slc
logo
Home   |    News
අගෝස්තු 18, 2025
වර්ෂාව පරදා සිනෙත් සහ දිලන ශතක වාර්තා කරති

sinhala editor

 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන අන්තර් සමාජ අවුරුදු 23න් පහළ නැගී එන දෙදින ක්‍රිකට් තරගාවලියේ අද (17) ආරම්භ වු තරග අටක් අතුරින් පිතිකරුවන් දෙදෙනෙකු ශතක රැස් කිරීමත් පන්දු යවන්නන් පස්දෙනෙකු කඩුලු පහ සහ එය ඉක්මවා දවාලීමත් විශේෂ සිදුවීම් ලෙස වාර්තා විණි.

 මෙදින පිතිකරුවනට වඩා පන්දු යවන්නන් දස්කම් දැක් වු දිනයක් ලෙස දක්නට ලැබිණි. දිනයේ විශේෂම සිදුවීමක් වුයේ වර්ෂාව අභිබවා යමින් ටැමිල් යුනියන් කණ්ඩායමේ සිනෙත් ජයවර්ධන (100) සහ හලාවත මේරියන්ස් කණ්ඩායමේ දිලන දම්සර (නොදැවී 102) ශතක රැස් කිරීමය.

 මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ පැවැති හලාවත මේරියන්ස් – එන්.සී.සී. තරගයේ දී මේරියන්ස් කණ්ඩායමේ දිලන කුමාර පන්දු 140ක දී හතරේ පහර 12ක් සහ හයේ පහර හතරක් සමග නොදැවී ලකුණු 102ක් ද වනාතමුල්ල සරවනමුත්තු පිටියේ පැවැති ටැමිල් යුනියන් සහ කැන්ඩි කස්ටම් අතර තරගයේ දී ටැමිල් යුනියන් කණ්ඩායමේ සිනෙත් ජයවර්ධන ප්‍රහාරාත්මක පිතිහරඹයක නිරතවෙමින් පන්දු 61ක දී හතරේ පහර අටක් හයේ පහර අටක් සමග ලකුණු 100ක් ද ලැබීය.

 හලාවත මේරියන්ස් කණ්ඩායමේ දිලන කුමාර (නොදැවී 102) සහ දර්ශක සංදීප් (නොදැවී 51) සිව්වන කඩුල්ලට නොදැවී රැස් කළ සබඳතාවය 149කි.

 ටැමිල් යුනියන් කණ්ඩායමේ විසි හැවිරිදි පිතිකරුවන් දෙදෙනෙකු වන සිනෙත් ජයවර්ධන (100) සහ විහස් තෙව්මික (ලකුණු 90යි පන්දු 110යි හතරේ හතරයි හයේ පහරයි) පිතිකරණයේ දී දක්ෂතා අතර සිටීම නිසා මෙදින ටැමිල් යුනියන් කණ්ඩායමට පළමු ඉනිමේ දී ලකුණු 314ක් රැස් කිරීමට අවස්ථාව උදා විණි.

 මග්ගොන පැවැති බී.ආර්.සී. සහ බදුරලිය ක්‍රීඩා සමාජය අතර තරගයේ දී බී.ආර්.සී. කණ්ඩායමේ කුසල් විජේතුංග (69) විශ්ව සුපුන් (66) සහ දිනුරු අබේවික්‍රමසිංහ (64) අර්ධ ශතක ලැබීමෙන් බී.ආර්.සී. කඩුලු නවයකට ලකුණු 286ක් රැස් කර ගත්තේය.

 පන්දු යවන්නන් අතර කැපී පෙනුණු සෙබස්ටියනයිට්ස් කණ්ඩායමේ නුවන් දිනෙත් (56/5යි) එස්.එස්.සී. කණ්ඩායමේ ගිෂාන් බාලසූරිය (34/5) බ්ලුම්ෆීල්ඩ් කණ්ඩායමේ දුලාජ් සමුදිත (54/5) යුනයිටඩ් සදර්න් කණ්ඩායමේ සසංක නිර්මාල් (19/5) සහ ඒස් කැපිටල් කණ්ඩායමේ වනුජ සහන් (55/6යි) කඩුලු පහ සහ එය ඉක්මවා ලැබීය.

  • බී.ආර්.සී. – බදුරලිය – (මග්ගොන සරේ ක්‍රීඩාංගණයේ දී)

 බී.ආර්.සී. පළමු ඉනිම කඩුලු 9ට 286 (පන්දුවාර 90යි)

 (කුසල් විජේතුංග 69, විශ්ව සුපුන් 66, දිනුරු අබේවික්‍රමසිංහ 64, සචිර වැලිවත්ත 29, තනුග පළිහවඩන නොදැවී 21, බ්‍රයන් හංසජ 83/4, මනස මධුභාෂණ 25/2, යෙනුර දෙව්තිසා 37/2)

  • හලාවත මේරියන්ස් – එන්.සී.සී. (මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ දී)

 හලාවත මේරියන්ස් පළමු ඉනිම කඩුලු 3ට 197 (පන්දුවාර 49යි)

 (දිලන දම්සර කුමාර නොදැවී 102, දර්ශක සංදීප් නොදැවී 51, තරිඳු අමරසිංහ 12, මතීෂ පතිරණ 41/2)

  • මුවර්ස් – සෙබස්ටියනයිට්ස් (මුවර්ස් ක්‍රීඩාංගණයේ දී)

 මුවර්ස් පළමු ඉනිම සියල්ල දැවී 238 (පන්දුවාර 62.1)

 (මල්ෂා තරුපති 68, ඔමේෂ් මෙන්ඩිස් 57, ඔෂාන් ද සිල්වා 44, රවිෂාන් ද සිල්වා 22, මහීෂ් ද සිල්වා 13, නුවන් දිනෙත් 56/5, චාරුක පීරිස් 74/3යි)

සෙබස්ටියනයිට්ස් පළමු ඉනිම කඩුලු 1ට 11යි (පන්දුවාර 4.2)

 (හිවින් කෙනුල 8/1)

  • පාණදුර – සී.සී.සී. (සී.සී.සී. ක්‍රීඩාංගණයේ දී)

 පාණදුර පළමු ඉනිම කඩුලු 5ට 174 (පන්දුවාර 56යි)

 (කවිඳු අමානෙත් 66,  චාර්ය පරණවිතාන නොදැවී 42, දුරන්ක සිල්වා 33, සෙනිත හැළඹගේ 12, තිසරු වන්නිනායක 30/2, සිතුම් විහංග සත්සිඳු 33/2)

  • ටැමිල් යුනියන් – කැන්ඩි කස්ටම් (වනාතමුල්ල පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේ දී)

 ටැමිල් යුනියන් පළමු ඉනිම සියල්ල දැවී 314 (පන්දුවාර 56.3)

 (සිනෙත් ජයවර්ධන 100, විහස් තෙව්මික 90, කවිඳු නිර්මාණ 26, රන්ජිත් කුමාර නිව්ටන් 23, ෂානුක ගලගොඩ 22, නඳුන් සිල්වා 63/4, වෙන්කට් රජේන්ද්‍රන් 52/2, ෂොන් රුද්‍රිගෝ 71/2යි)

 කැන්ඩි කස්ටම් පළමු ඉනිම කඩුල්ලක් දැවී 32 (පන්දුවාර 8යි)

 (මිහිඳු සිල්වා නොදැවී 19,  චෙහාන් සුබසිංහ 11, රන්ජිත් කුමාර නිව්ටන් 8/1)

  • ගෝල් ක්‍රීඩා සමාජය – එස්.එස්.සී. (ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී)

ගෝල් පළමු ඉනිම සියල්ල දැවී 249යි (පන්දුවාර 68.5යි)

 (සදෙව් ඉඳුවර 59, නිකිල් ජයවීර 55, හසිත සුරංග 33, මනිත රාජපක්ෂ 25, දුල්සිත් දර්ශන 17, යුරි කොට්ටිගොඩ 16, ගිෂාන් බාලසූරිය 34/5, තෙමිර කුමාරගේ 19/2, නෙෂාන් ඩයස් 50/2යි)

 එස්.එස්.සී. පළමු ඉනිම කඩුලු 2ට 21 (පන්දුවාර 9යි)

 (සදීෂ රාජපක්ෂ නොදැවී 12, රුවිෂාන් පෙරේරා 8/2)

  • කුරුණෑගල තරුණ සමාජය – බ්ලුම්ෆීල්ඩ් (වෙලගෙදර ක්‍රීඩාංගණයේ දී)

 කුරුණෑගල තරුණ පළමු ඉනිම සියල්ල දැවී 225 (පන්දුවාර 63.5යි)

 (ගයන වීරසිංහ 53, වතිල උදාර 46, සේනුක දංගමුව 39, රශ්මික මධුශංක 33, ලක්වින් අබේසිංහ 17, දුලාජ් සමුදිත 54/5, තරිඳ ගුරුගේ 34/4)

 බ්ලුම්ෆීල්ඩ් පළමු ඉනිම කිසිවෙකු නොදැවී 00 (පන්දුවාර 01යි)

  • ඒස් කැපිටල් ක්‍රිකට් සමාජය – යුනයිටඩ් සදර්න් (පාණදුරේ දී)

 ඒස් කැපිටල් පළමු ඉනිම සියල්ල දැවී 143යි (පන්දුවාර 34.2යි)

 (ළහිරු දෙවටගේ 41, සුපුන් වඩුගේ 33, රනේෂ් සිල්වා 25, රවීන් ද සිල්වා 19, තනුජ රාජපක්ෂ 13, සසංක නිර්මාල් 19/5, සිතුක ගුණවර්ධන 37/4යි)

 යුනයිටඩ් සදර්න් පළමු ඉනිම සියල්ල දැවී 126යි (පන්දුවාර 30.5)

 (ඩොමිනික් ප්‍රනාන්දු නොදැවී 47, සෙනිර ලිත්මින් 42, පෙසඳු සන්ජන් 11, වනුජ සහන් 55/6, දනාල් හේමානන්ද 33/3)

 ඒස් කැපිටල් දෙවන ඉනිම කඩුලු 5ට 55යි (පන්දුවාර 13)

 (ටනුජ රාජපක්ෂ 20, ළහිරු දෙවටගේ 13, හිමල් රවිහංස 20/3යි)

Active filters

Recent Posts

  • ‘රෝස පැහැ‘ ගැන්වුණු තරගයේ ජය ජැෆ්නා කිංග්ස්ට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කළ ‘රෝස තරගය’ […]
  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]
  • එන්.සී.සී. පිලේ චන්දූපගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ නවතම ශතකලාභියා බවට පත්වීමට එන්.සී.සී. කණ්ඩායමේ චන්දූප සේනාරත්න අද (18) පත්විය. මුවර්ස් කණ්ඩායමට […]
  • දඹුල්ල සික්සර්ස්ට ජයග්‍රාහී ආරම්භයක්
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ දෙවැනි තරගයෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 18ක විශිෂ්ට ජයක් වාර්තා කළ දඹුල්ල සික්සර්ස් කණ්ඩායම මෙවර තරගාවලිය ජයග්‍රාහී ලෙස ආරම්භ කිරීමට සමත් […]
  • ක්‍රිකට් පිටියෙන් ඔබ්බට ගිය LPL සමාජ මෙහෙවර – ‘රෝස තරගය‘
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කරන ‘රෝස තරගය‘ […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee