අවුරුදු 19 න් පහළ ඔස්ට්‍රේලියානු බාළිකා කණ්ඩායම සහ ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ බාළිකා කණ්ඩායම් අතර ලබන සැප්තැම්බර් මසදී පැවැත්වීමට නියමිත එක්දින සහ විස්සයි-20 තරගාවලි පැවැත්වීමට නියමිත ක්‍රීඩාංගණවල වෙනසක් සිදුකර තිබේ.
මුල් කාලසටහනට අනුව හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත සියලුම තරග, රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණය වෙත මාරු කිරීමට ශ්‍රී ලංකා කිකට් ආයතනය තීරණය කර තිබේ.
එළැඹෙන 2026 වසරේ ජනවාරි සහ පෙබරවාරි මාසයන්හිදී මැලේසියාවේ පැවැත්වීමට නියමිත අවුරුදු 19 න් පහළ බාළිකා විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙරහුරු තරගාවලියක් ලෙසින් යොදා ගැනීමට නියමිත දෙරට අතර මෙම තරගාවලිය යටතේ යොවුන් බාළිකා විස්සයි-20තරග 5 ක් සහ එක් යොවුන් එක්දින තරගයක් පැවැත්වෙනු ඇත.
තරගාවලිය සැප්තැම්බර් මස 20 වැනිදා පැවැත්වෙන පළමු විස්සයි-20 තරගයෙන් ආරම්භ වන අතර එම 30 වැනිදා පැවැත්වීමට නියමිත පළමු සහ එකම යොවුන් බාළිකා එක්දින තරගයෙන් පසු නිමාවට පත් වනු ඇත.
සැප්තැම්බර් මස 21, 24, 26 සහ 28 යන දිනයන්හිදී පිළිවෙළින් දෙවැනි, තෙවැනි, සිව්වැනි සහ පස්වැනි විස්සයි-20 තරග පැවැත්වෙනු ඇත. සැප්තැම්බර් මස 30 වැනිදා පැවැත්වීමට නියමිත පළමු සහ එකම යොවුන් බාළිකා එක්දින තරගයෙන් පසු තරගාවලිය නිමාවට පත්වනු ඇත.
සැප්තැම්බර් 20 – පළමු යොවුන් බාළිකා විස්සයි-20 තරගය
සැප්තැම්බර් 21 – දෙවැනි යොවුන් බාළිකා විස්සයි-20 තරගය
සැප්තැම්බර් 24 – තෙවැනි යොවුන් බාළිකා විස්සයි-20 තරගය
සැප්තැම්බර් 26 – සිව්වැනි යොවුන් බාළිකා විස්සයි-20 තරගය
සැප්තැම්බර් 28 – පස්වැනි යොවුන් බාළිකා විස්සයි-20 තරගය
සැප්තැම්බර් 30 – යොවුන් බාළිකා එක්දින තරගය






