slc
logo
Home   |    News
අගෝස්තු 11, 2025
වනුජ සහ දනාල්ගෙ පන්දු යැවීමෙන් යුද හමුදාව අසරණ වෙයි

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන අන්තර් සමාජ අවුරුදු 23න් පහළ නැගී එන කණ්ඩායම් අතර දෙදින ක්‍රිකට් තරගාවලියේ අද (11) ඇරැඹි තරග වලදී යුද හමුදා කණ්ඩායමේ පළමු ඉනිම ලකුනු 68 කට සීමා කිරීමට වනුජ සහන් සහ දනාල් හේමානන්ද එක්ව සමත්වූහ. මෙහිදී කැපී පෙනෙන පන්දු යැවීමක නිරත වුණු වනුජ ලකුණු 19 ක් ඇතුළත යුද හමුදා කණ්ඩායමේ කඩුලු 5 ක් දවා ලද්දී දනාල් ලකුණු 34 කට ඉතිරි කඩුලු 5 දවා ලීය.

අද දිනයේ පැවැති තරග බොහෝමයකට වර්ෂාවෙන් බාධා ඇතිවූ නමුත් එය සමස්ථ දිනයේදීම තරග නොපැවැත්වීමට තරම් බලපෑමක් එල්ල කරනු නොලැබීය.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති ටැමිල් යුනියන් සහ ගාල්ල  ක්‍රීඩා සමාජ අතර තරගයේ දී ටැමිල් යුනියන් කණ්ඩායමේ අංක හතර පිතිකරු ෂාරුජන් ෂන්මුගනාදන් ලකුණු 81ක් රැස් කිරීමට සමත් විය. ෂාරුජන් මෙදින දැක් වු විශිෂ්ට පිතිහරඹයේ දී පන්දු 116කට මුහුණ දී හතරේ පහර අටක් ද එල්ල කළේය. ඔහුට අමතරව දී නුගේගොඩ කණ්ඩායමේ පුළිඳු පෙරේරා පන්දු 132ක දී හතරේ පහර 11ක් සමග ලකුණු 88ක් රැස් කිරීමට සමත් විය. තරගය නිම වන විට නුගේගොඩ ක්‍රීඩා සහ සුබසාධක සමාජය කඩුලු පහක් දැවී රැස් කර සිටි ලකුණු සංඛ්‍යාව 199කි.

 බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේ පැවැති පොලිසිය සහ බ්ලුම්ෆීල්ඩ් අතර තරගයේ දී පොලීසියේ කඩුලු හයක් ලකුණු 89කට දැවී ගිය අවස්ථාවේ අගපෙළ පිතිකරුවන් දැක් වු දක්ෂතා මත තරගය නිම වන විට පොලීසියට කඩුලු 8කට ලකුණු 181ක් රැස් කර ගැනීමට අවස්ථාව උදා විණි.

යුද හමුදාව – ඒස් කැපිටල්  – (පනාගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේ දී)

 යුද හමුදාව පළමු ඉනිම සියල්ල දැවී 68 (පන්දුවාර 24.2)

 (අෂාන් සුදර්ශන 18, ෂෙනෙල් සමරතුංග 13, සමිත් දිල්ෂාන් නොදැවී 08, දනාල් හේමානන්ද 34/5, වනුජ සහන් 19/5)

 ඒස් කැපිටල් ප්‍රථම ඉනිම කඩුල්ලක් දැවී 22 (පන්දුවාර 2.5යි)

 (තනුජ රාජපක්ෂ නොදැවී 16, දිමන්ත අරූෂ 2/1)

  • කොළඹ මැලේ ක්‍රිකට් සමාජය – බී.ආර්.සී. – (බ්ලුම්ෆීල්ඩ් ක්‍රීඩාංගණයේ දී)

 කොළඹ මැලේ ක්‍රිකට් සමාජය පළමු ඉනිම කඩුලු 1ට 66 (පන්දුවාර 13.3යි)

 (හිරන්ත ජයසිංහ නොදැවී 33, කෙවින් සැමුවල් නොදැවී 21, අදේශ් අල්මේදා 10, ළකිඳු සචින් 28/1)

  • නුගේගොඩ ක්‍රීඩා සහ සුබසාධක සමාජය – බදුරලිය ක්‍රීඩා සමාජය – (කිරිමණ්ඩල මාවත ක්‍රීඩාංගණයේ දී)

නුගේගොඩ ක්‍රීඩා සහ සුබසාධක සමාජය පළමු ඉනිම කඩුලු 5ට 199 (පන්දුවාර 64යි)

 (පුළිඳු පෙරේරා 88, පසිඳු පැතුම් නොදැවී 65, දසිස් මංචනායක 23, අක්රම් මුතාලිබ් 16, මනස මධුභාෂණ 52/2, ෂාරොන් අභිෂේක් 71/2)

  • නාවික හමුදාව – මුවර්ස්  – (මුවර්ස් ක්‍රීඩාංගණයේ දී)

 මුවර්ස් ක්‍රීඩා සමාජය පළමු ඉනිම සියල්ල දැවී 128 (පන්දුවාර 38.2යි)

 (රවිෂාන් ද සිල්වා 60, හිවින් කෙනුල 13, විෂාර ප්‍රනාන්දු 12, මල්ෂා තරුපති 12, ළහිරු අමරසිංහ 11, ඉෂාන් අනුරාධ 32/6, රිද්ම කොළඹගේ 48/2)

 නාවික හමුදාව පළමු ඉනිම කඩුලු 3ට 146යි (පන්දුවාර 47)

 (රුවින් ෆොන්සේකා නොදැවී 76, සුමල්ක ප්‍රනාන්දු  26, හංසජ ජයසිංහ නොදැවී 15, මයුර මල්ෂාන් 15, නෙතුල් අනුෂ 31/1)

  • මීගමුව ක්‍රීඩා සමාජය – කෝල්ට්ස් – (කෝල්ට්ස් ක්‍රීඩාංගණයේ දී)

 මීගමුව ක්‍රිකට් සමාජය පළමු ඉනිම කඩුලු 6ට 253 (පන්දුවාර 69යි)

 (හසිඳු සෙව්මිත කවිරත්න 67, අමිත පෙරේරා නොදැවී 43, වගීෂ පෙරේරා 34, සෆ්නි ඩීන් 30, මොහමඩ් මුර්ෂාඩ් නොදැවී 27, හංසජ හිරුණ 18, තත්සර එෂාන් 17, රයන් දිසානායක 74/4)

  • රාගම ක්‍රිකට් සමාජය – ලියෝ ක්‍රිකට් සමාජය – (ශාලාව යුද හමුදා ක්‍රීඩාංගණයේ දී)

 රාගම ක්‍රිකට් සමාජය පළමු ඉනිම කඩුලු 1ට 53 (පන්දුවාර 12.3යි)

 (ෂෙවාන් මෝසස් නොදැවී 27, අනුෂ් පොලොන්නෝවිට නොදැවී 21, සෙනෙෂ් සෝලංගආරච්චි 13/1)

  • ටැමිල් යුනියන් – ගෝල් ක්‍රිකට් සමාජය – (ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී)

 ටැමිල් යුනියන් පළමු ඉනිම කඩුලු 9ට 281 (පන්දුවාර 58යි)

 (ෂරුජන් ෂන්මුගනාදන් 81, නරේන් මුරලිදරන් 45, හසිඳු වික්‍රමාරච්චි නොදැවී 37,  සිනෙත් ජයවර්ධන 35, ෂානුක ගලගොඩ 20, විහස් තෙව්මික 20, කවිඳු නිර්මාන 13, මනිත රාජපක්ෂ 61/4, රුසිරු ලියනගේ 54/2, හංසමාන ද සිල්වා  51/2)

  • පොලිස් ක්‍රීඩා සමාජය – බ්ලුම්ෆීල්ඩ් – (පොලිස් ක්‍රීඩාංගණය – බම්බලපිටිය)

 (පොලීසිය පළමු ඉනිම කඩුලු 8ට 181 (පන්දුවාර 53)

 (නිපුන් ප්‍රේමරත්න නොදැවී 33, සුපුන් ප්‍රනාන්දු නොදැවී 31, සංගීත් ෂෙහාර 30, දමිත් කැප්පගොඩ 21, ඉරුෂ ආකාෂ් 19, නිසල අබේරත්න 19/3, චතුම් කුලසේකර 33/2, තරිඳ ගුරුගේ 43/2)

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee