slc
logo
Home   |    News
අගෝස්තු 10, 2025
සෙබස්තියනයිට්ස්, මොරටුවට පරදියි

sinhala editor

මොරටුව ක්‍රීඩා සමාජය සහ සෙබස්ටියනයිට්ස් ක්‍රීඩා සමාජය අතර මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ දී පැවැති අන්තර් සමාජ අවුරුදු 23න් පහළ නැගී එන කණ්ඩායම් අතර දෙදින ක්‍රිකට් තරගයෙන් මොරටුව ක්‍රීඩා සමාජය ලකුණු 41කින් සෙබස්ටියනයිට්ස් පරදා ජය ලැබීය. මේ තරගයෙන් ජය ලැබීමට සෙබස්ටියනයිට්ස් කණ්ඩායමට දෙවන ඉනිමේ දී ලකුණු 248ක් අවශ්‍ය වුවත් ඔවුනගේ සියලු පිතිකරුවන් දැවී ගියේ ලකුණු 206කටය.

මොරටුව ක්‍රීඩා සමාජය වෙනුවෙන් දෙවන ඉනිමේ දී ප්‍රබල පන්දු යැවීමක නිරත වු දුවිඳු සෙව්මිණ ලකුණු 28කට කඩුලු හයක් ද දවාලීමට සමත් විණි. සෙබස්ටියනයිට්ස් දෙවන ඉනිමේ දී මනස ද සිල්වා ලකුණු 43ක් ද  නුවන් දිනෙත් ලකුණු 35ක් ද මුල් පෙළ පිතිකරුවන් වශයෙන් දෙවන සහ තුන්වන කඩුලුවලට හොඳින් පන්දුවට පහර දුන්නත් මැදපෙළ සහ අගපෙළ පිතිකරුවන්ගෙන් ප්‍රමාණවත් ලකුණු සංඛ්‍යාව වාර්තා නොවීම පරාජයට හේතූන් විය.

ප්‍රථම දිනයේ දී මොරටුව ක්‍රීඩා සමාජය සිය පළමු ඉනිම සඳහා සියල්ල දැවී රැස් කළ ලකුණු 177ට පිළිතුරු ලෙස සෙබස්ට්යනයිට්ස් පළමු ඉනිම සඳහා සියල්ල දැවී ගත්තේ ලකුණු 131කි. සෙබස්ටියනයිට්ස් ප්‍රථම දින නිමා වන විට කඩුලු 8කට ලකුණු 110ක් ලබා සිටි අතර ඔවුන් දෙවන දින උදෑසන ඉතිරි කඩුලු දෙක දැවී තවත් එක්කර ගත්තේ ලකුණු 21ක් පමණකි. ප්‍රථම දින නොදැවී ලකුණු 24ක් ලබා සිටි ලස්මික පෙරේරා අද ලකුණු 36කට දැවී ගියේ උදෑසන පෞද්ගලික ලකුණු 12ක් එක්කර සිටියදීය.

ප්‍රථම දින කඩුලු තුනක් දවා සිටි මොරටුව ක්‍රීඩා සමාජයේ ලසෙන් ගුණරත්න පළමු ඉනිම නිම වන විට ලකුණු 32කට කඩුලු පහක් දවා දක්ෂ පන්දු යැවීමක නිරතව සිටියේය.

මොරටුව ක්‍රීඩා සමාජය දෙවන ඉනිමේ දී වේගවත් පිතිහරඹයක නිරතව පන්දුවාර 41.1ක දී කඩුලු 3කට ලකුණු 201ක් රැස් කර තම වාරය නතර කර සෙබස්ටියනයිට්ස්ට ලකුණු 248ක ජයග්‍රහණ ඉලක්කයක් ලබා දුන්නේය.

මොරටුව දෙවන ඉනිමේ දී අංක හතර පිතිකරු නායක සහන් කෞෂල්‍ය ලකුණු 84ක් ද සහ අංක පහ පිතිකරු අභිෂේක් ලියනආරච්චි නොදැවී ලකුණු 74ක් ද රැස් කළහ. මොවුන් දෙදෙනාගේ තෙවන කඩුල්ලේ සබඳතාව පන්දුවාර 31.1ක දී ලකුණු 153කි.

තරගයෙන් ජය ගැනීමට සෙබස්ටියනයිට්ස් කණ්ඩායාම ලකුණු 248ක් හඔායාමට පැමිණි අවස්ථාවේ ඔවුන් වරක කඩුලු දෙකට ලකුණු 114ක් ලබා ප්‍රබල තත්ත්වයක සිටියත් පසුව අවසාන කඩුලු අට දැවී ගියේ ලකුණු 92ක් එක් වද්දීය.

මොරටුව ක්‍රීඩා සමාජය ප්‍රථම ඉනිම සියල්ල දැවී 177 (පන්දුවාර 53.5යි) – (අභිෂේක් ලියනආරච්චි 73, මලිත පෙරේරා 30, අමිත දාබරේ 22, මනීන්ද්‍ර ජයතුංග 20, අනුක් දේවනාරායන 54/6, නුවන් දිනෙත් 33/3)

සෙබස්ටියනයිට්ස් ප්‍රථම ඉනිම සියල්ල දැවී 131යි (පන්දුවාර 41.5)

ලස්මිත පෙරේරා 36, ෂෙනෙස හෙට්ටිආරච්චි 25, කවිඳු ගයත්‍ර 20, ආකාෂ් ප්‍රනාන්දු 17, චානුක අතුකෝරාල 11, මනස ද සිල්වා 10, ලසෙන් ගුණරත්න 32/5, උෂාන් සත්සර 39/3)

මොරටුව ක්‍රීඩා සමාජය දෙවන ඉනිම කඩුලු 3ට 201යි (පන්දුවාර41.1)

(සහන් කෞෂල්‍ය 84, අභිෂේක් ලියනආරච්චි නොදැවී 74, අමිත දාබරේ 21, මලිත පෙරේරා 10, චනුල අතුකෝරල 35/1)

සෙබස්ටියනයිට්ස් දෙවන ඉනිම සියල්ල දැවී 206 (පන්දුවාර 36.5)

මනස ද සිල්වා 45, නුවන් දිනෙත් 35, කවිඳු ගයත්‍ර 34, ෂෙනෙෂ් හෙට්ටිආරච්චි 29, ආකාෂ් ප්‍රනාන්දු 21, චමිඳු පෙරේරා 16, දුවිඳු සෙව්මිණ 28/6, ලසෙන් ගුණරත්න 58/2, සහන් කෞෂල්‍ය 53/2)

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar