slc
logo
Home   |    News
අගෝස්තු 1, 2025
LPL තරගාවලියේ 6 වැන්නට දින තීන්දු වෙයි

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය හෙවත් හයවැනි LPL තරගාවලිය ලබන නොවැම්බර් මස 27 වැනිදා සිට දෙසැම්බර් මස 23 වැනිදා දක්වා පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටියි.

කොළඹ ආර්. ප්‍රේමදාස, පල්ලේකැලේ සහ රංගිරි දඹුල්ල යන ජාත්‍යන්තර ක්‍රීඩංගණවලදී 6 වැනි සංස්කරණයේ සියලුම තරග පැවැත්වෙනු ඇත.

“එළැඹෙන 2026 වසරේ පැවැත්වීමට නියමිත අයි.සී.සී. පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සූදානම් කිරීම අරමුණු කර ගනිමින් මෙම කාල රාමුව තුළ LPL තරගාවලිය පැවැත්වීමට කටයුතු ගෙන තිබෙනවා“ යැයි මේ පිළිබඳව අදහස් දක්වන තරගාවලි අධ්‍යක්ෂක සමන්ත දොඩන්වල මහතා පැවැසීය.

ජාත්‍යන්තර ආකර්ෂණයක් සහිතව ශ්‍රී ලංකාවේ පවත්වනු ලබන ප්‍රධානතම දේශීය විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය වන මෙම ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේදී, මෙරට පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩා කරනු ලබන ක්‍රීඩකයින්ට ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයින් සමග ක්‍රීඩා කරමින් ඔවුන් සතු අත්දැකීම් බෙදා ගැනීම සඳහා වන ශක්තිමත් වේදිකාවක් ද වනු ඇත.

2020 වසරේදී පළමු වරට පවත්වන ලද මෙම එල්.පී.එල්. තරගාවලිය මේ දක්වා අඛණ්ඩව වාර්ෂිකව පවත්වනු ලබන අතර එය ශ්‍රී ලංකා ක්‍රිකට් දින දර්ශකයේ වැදගත් අංගයක් බවට පත්ව තිබේ.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee