාෂණ 67, චෙහාන් සුබසිංහ 39, අයේෂ් ශෂිමාල් 26, සුධීර වීරරත්න 25, මිහිඳු සිල්වා 15, පූර්ණ සුලක්ෂණ 55/4, රශ්මික පෙරේරා 32/3, දමිත් කැප්පගොඩ 47/2)
පොලීසිය පළමු ඉනිම සියල්ල දැවී 289 (පන්දුවාර 75යි)
(සංගීත් ෂෙහාර 118, සුපුන් ප්‍රනාන්දු 37, බුද්ධික සහන් 27, අවීෂ ෂමාෂ් 24, දමිත් කැප්පගොඩ 15, අයේෂ් ශෂිමාල් 53/2, ජනිඳු චාමික 76/2, නඳුන් අසේල සිල්වා 42/2)
කැන්ඩි කස්ටම් දෙවන ඉනිම කඩුලු 6ට 144 (පන්දුවාර 40යි)
(නඳුන් සිල්වා 44, චෙහාන් සුබසිංහ 33, සුධීර වීරරත්න 21, පූර්ණ සුලක්ෂණ 33/3යි)
- ගෝල් ක්‍රිකට් සමාජය – බ්ලුම්ෆීල්ඩ් ක්‍රිකට් සමාජය (බ්ලුම්ෆීල්ඩ්ට පළමු ඉනිමේ ජය)
ගෝල් ක්‍රීඩා සමාජය පළමු ඉනිම සියල්ල දැවී 188 (පන්දුවාර 53.5යි)
(චමත් දිල්සර 63, දුල්සිත් දර්ශන 47, නිකිල් ජයවීර 28, සදෙව් ඉඳුවර 16, හංශමන ද සිල්වා 13, තරිඳ නිර්මාල් ගුරුගේ 46/8, අසිත වන්නිනායක 8/1යි)
බ්ලුම්ෆීල්ඩ් ක්‍රිකට් සමාජය පළමු ඉනිම කඩුලු 8ට 318 (පන්දුවාර 73යි)
(තරිඳු හර්ෂණ නොදැවී 104, තරින්ද ගුරුගේ 54, සවිඳු රොද්‍රිගෝ 51, කවීෂ පියුමාල් නොදැවී 38, දුලාජ් සමුදිත 24, අසිත වන්නිනායක 14, හසිත සුරංග 43/3, රවිෂාන් පෙරේරා 53/1, රුසිරු ලියනගේ 28/1)
ගෝල් දෙවන ඉනිම කඩුලු 7ට 128 (පන්දුවාර 47)
(චමත් දිල්සර 29, දුල්සිත් දර්ශණ 23, සදෙව් ඉඳුවර 17, යුරි කොට්ටිගොඩ නොදැවී 15, තරින්ද ගුරුගේ 59/3, අසිත වන්නානායක 13/2)
• යුනයිටඩ් සදර්න් – නුගේගොඩ ක්‍රීඩා සහ සුබසාධක සමාජය (සාලියපුර යුද හමුදා ක්‍රීඩාංගණයේ දී)
යුනයිටඩ් සදර්න් පළමු ඉනිම සියල්ල දැවී 54 (පන්දුවාර 16.2)
(පෙසිඳු සංජාන් 25, තරුෂ් දමිඳු 18, දහම් නිර්මාල් 19/6, පසිඳු පැතුම් 22/2, අබ්දුල් ෂිරාඩ් 12/2)
නුගේගොඩ ක්‍රීඩා සහ සුබ සාධක සමාජය පළමු ඉනිම සියල්ල දැවී 231 (පන්දුවාර 60.3යි)
(පුළිඳු පෙරේරා 59, අභිෂේක් ආනන්දකුමාර 32, පසිඳු පැතුම් 31, අභිෂේක් ජයවීර 25, දහම් නිර්මාල් 23, සිතුක ගුණවර්ධන 60/4, සසංක නිර්මාල් 81/4, හිමාල් රවිහංස 74/2)
යුනයිටඩ් සදර්න් දෙවන ඉනිම කඩුලු 1ට 14යි (පන්දුවාර 8)
- මොරටුව ක්‍රීඩා සමාජය – හලාවත මේරියන්ස් (මොරටුව ක්‍රීඩාංගණයේ දී)
මොරටුව ක්‍රීඩා සමාජය පළමු ඉනිම කඩුලු 5ට 283 (පන්දුවාර 90යි)
(සහන් කෞශල්‍ය 97, ඉසුල නිඳුවර නොදැවී 86, දුමිඳු සෙව්මිණ නොදැවී 28, අභිෂේක් ලියනආරච්චි 27, අමිත දාබරේ 18, දිලන දම්සර 53/3, තිමිර ඉරුෂිත 58/2)





