slc
logo
Home   |    News
අගෝස්තු 23, 2025
තරගාවලියේ මෙතෙක් හොඳම  පන්දු යැවීම තරින්ද ගුරුගේගෙන්

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන අන්තර් සමාජ අවුරුදු 23න් පහළ නැගී එන කණ්ඩායම් අතර දෙදින ක්‍රිකට් තරගාවලියේ මෙතෙක් තරගාවලියේ ඉනිමක හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයේ තරින්ද නිර්මාල් ගුරුගේ සමත්වූවේය. ගාලු ක්‍රීඩා සමාජයට එරෙහිව බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී තරිඳන්ද ලකුණු 46 කට කඩුලු 8 ක් දවා ලමින් එම දක්ෂතාව දැක්වීය.

ගාල්ල රිච්මන්ඩ් විදුහලෙන් ක්‍රිකට් ක්‍රීඩාවට ප්‍රවිශ්ඨ වී ඇති තවමත් 21 හැවිරිදි වියේ පසුවන තරින්දගේ දක්ෂතාවයට පෙර මෙවර තරගාවලියේ ඉනිමක හොඳම පන්දු යැවීම සටහන් කර ගැනීමට චිලව් මේරියන්ස් ක්‍රීඩා සමාජයේ මෙලන් හංසක (65/7) සමත්ව සිටියේය. දකුණත් පිට දඟ පන්දු යවන තරින්ද මේ මෙවර තරගාවලියේ මේ දක්වා තරග 4 කදී කඩුලු 22 ක් දවා ගනිමින් තරගාවලියේ වැඩිම කඩුලු ලාභීන් අතර දෙවැනි ස්ථානයේ පසුවන්නේය. ඔහුට ඉදිරියෙන් ඒස් කැපිටල් ක්‍රීඩා සමාජයේ වනුජ සහන් තරග 3 කදී කඩුලු 26 ක් දවාලමින් පෙරමුණේ පසුවන්නේය.

මේ අතර අද එන්.සී.සී. පිටියේ අවසන් වුණු නාවික හමුදාවට එරෙහිව තරගයේ පළමු ඉනිමේ ජය අත්කර ගැනීමට සත්කාරක එන්.සී.සී. කණ්ඩායම සමත්විය. ජයග්‍රහණය වෙනුවෙන් ලකුනු 246 ක් හඹා යමින් සිටි නාවික හමුදා කන්ඩායම දිනයනිමා වන විට කඩුලු 7 කට රැස් කරගෙන සිටියේ ලකුණු 87 ක් පමණි.

මෙම තරගයේදී කැපී පෙනෙන පන්දු යැවීමක නිරත වුණු එන්. සී. සී. කණඩායමේ ශක්ති උදාර පළමු ඉනිමේදී ලකුණු 63 කට දවා ගන්නා කඩුලු 5 ට අමතරව දෙවැනි ඉනිමේදීද ලකුණු 23 ක් ඇතුළත කඩුලු 6 ක් දවා ගනිමින් නාවික හමුදා  පිල අසීරුතාවයට පත් කළේය. ඒ අනුව ඔහු සමස්ථ තරගයේදී ලකුණු 86 කට කඩුලු 11 ක් දවා ලූවේය.

පාණදුර ක්‍රීඩා සමාජය සහ නිගම්බු ක්‍රීඩා සමාජය අතර පැවැති තරගයේ දී පාණදුර ක්‍රීඩා සමාජයේ චාර්ය පරණවිතාන (98) සසිඳු මල්ෂාන් (74) දුරන්ක සිල්වා (65)  අර්ධ ශතක රැස් කරමින් දැක් වු දක්ෂතා උපයෝගී කර ගනිමින් පාණදුර කණ්ඩායමට කඩුලු 8කට ලකුණු 361ක් රැස් කිරීමට අවස්ථාව උදා විණි.

 ටැමිල් යුනියන් සහ එස්.එස්.සී. අතර අද ආරම්භ වු තරගයේ දී ටැමිල් යුනියන් ලකුණු 192ක් රැස් කළ අතර එහිදී ශානුක ගලගොඩ පන්දු 81ක දී හතරේ හතක් හයේ පහරක් සමග ලකුණු 69ක් ලැබීය. එස්.එස්.සී. කණ්ඩායමේ ගිෂාන් බාලසූරිය ලකුණු 54කට කඩුලු හතරක් දවාලීය. එස්.එස්.සී. වෙනුවෙන් ෂෙවාන් ඩැනියල් පන්දු 53ක දී හතරේ හයක් හයේ පහරක් සමග ලකුණු 52ක් ලබා ගැනීමට සමත් විය.

 කැන්ඩි කස්ටම් – පොලීසිය අතර තරගයේ දී කැන්ඩි කස්ටම් කණ්ඩායමේ ප්‍රමේෂ් මධුභාෂණ පන්දු 85ක දී හතරේ අටක් සමග ලකුණු 67ක් රැස් කළේය. අද දිනයේ දී කිසිදු පිතිකරුවකුට ශතකයක් රැස් කිරීමට අවස්ථාව නොලැබිණි.

ලකුණු විස්තරය

  • එන්.සී.සී. – නාවික හමුදාව (එන්.සී.සී. පළමු ඉනිමේ ජය)

එන්.සී.සී. පළමු ඉනිම සියල්ල දැවී 263 (පන්දුවාර 67.1)

(ජීවක ශෂින් 60, උවින් පෙරේරා 58, විනුක රූබසිංහ 39, රෆායල් හෙට්ටිගේ 34, ඉෂාන් හෙට්ටිආරච්චි 26, ඩිලාල් අමරසිංහ 19, ඉෂාන් අනුරාධ 86/3, හංසජ ජයසිංහ 52/2, කවික ජයසුන්දර 31/2)

 නාවික හමුදාව පළමු ඉනිම සියල්ල දැවී 195 (පන්දුවාර 46යි)

 (උවිදු පෙරේරා 62, ඩිනෝෂ් ගමගේ 37, හංසජ ජයසිංහ 35, ශක්ති උදාර 63/5, උවින් පෙරේරා 19/2, රනුක මලවිආරච්චි 47/2යි)

එන්.සී.සී. දෙවන ඉනිම කඩුලු 4ට 177 (පන්දුවාර 26.1)

 (ජීවක ශෂින් 63, ඩිලාල් අමරසිංහ 59, නෙලුක හේෂාන් 36, හංසජ ජයසිංහ 46/2යි)

නාවික හමුදාව දෙවන ඉනිම කඩුලු 7ට 87 (පන්දුවාර 33)

 (උවිඳු පෙරේරා 37, දිනෝෂ් ගමගේ 22, රුවින් ෆොන්සේකා 20, ශක්ති උදාර 23/6යි)

• බදුරලිය ක්‍රිකට් සමාජය – යුද හමුදා ක්‍රීඩා සමාජය (මග්ගොන සරේ ක්‍රීඩාංගණයේ දී)

 බදුරලිය පළමු ඉනිම සියල්ල දැවී  211 (පන්දුවාර 72.4)

 (ජනෙත් කෞෂාල් 64, යෙනුල දෙව්තුසා 60, දිනාල් ඉඳුවර 27, ශානික්‍ය දේශප්‍රිය 25, විහංග ඉරංජන 58/3, අමිල පෙරේරා 17/2)

යුද හමුදා ක්‍රීඩා සමාජය පළමු ඉනිම කඩුලු 2ට 80 (පන්දුවාර 18යි)

 (අෂාන් සුදර්ශන 48, අමිල පෙරේරා නොදැවී 27, සඳුන් මෙන්ඩිස් 8/2)

  • පාණදුර ක්‍රීඩා සමාජය – නිගම්බු ක්‍රිකට් සමාජය (කටුනායක ගුවන් හමුදා ක්‍රීඩාංගණයේ දී)

 පාණදුර ක්‍රීඩා සමාජය පළමු ඉනිම කඩුලු 8ට 361 (පන්දුවාර 78යි)

 (චාර්ය පරණවිතාන 98, සසිඳු මල්ෂාන් 74, දුරන්ක සිල්වා 65, සෙනිත හැළඹගේ 31, කාංචන ඩි ලිවේරා 26, කවිඳු අමමෙත් 17, අමිත පෙරේරා 114/3, ෂෙහාන් ප්‍රමෝද් 155/3, හංසජ හිරුණ 76/2)

 නිගම්බු ක්‍රිකට් සමාජය කඩුලු 1ට 26යි (පන්දුවාර 10යි)

  • ටැමිල් යුනියන් – එස්.එස්.සී. (පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේ දී)

 ටැමිල් යුනියන් පළමු ඉනිම සියල්ල දැවී 192 (පන්දුවාර 48.4යි)

 (ෂානුක ගලගොඩ 69, ෂරුජන් ෂන්මුගනාදන් 33, විහස් තෙව්මික නොදැවී 25, නරේන් මුරලිදරන් 18, සිනෙත් ජයවර්ධන 13, මෙවන් දිසානායක 12, ගිෂාන් බාලසූරිය 54/4, චමිඳු වික්‍රමසිංහ 26/1)

එස්.එස්.සී. පළමු ඉනිම කඩුලු 5ට 145 (පන්දුවාර 34යි)

 (ෂෙවොන් ඩැනියල් 52, රනුක් ජයසූරිය 43, සදීෂ රාජපක්ෂ 26, කෙනුල් ද සොයිසා 15, විහස් තෙව්මික 60/4)

  • කැන්ඩි කස්ටම් – පොලිස් ක්‍රීඩා සමාජය (දොඹගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේ දී)

 කැන්ඩි කස්ටම් පළමු ඉනිම සියල්ල දැවී 195 (පන්දුවාර 53.5)

 (ප්‍රමේෂ් මධුභාෂණ 67, චෙහාන් සුබසිංහ 39, අයේෂ් ශෂිමාල් 26, සුධීර වීරරත්න 25, මිහිඳු සිල්වා 15, පූර්ණ සුලක්ෂණ 55/4, රශ්මික පෙරේරා 32/3, දමිත් කැප්පගොඩ 47/2)

පොලීසිය පළමු ඉනිම කඩුලු 2ට 100 (පන්දුවාර 30)

 (සංගීත් ෂෙහාර නොදැවී 61, ධනුජ ඉඳුවර 10, ඉරුෂ ආකාෂ් 10, ෂොන් රුද්‍රිගෝ 22/1)

  • ගෝල් ක්‍රිකට් සමාජය – බ්ලුම්ෆීල්ඩ් ක්‍රිකට් සමාජය (බ්ලුම්ෆීල්ඩ් ක්‍රීඩාංගණයේ දී)

 ගෝල් ක්‍රීඩා සමාජය පළමු ඉනිම සියල්ල දැවී 188 (පන්දුවාර 53.5යි)

 (චමත් දිල්සර 63, දුල්සිත් දර්ශන 47, නිකිල් ජයවීර 28, සදෙව් ඉඳුවර 16, හංශමන ද සිල්වා 13, තරිඳ නිර්මාල් ගුරුගේ 46/8, අසිත වන්නිනායක 8/1යි)

බ්ලුම්ෆීල්ඩ් ක්‍රිකට් සමාජය පළමු ඉනිම කඩුලු 5ට 122 (පන්දුවාර 27යි)

 (සවිඳු රොද්‍රිගෝ 51, තරිඳු හර්ෂණ නොදැවී 26, අසිත වන්නිනායක 14, රුසිරු ලියනගේ 16/1, රුවිෂාන් පෙරේරා 25/1යි)

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee