ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තරගයකදී සිංහල ක්‍රීඩා සමාජ කාන්තා ක්‍රිකට් පිල ලකුණු 181කින් කොළඹ ක්‍රිකට් සමාජ කාන්තා පිල පරාජය කළේය. මෙම දැවැන්ත ජය එස්එස්සී පිල මෙවර තරගාවලියේ වාර්තා කළ පළමු ජයගත්රහණය වීම විශේෂත්වයකි.
කොළඹ සීසීසී ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනාගත් එස්එස්සී කාන්තා ක්‍රිකට් පිල මුලින් පන්දුවට පහරදී කඩුලු 3කට ලකුණු 328ක් රැස්කරමින් තරගාවලියේ කණ්ඩායමක් රැස්කළ වැඩිම ලකුණු ගණන වාර්තා කිරීම කැපී පෙණුනි. මෙයට පෙර ශ්‍රී ලංකා නාවික හමුදා කාන්තා ක්‍රිකට් පිල බඳුරලිය පිලට එරෙහිව කඩුලු 4කට ලකුණු 302ක් ලබා වැඩිම ලකුණු ගණන මෙවර තරගාවලියේ වාර්තා කර තිබිණි.
එස්එස්සී ආරම්භක පිතිකාරිණී ළිහිණි අප්සරා පන්දු 142කදී හතරේ පහර 16ක් සමඟ නොදැවි ලකුණු 127ක් ලබා පිත්තෙන් දස්කම් දැක්වූ අතර, අමා කාංචනා පන්දු 47කදී හයේ පහර 3ක් හා හතරේ පහර 6ක් සමඟ නොදැවී ලකුණු 73ක් ලබා ඉනිමට වේගවත් බව එක් කළාය.
ලිහිණි වාර්තා කරන ලද මෙම ශතකය මෙවර තරග වාරයේ පිතිකාරිණියක වාර්තා කරන ලද දෙවැනි ශතකය ලෙසින්ද සනිටුහන් විය.
ඉකුත් 2019 වසරේ පැවැති දකුණු ආසියානු ක්‍රීඩා තරගාවලිය සඳහා සහභාගිවුණු ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකාවක වන ලිහිණි, එස්. එස්. සී. කණ්ඩායමේ කඩුලු රකින්නිය වශයෙන්ද කටයුතු කරන්නීය.
ආරම්භක පිතිකාරිණිය වූ ළිහිණි අප්සරා සාර්ථක සබඳතා තුනක් ගොඩනැගීමට දායක වූ අතර, පළමු කඩුල්ලට ළිහිණි හා ඉරේෂා සඳමාලි අතර පන්දු 104කදී ලකුණු 97ක සබඳතාවක්, දෙවැනි කඩුල්ලට ළිහිණි හා සෙත්මි නෙහාරා අතර පන්දු 53කදී ලකුණු 60ක් හා අමා කාංචනා හා ළිහිණි අතර සිව්වැනි කඩුල්ලට පන්දු 92කදී නොබිඳුණු ලකුණු 138ක සබඳතා ගොඩනැගුණි.
අද නිමාවූ තරගවලදී හලාවත මේරියන්ස් කාන්තා ක්‍රිකට් පිලේ නායිකා චමරි අතපත්තු පිත්තෙන් හා පන්දුවෙන් දස්කම් දැක්වූවාය. ඇය පන්දු 67කදී හයේ පහරක් හා හතරේ පහර 9ක් සමඟ නොදැවී ලකුණු 65ක් රැස්කළ අතර, ලකුණු 16කට කෝල්ට්ස් කාන්තා පිලේ කඩුලු 4ක් බිදෙලුවාය.
එමෙන්ම එස්එස්සී පිලේ ඉරේෂා ශ්‍යාමලී ලකුණු 25කට කඩුලු 4ක් හා ශ්‍රී ලංකා නාවික හමුදා කාන්තා ක්‍රිකට් පිලේ උදේශිකා ප්‍රබෝධනී ලකුණු 20කට කඩුලු 4ක් බිදහෙළූහ.
කොළඹ ක්‍රිකට් සමාජ කාන්තා ක්‍රිකට් පිලේ විශ්මි සොයිසා හා හලාවත මේරියන්ස් කාන්තා ක්‍රිකට් පිලේ සන්ජනා කාවින්දි අද දිනයේ අර්ධ ශතක වාර්තා කළහ.
සිංහල ක්‍රීඩා සමාජ කාන්තා ක්‍රිකට් පිල කඩුලු 3ක් දැවී ලකුණු 328 (50)
ඉරේෂා ශ්‍යාමලී 35, ළිහිණි අප්සරා නොදැවි 127, සෙත්මි නෙහාරා 30, අසෙනි තලගුනේ 14, අමා කාංචනා නොදැවී 73, අතිරේක 48 (ලිමී තිලකරත්න 39/2)
කොළඹ ක්‍රිකට් සමාජ කාන්තා ක්‍රිකට් පිල සියලු දෙනා දැවී ලකුණු 147 (48.5)
යශෝධා සේනාරත්න 28, චුෂාදි කෞෂල්‍යා 11, විශ්මි සොයිසා 51, පමෝදා ෂානී 20, අතිරේක 15 (ඉරේෂා ශ්‍යාමලී 25/4, චමරි ලක්ෂාණී 21/3)
හලාවත මේරියන්ස්ට කඩුලු 10ක ජයක්
කොළඹ කෝල්ට්ස් ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී කාසියේ වාසිය දිනාගත් හලාවත මේරියන්ස් කාන්තා ක්‍රිකට් පිල මුලින් පන්දුවට පහරදීමට කෝල්ට්ස් කාන්තා ක්‍රිකට් පිලට ආරාධනා කළේය.
කෝල්ට්ස් කාන්තා ක්‍රිකට් පිල සියලු දෙනා දැවී ලකුණු 126 (49.2)
එරන්දි වර්ණකුලසූරිය 26, නිලක්ෂි කාවින්ද්‍යා 14, කළණි යාපා 13, නෙත්මි උපේක්ෂා 11, සයනි සේනාරත්න 13, චමෝදි දේවින්ද්‍යා 22, අතිරේක 5 (දෙව්මි විහංගා 25/2, චමරි අතපත්තු 16/4)
හලාවත මේරියන්ස් කාන්තා ක්‍රිකට් පිල කිසිවෙකු නොදැවී ලකුණු 127 (24.1)
චමරි අතපත්තු නොදැවී 65, සන්ජනා කාවින්දි නොදැවී 53, අතිරේක 9
පානදුරට කඩුලු 3ක ජයක්
කටුනායක ගුවන් හමුදා ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී කාසියේ වාසිය දිනාගත් පානදුර ක්‍රීඩා සමාජ කාන්තා ක්‍රිකට් පිල මුලින් පන්දුවට පහරදීමට ඒස් කැපිටල් පිලට ආරාධනා කළේය.
ඒස් කැපිටල් කාන්තා ක්‍රිකට් පිල සියලු දෙනා දැවී ලකුණු 97 (35.5)
යෙනුලි සත්නදී 18, මල්ෂා මධුෂානි 18, හසිනි ඉන්ද්‍රජිත් 29, අතිරේක 17 (රශ්මි සංජනා 14/3, ප්‍රමුදි මෙත්සරා 16/3, පියුමි වත්සලා 8/2)
පානදුර ක්‍රීඩා සමාජ කාන්තා ක්‍රිකට් පිල කඩුලු 7ක් දැවී ලකුණු 100 (24.1)
විමෝක්ෂා බාලසූරිය 20, පියුමි වත්සලා 33, රශ්මිකා සෙව්වන්දි 10, අතිරේක 14 ( සුගන්ධිකා පතිරණ 26/2, ජනාදි අනලී 33/3)
ගුවන් හමුදාවට ලකුණු 45ක ජයක්
මග්ගොන සරේ ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා ක්‍රිකට් පිල මුලින් පන්දුවට පහරදීමට තීරණය කළේය.
ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා ක්‍රිකට් පිල සියලු දෙනා දැවී ලකුණු 104 (27.2)
යශෝධා මෙන්ඩිස් 15, හර්ෂණී විජේසූරිය 19, අයේෂා කීර්තිරත්න නොදැවී 21, අතිරේක 12 (උමයංගනා පීරිස් 22/3, සෙව්මිණි ශෂිකලා 29/3)
බඳුරලිය කාන්තා ක්‍රිකට් පිල සියලු දෙනා දැවී ලකුණු 59 (34.1)
රශ්මි නේත්‍රාංජලී 19, හිරුණි හංසිකා 18, අතිරේක 9 (මල්කි මදාරා 14/2, මල්ෂා ෂෙහානි 3/2)
නාවික හමුදාවට කඩුලු 5ක ජයක්
වැලිසර නාවික ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා ක්‍රිකට් පිල මුලින් පන්දුවට පහරදීමට තීරණය කළේය.
ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා ක්‍රිකට් පිල සියලු දෙනා දැවී ලකුණු 59 (22.4)
නෙත්මි සේනාරත්න 10, සුගන්ධිකා කුමාරි 19, උදයංගා ද සිල්වා 17 (උදේශිකා ප්‍රබෝධනී 20/4, ඉනෝකා රණවීර 8/2, සත්‍යා සනංදීපා 5/3)
ශ්‍රී ලංකා නාවික හමුදා කාන්තා ක්‍රිකට් පිල කඩුලු 5ක් දැවී ලකුණු 61 (19.5)
හර්ෂිතා සමරවික්‍රම 24, නිලක්ෂණා සඳමිණි 22 (සුදර්ශිකා බණ්ඩාර 6/2)





