slc
logo
Home   |    News
අගෝස්තු 22, 2025
යොවුන් කණ්ඩායමේ බහුතරයක් කොළඹට පිටින්

sinhala editor

බටහිර ඉන්දීය කොදෙව් යොවුන් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 7 කින් සමන්විත යොවුන් එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට නම් කර ඇති බහුතරයක් ක්‍රීඩකයින් කොළඹ දිස්ත්‍රික්කයෙන් පිටත ප්‍රෙද්ශවලින් ඇතුළත්ව සිටීම කැපී පෙනෙයි.

ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට කොළඹ දිස්ත්‍රික්කය ඇතුළතින් ක්‍රීඩකයින් 7 දෙනෙකු ඇතුළත්ව සිටිද්දී පිට පළාත් නියෝජනය කරමින් ක්‍රීඩකයින් 09 දෙනෙකු ඇතුළත්ව සිටීම, මෙරට ක්‍රිකට් සිතියම මේ වන විට කොළඹින් පිටත ඈත පළාත් දක්වා විහිදී ඇති බවට කදිම සාක්ෂියක් එක් කරමිනි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජාතික වැඩපිළිවෙළ යටතේ ‘ක්‍රිකට් ගමට‘ වැඩසටහන ඉතාමත් සාර්ථකත්වයට පත් වෙමින් මෙරට අස්සක් මුල්ලක් නෑරම සිටින දක්ෂයින් සොයා යමින් සිටියි. එහි සාර්ථක ප්‍රතිඵලයක් ලෙසින් කොදෙව් කණ්ඩායමට නම් කරන ලද යොවුන් කණ්ඩායම සඳහන් කළ හැක. ඒ අනුව මහනුවර, මාතර,  කුරුණෑගල සහ යාපනය යන ප්‍රෙද්ශවලින් කණ්ඩායමට ක්‍රීඩකයින් එක්ව සිටිති.

ඒ අනුව වැඩිම සහභාගිත්වයක් සිදුව ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරමිනි. මහනුවරින් ක්‍රීඩකයින් ක්‍රීඩකයින් 5 දෙනෙකු එක්ව සිටිද්දී යාපනය දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ක්‍රීඩකයින් දෙදෙන්ක, කුරුණෑගලින් එක් ක්‍රීඩකයකු, මාතර දිස්ත්‍රික්කයෙන් එක් ක්‍රීඩකයෙකු වශයෙනි.

නම් කරන ලද කණ්ඩායමේ නායකත්වය කොළඹ රාජකීය විදුහලේ විමත් දින්සරට හිිව තිබේ. යාපනය දිස්ත්‍රික්කය නියෝජනය කරමින් යාපනය ශාන්ත ජෝන් විදුහලේ කුගදාස් මාතුලන් සහ යාපනය හාට්ලි විදුහලෙන් විග්නේෂ්වරන් ආකාශ් යළිත් වරක් යොවුන් කණ්ඩායම නියෝජනය කිරීමට වරම් ලබා සිටිති.

ලබන වසර මුලදී පැවැත්වීමට නියමිිත යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉලක්කය කර ගනිමින් මෙම තරග සංචාරය පැවැත්වීමට මුල් ව තිබේ. දෙරට අතර එක්දින තරගාවලිය අගෝස්තු මස 30 වැනිදා ආරම්භ වන අතර තරගාවලිය සඳහා සහභාගිවන ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අගෝස්තු මස 24 වැනි ඉරිදා පස්වරුවේදී බටහිර ඉන්දීය කොදෙව් දේශය බලා පිටත්ව යනු ඇත.

තරගාවලියේ සිියලුම තරග බටහිර ඉන්දීය කොදෙව් දේශයේ ඇන්ටිගුවා දූපතේ පිහිටු කූලිජ් සහ ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගණවලදී පැවැත්වෙනු ඇත.

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම

විමත් දින්සර (නායක) – කොළඹ රාජකීය විදුහල

දීමන්ත මහවිතාන – ත්‍රිත්ව විදුහල, මහනුවර

පුලිෂ තිලකරත්න – ත්‍රිත්ව විදුහල, මහනුවර

සෙනුජ වැකුණගොඩ – ශාන්ත ජෝශප් විදුහල, කොළඹ

ආදම් හිල්මි – ත්‍රිත්ව විදුහල, මහනුවර

කවිජ ගමගේ – කිංග්ස්වුඩ් විදුහල, මහනුවර

විරාන් චමුදිත – ශාන්ත සර්වේශස් විදුහල, මාතර

ජේසන් ප්‍රනාන්දු – ශාන්ත පීතර විද්‍යාලය, කොළඹ

චාමික හීනටිගල – මහානාම විදුහල, කොළඹ

රමිරු පෙරේරා – කොළඹ රාජකීය විදුහල

සෙත්මික සෙනෙවිරත්න – ත්‍රිත්ව විද්‍යාලය, මහනුවර

කුගදාස් මාතුලන් – ශාන්ත ජෝන් විදුහල, යාපනය

සනුජ නින්දුවර – ශාන්ත ආනා විදුහල, කුරුණෑගල

රසිත් නිම්සර – ලයිසියම් ජාත්‍යන්තර පාසල, වත්තල

විග්නේෂ්වරන් ආකාෂ් – හාට්ලි විදුහල, යාපනය

තරුෂ නවෝද්‍ය – සහිරා විදුහල, කොළඹ

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee