slc
logo
Home   |    News
අගෝස්තු 14, 2025
යොවුන් කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් දේශයට

sinhala editor

යොවුන් එක්දින තරග 7 කට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ යොවුන් කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් දේශය බලා අගෝස්තු මස 24 වැනිදා පිටත්ව යෑමට නියමිතය.

විමත් දින්සරගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම එම තරගාවලිය යටතේ තරග වදින සියලුම තරග ඇන්ටිගුවාහිදී පැවැත්වේ. මෙහිදී පළමු එක්දින තරග 4 කූලිජ් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීද අවසන් තරග 3 ශ්‍රීමත් විවියන් රිචර්ඩර්ස් ක්‍රීඩාංගණයේදීද පැවැත්වෙනු ඇත.

අගෝස්තු මස 30 වැනිදා පළමු එක්දින තරගය පැවැත්වෙන අතර සැප්තැම්බර් 15 වැනිදා අවසන් තරගය පැවැත්වෙනු ඇත. ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම එම තරගාවලිය හමාර කොට සැප්තැම්බර් 16 වැනිදා නැවතත් ශ්‍රී ලංකාව බලා පැමිණීමට නියමිතය.

ශ්‍රී ලංකා අවු. 19 න් පහළ කණ්ඩායමේ බ.ඉ.කොදෙව් සංචාරය – තරග කාලසටහන
දිනයතරගයක්‍රීඩාංගණය
අගෝස්තු 30පළමු එක්දින තරගයකූලිජ්හිදී
සැප්තැම්බර් 02දෙවැනි එක්දින තරගයකූලිජ්හිදී
සැප්තැම්බර් 04තෙවැනි එක්දින තරගයකූලිජ්හිදී
සැප්තැම්බර් 07සිව්වැනි එක්දින තරගයකූලිජ්හිදී
සැප්තැම්බර් 09පස්වැනි එක්දින තරගයශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස්
සැප්තැම්බර් 12හයවැනි එක්දින තරගයශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස්
සැප්තැම්බර් 15හත්වැනි එක්දින තරගයශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස්
සැප්තැම්බර් 16ශ්‍රී ලංකාව බලා පැමිණීම

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar