ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන අන්තර් සමාජ නැගී එන කණ්ඩායම් අතර අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ අද (21) ආරම්භ වු තවත් තරග දෙකක දී ඒස් කැපිටල් කණ්ඩායම සහ සී.සී.සී. කණ්ඩායම ලකුණු තුන්සියය ඉක්මවා රැස් කිරීමට සමත් විණි.
කටුනායක ගුවන් හමුදා ක්‍රීඩාංගණයේ පැවැති ඒස් කැපිටල් – කළම්බු මැලේ කණ්ඩායම් අතර තරගයේ දී ඒස් කැපිටල් පළමු ඉනිම සඳහා කඩුලු අටකට ලකුණු 378ක් රැස් කළ අතර කොස්ගම ශාලාව යුද හමුදා ක්‍රීඩාංගණයේ පැවැති සී.සී.සී. සහ ලියෝ ක්‍රිකට් සමාජය අතර තරගයේ දී සී.සී.සී. කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් සියල්ල දැවී ලකුණු 327ක් රැස් කළේය.
දිනයේ කැපී පෙනුණු පිතිකරුවා බවට පත් වු ඒස් කැපිටල් කණ්ඩායමේ අංක තුන පිතිකරු පවන් පතිරාජ ලකුණු 153ක් රැස් කළේ පන්දු 205ක දී හතරේ පහර 17ක් සහ හයේ පහර තුනක් සමගය. දීර්ඝ වේලාවක් කඩුල්ලේ රැඳී සිටි පවන් මුළු ලකුණු 347දී දැවී ගියේ කණ්ඩායමේ හත්වන කඩුල්ල ලෙසිනි.
මැලේ කණ්ඩායම සමග පැවැති මේ තරගයේ දී පවන්ට පසු ඒස් කැපිටල් වෙනුවනේ වැඩිම ලකුණු ලැබු පිතිකරුවා වු ටනුජ රාජපක්ෂ ලකුණු 53ක් රැස් කළේ පන්දු 66ක දී හතරේ පහර නවයක් සමගය.
ඒස් කැපිටල් කණ්ඩායමේ හොඳම සබඳතාව වුයේ හයවන කඩුල්ලට පවන් පතිරාජ සහ තීරක රණතුංග එක් කළ ලකුණු 115 වේ. (පන්දුවාර 22.3යි)
කොස්ගම පැවැති සී.සී.සී. – ලියේ සමාජය අතර තරගයේ දී සී.සී.සී. නායක අංක හතර පිතිකරු අංජල බණ්ඩාර පන්දු 101ක දී හතරේ පහර දහයක් සමග ලකුණු 74ක් රැස් කර කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්විණි. දෙවැනි වැඩිම ලකුණු ලාභියා වු ඉනුක කරන්නාගොඩ පන්දු 92ක දී හතරේ අටක් සමග ලකුණු 68ක් රැස් කළේය.
සී.සී.සී. කණ්ඩායමේ හොඳම සබඳතාව තෙවන කඩුල්ලට අංජල බණ්ඩාර සහ පවන් සංදේශ් එක් කළ ලකුණු 82 වේ. (පන්දුවාර 23.3යි)
ලියෝ ක්‍රිකට් කණ්ඩායමේ විශ්ව රාජපක්ෂ ලකුණු 101කට සී.සී.සී. පිතිකරුවන් සිව්දෙනෙකු දවාලමින් පන්දු යැවීමේ දී කැපී පෙනුණි.
- ඒස් කැපිටල් – කොළඹ මැලේ ක්‍රිකට් සමාජය (කටුනායක ගුවන් හමුදා ක්‍රීඩාංගණයේ දී)
ඒස් කැපිටල් පළමු ඉනිම කඩුලු 8ට 378 (පන්දුවාර 76.3)
(පවන් පතිරාජ 153, ටනුජ රාජපක්ෂ 53, තීරක රණතුංග 47, රනේෂ් සිල්වා 45, ළහිරු අබේසිංහ 33, නිමන් උමේෂ් 90/3, කවීෂ සත්සර 64/1)
කොළඹ මැලේ ක්‍රිකට් සමාජය ප්‍රථම දින තරගය නිම වන විට කඩුලු 1ට 35යි (පන්දුවාර 11යි)
(හිරන්ත ජයසිංහ 31, රවීන් ද සිල්වා 1/1)
- සී.සී.සී – ලියෝ ක්‍රිකට් සමාජය (ශාලාව යුද හමුදා ක්‍රීඩාංගණයේ දී)
සී.සී.සී. පළමු ඉනිම කඩුලු සියල්ල දැවී 327 (පන්දුවාර 77.5)
(අංජල බණ්ඩාර 74, ඉනුක කරන්නාගොඩ 68, සහන් කෝසල 60, සෙත්රු ප්‍රනාන්දු නොදැවී 27, දුල්නිත් සිගේරා 27, පවන් සංදේශ් 27, විශ්ව රාජපක්ෂ 101/4, ඕෂධ ගිම්හාන් 68/3, ගිත්මින් කොළඹගේ 57/2)
ලියෝ ක්‍රිකට් සමාජය පළමු ඉනිම කිසිවෙකු නොදැවී ලකුණු 25 (පන්දුවාර 6යි)
(අවින්ත ද අල්විස් නොදැවී 08, නෙත්ම කරුණාරත්න නොදැවී 08)





