slc
logo
Home   |    News
අගෝස්තු 13, 2025
රනුක් සහ කෙනුල්ගේ ශතක වලින් එස්. එස්. සී. ගොඩ යයි

sinhala editor

 කුරුණෑගල තරුණ කණ්ඩායම ප්‍රථම ඉනිමේ දී රැස් කළ ලකුණු 273 එස්.එස්.සී. හඹායද්දී ලකුණු 48කට කඩුලු 4ක් දැවී අසීරු තත්ත්වයක සිට පසුව කඩුලු 7කට ලකුණු 362ක් රැස් කරමින් ප්‍රථම ඉනිමේ දී ලකුණු 89කින් ඉදිරියෙන් සිටීමට සමත් විය.  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන අන්තර් සමාජ අවුරුදු 23න් පහළ නැගී එන කණ්ඩායම් අතර තරගාවලියේ මෙම කුරුණෑගල තරුණ – එස්.එස්.සී. තරගය පැවැතුණේ කොළඹ මෙට්ලන්ඩ් පෙදෙසේ සී.සී.සී. ක්‍රීඩාංගණයේ දී ය.

18 යි – ඒ ලෙවල්ස් කරන්න. ලෙෆ්ට් හෑන්ඩ්, රයිට් ආර්ම්. දෙවැනි තරගය. පළවැනි

 ප්‍රථම දින (12) කුරුණෑගල තරුණ කණ්ඩායම ප්‍රථම ඉනිම වෙනුවෙන් රැස් කළ ලකුණු 273ට පිළිතුරු ලෙස දිනය නිම වන විට එස්.එස්.සී. කඩුලු තුනක් දැවී ලබා සිටියේ ලකුණු 19කි. දෙවන දින (13) තරගය ආරම්භවීමෙන් පසු මුළු ලකුණු 46 දී (පන්දුවාර 18.4) එස්.එස්.සී. කණ්ඩායමේ සිව්වන කඩුල්ල ද බිඳ වැටිණි.

 එස්.එස්.සී. පස්වන කඩුල්ලට අංක තුන පිතිකරු රනුක් ජයසූරිය සහ අංක හය පිතිකරු කෙනුල් ද සොයිසා එක්ව ලකුණු 179 ක සම්බන්ධතාවත් පැවැත්වීමට සමත්වීම නිසා අපහසුවකින් තොරවම එස්. එස්. සී. කණ්ඩායමට ලකුණු 350 සීමාව පසුකර යෑමට අවස්ථා උදාවිය.

සුපිරි ක්‍රිකට් ක්‍රීඩක, හිටපු ටෙස්ට් නායක සහ වර්තමාන ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් කටයුතු කරන සන්ත ජයසූරිය මහතාගේ පුත්‍රයා වන රනුක් ජයසූරිය ලබා ගත් ලකුණු 116 සදහා පන්දු 159 කට මුහුණ දී තිබුණේ ඉන් දෙවතාවක් හයේ පහර ද 16 වතාවක් හතරේ සීමාවද පසුකර යෑමට පන්දුව සලස්වමිනි. මෙවර තරග වාරයේ රනුක් ක්‍රීඩා කරන ලද දෙවැනි තරගය වූයේද අදින් අවසන් වුණු මෙම තරගය විය. ‘ජූනියර් සනත්‘ ලෙසින් හඳන්වන රනුක් තවමත් 18 හැවිරිදි වියේ රැඳී සිටිමින් මෙම අවුරුදු 23 න් පහළ තරගාවලිය නියෝජනය කිරීමද කැපී පෙනෙයි.. තම පියා මෙන්ම රනුක් ද වමතින් පිත්ත හසුරුවන  ලබන නමුත් දකුණතින් පන්දු යවයි. ඔහුට අනගි සහායක් ලබා දුන් කෙනුල් ද සොයිසා පනaoq  160 කදී වේගවත් ලකුණු 152 ක් ලබා ගත්තේය. නොබිඳිව පැවැති එම ඉනිම සඳහා ඔහු හයේ පහර 5 ක් සහ හතරේ පහර 17 ක් එල්ල කර තිබුණි.

 පසුව නදීර ආකාෂ් (37) සහ ෂෙහාන් හසරංග (34) ගේ දායකත්වයෙන් එස්.එස්.සී. කඩුලු හතකට ලකුණු 362ක් රැස් කර තිබිය දී ප්‍රථම ඉනිම නිමා කළේ ලකුණු 89ක් ඉදිරියෙන් පසු වෙමිනි.

 දෙවන දින තරගය නිම වන විට කුරුණෑගල තරුණ සිය දෙවන ඉනිමේ දී කඩුලු හයකට ලකුණු 110ක් ලබා පසු වුයේ එස්.එස්.සී. ප්‍රථම ඉනිමට වඩා ලකුණු 21ක් පමණක් ඉදිරියෙන් පසුවෙමිනි. කුරුණෑගල කණ්ඩායමට තව ඉතිරිව තිබුණේ අගපෙළ කඩුලු හතරක් පමණකි. දෙවන ඉනිමේ දී වරක් මොවුන් ලකුණු 39කට කඩුලු පහක් දැවී තිබිණි.

  • කුරුණෑගල – එස්.එස්.සී. – (ප්‍රථම ඉනිමේ ජය එස්.එස්.සී.ට)

කුරුණෑගල තරුණ පළමු ඉනිම සියල්ල දැවී 273යි (පන්දුවාර 77.3යි) –

 (රශ්මික මධුශංක 123, අමේෂ් තෙන්නකෝන් 34, ගයාන් වීරසිංහ 26, ලක්වින් අබේසිංහ 24, සේනක දංගමුව 20, දිනුර කළුපහන 49/4, ගිෂාන් බාලසූරිය 42/2, නිමන්ක ජයතිලක 61/2)

 එස්.එස්.සී. පළමු ඉනිම කඩුලු 7ට 362යි (පන්දුවාර 72.2යි)

 (කෙනුල ද සොයිසා නොදැවී 152, රන්දික ජයසූරිය 116, නදීර ආකාෂ් 37, ෂෙහාන් හසරංග 34, දිනුක් තෙන්නකෝන් 76/5, චතුමල් නිමේෂ් 56/1, ගයාන් වීරසිංහ 81/1යි)

 කුරුණෑගල තරුණ කණ්ඩායම දෙවන ඉනිම කඩුලු 6ට 110 (පන්දුවාර 30යි)

 (ලක්වින් අබේසිංහ නොදැවී 35, වතිල උදාර නොදැවී 21, සත්සර නවෝද් 19, රශ්මික මධුශංක 19, කවිඳු ඒකනායක 12, නේෂාන් ඩයස් 42/3, රිවිත් ජයසූරිය 9/1, ගිෂාන් බාලසූරිය 20/1)

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee