ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන අන්තර් සමාජ අවුරුදු 23න් පහළ නැගී එන (එමර්ජින්) දෙදින ක්‍රිකට් තරගාවලියේ අද (06) අවසන් වු තරග 11ක් අතුරින් බදුරලිය, කෝල්ට්ස් සහ හලාවත මේරියන්ස් කණ්ඩායම් තුන ජයග්‍රහණ අත්කර ගත්හ.
හලාවත මේරියන්ස් ඉනිමකින් සහ ලකුණු 75කින් නාවික හමුදා කණ්ඩායමත් කෝල්ට්ස් කණ්ඩායම කඩුලු නවයකින් ලියෝ ක්‍රිකට් සමාජයත් බදුරලිය ක්‍රිකට් සමාජය කඩුලු නවයකින් යුනයිටඩ් සදර්න් ක්‍රීඩා සමාජයත් අද පරාජයට පත් කළහ.
මීට අමතරව පැවැති තවත් තරග අටක් අද දිනයේ ජය පැරැදුමකින් තොරව නිමාවට පත්විය. එම තරග වුයේ පොලීසිය – එස්.එස්.සී., සී.සී.සී. – මීගමුව, යුද හමුදාව – බී.ආර්.සී., මුවර්ස් – මොරටුව, කුරුණෑගල තරුණ ක්‍රීඩා සමාජය – ගාල්ල ක්‍රිකට් සමාජය, නුගේගොඩ ක්‍රීඩා සහ සුබසාධක සමාජය – කොළඹ මැලේ කණ්ඩායම, එන්.සී.සී. – සෙබස්ටියනයිට්ස් සහ බ්ලුම්ෆීල්ඩ් – කැන්ඩි කස්ටම් අතර තරගයි.
මේ අතර අද පාණදුර මහජන ක්‍රීඩාංගණයේ ආරම්භ වු රාගම ක්‍රීඩා සමාජය සහ පාණදුර ක්‍රීඩා සමාජය අතර තරගයේ දී රාගම පළමු ඉනිමේ රැස් කළ ලකුණු 194ට පිළිතුරු ලෙස පාණදුර ක්‍රීඩා සමාජය කඩුල්ලක් දැවී ලකුණු 121ක් රැස්කර ප්‍රබල තත්ත්වයක පසු විය.
මෙදින රාගම කණ්ඩායමේ දෙනුර දිමන්සිත් පන්දු 71ක දී හතරේ පහර 11ක් සමග ලකුණු 72ක් රැස් කිරීමට සමත් විය. එන්.සී.සී. – සෙබස්ටියනයිට්ස් තරගයේ දී සෙබස්ටියනයිට්ස් කණ්ඩායමේ කවිඳු ගයත්‍ර පන්දු 154ක දී හතරේ 11ක් සමග නොදැවී ලකුණු 102ක් ද කොල්ට්ස් – ලියෝ තරගයේ දී කෝල්ට්ස් කණ්ඩායමේ අංජල බණ්ඩාර පන්දු 191ක දී හතරේ 10ක් හයේ හතරක් සමග ලකුණු 138ක් ද එස්.එස්.සී. – පොලීසිය තරගයේ දී එස්.එස්.සී. කණ්ඩායමේ සදීෂ රාජපක්ෂ පන්දු 192ක දී හතරේ 11ක් හයේ දෙකක් සමග ලකුණු 118ක් ද රැස් කළහ.
තරග ප්‍රතිඵල
- යුද හමුදාව – බී.ආර්.සී. (බී.ආර්.සී. පළමු ඉනිමේ ඉදිරියෙන්)
යුද හමුදාව පළමු ඉනිම සියල්ල දැවී 222යි (පන්දුවාර 63.5යි)
(ෂෙනෙල් සමරතුංග 51, සචිත් දිල්ෂාන් 50, තරිඳු දිලංකා 39, අමිල පෙරේරා 22, අෂාන් සුදර්ශන 19, තරුක්ෂ අසෙල් 63/6, යසිරු රුද්‍රිගෝ 38/1)
බී.ආර්.සී. පළමු ඉනිම සියල්ල දැවී 274 (පන්දුවාර 84.1යි)
(යසිරු රුද්‍රිගෝ 77, දිනුරු අබේවික්‍රමසිංහ 50, විශ්ව සුපුන් 47, ශ්‍රීතාර සාරංග 29, තරුක්ෂ අසෙල් 22, දිමන්ත අරුණශාන්ත 38/4, ෂෙනෙල් සමරතුංග 62/2යි)
යුද හමුදාව දෙවන ඉනිම කඩුලු 6ට 202 (පන්දුවාර 30යි)
(අෂාන් සුදර්ශන 58, අමිල පෙරේරා 47, දිමන්ත අරූෂ 36, සෙනෙල් සමරතුංග නොදැවී 25, තනුජ පලිහවඩන 63/3, ෂම්මු ගිම්හාන් 66/3)
- බදුරලිය – යුනයිටඩ් සදර්න් ක්‍රීඩා සමාජය (බදුරලිය කඩුලු 9කින් ජය ගනී)
බදුරලිය පළමු ඉනිම සියල්ල දැවී 253 (පන්දුවාර 63.4යි)
(ෂෙහාන් මධුශංක 61, කවිෂ්ක ඉමේෂ් 57, ශංඛ දේශප්‍රිය 50, යෙනුල දෙව්තිසා 22, මානස මධුභාෂණ 15, ෂැරන් අභිෂේක් 14, සදෙව් ගමගේ 35/3, සිතුක ගුණවර්ධන 69/3යි)
යුනයිටඩ් සදර්න් ක්‍රීඩා සමාජය පළමු ඉනිම සියල්ල දැවී 125 (පන්දුවාර 41යි)
(විරංග යෙෂාන් 24, තරූෂ් දමිඳු නොදැවී 24, හංස මිහිරංග 23, පෙසඳු සංජාන් 19, බ්‍රයන් හංසජ 60/4, ෂැරන් අභිෂේක් 30/4, යෙනුල දෙව්තුසා 15/2)
යුනයිටඩ් සදර්න් ක්‍රීඩා සමාජය දෙවන ඉනිම සියල්ල දැවී 175 (පන්දුවාර 49.1යි)
(විරංග යෙෂාන් නොදැවී 87, හංස මිහිරංග 21, තරූෂ් දමිඳු 16, බ්‍රයන් හංසජ 61/4, යෙනුල දෙව්තුසා 19/2, සඳුන් මෙන්ඩිස් 42/2)
බදුරලිය ක්‍රීඩා සමාජය දෙවන ඉනිම කඩුලු 1ට 48 (පන්දුවාර 7.1යි)
(දිනාල් ඉඳුවර නොදැවී 26, ෂෙහාන් මධුශංක නොදැවී 20, සිතුක ගුණවර්ධන 25/1)
- නුගේගොඩ ක්‍රීඩා සහ සුබසාධක සමාජය – කොළඹ මැලේ ක්‍රීඩා සමාජය (නුගේගොඩ ක්‍රීඩා සමාජය පළමු ඉනිමේ දී ලකුණු 45කින් ඉදිරියෙන්)
නුගේගොඩ ක්‍රීඩා සහ සුබසාධක සමාජය ප්‍රථම ඉනිම සියල්ල දැවී 298යි (පන්දුවාර 88.3යි)
(පුළිඳු පෙරේරා 151, දසිස් මංචනායක 31, අක්රම් මුතාලිබ් 27, අභිෂේක් ජයවීර 22, පසිඳු පැතුම් 18, කවීෂ සත්සර 75/5, නිමන් උමේෂ් 88/2යි)
කොළඹ මැලේ ක්‍රීඩා සමාජය පළමු ඉනිම සියල්ල දැවී 253 (පන්දුවාර 79.4)
(වෝෂිත අමරසිංහ 63, විදුනෙත් විල්සන් 59, කෙවින් සැමුවල් 43, හිරන්ත ජයසිංහ 49, කවීන් සත්සර 20, සෙනුර ගිම්හාන් 58/4, අබ්දුල් ශිරාඩ් 46/2, නිර්මල රත්නායක 88/2)
නුගේගොඩ දෙවන ඉනිම කඩුලු 1ට 16යි
- මොරටුව ක්‍රීඩා සමාජය – මුවර්ස් (මුවර්ස් පළමු ඉනිමේ දී ඉදිරියෙන්)
මොරටුව ක්‍රීඩා සමාජය පළමු ඉනිම සියල්ල දැවී 293 (පන්දුවාර 65.4)
(අමිත දාබරේ 77, මලිත පෙරේරා 73, සහන් කෞෂල්‍ය 46, දුමිඳු සෙව්මිණ 39, ඉඳුවර උදේන 15, නෙතුල් අනුහස් 67/3, මල්ෂා තරුපති 77/3, ගරුක සන්කෙත් 44/2)
මුවර්ස් පළමු ඉනිම කඩුලු 9ට 332 (පන්දුවාර 78යි)
(මල්ෂා තරුපති 92, ඔෂාන් ද සිල්වා 50, ඔමේෂ් මෙන්ඩිස් 41, ප්‍රසන්න කුරේ 41, ළහිරු අමරසේකර 32, විෂාර ප්‍රනාන්දු 17, සංදේශ් ප්‍රනාන්දු 66/3, උෂාන් සත්සර 87/3, දුමිඳු සෙව්මිණ 34/2යි)
මොරටුව ක්‍රීඩා සමාජය දෙවන ඉනිම කඩුලු 7ට 107 (පන්දුවාර 32)
(අමිත දාබරේ 31, සංජානා සෙනෙවිරත්න නොදැවී 23, සහන් කෞශල්‍ය 17, මල්ෂා තරුපති 23/4, ළහිරු අමරසේකර 28/2)
- හලාවත මේරියන්ස් – නාවික හමුදාව (හලාවත මේරියන්ස් ඉනිමකින් සහ ලකුණු 75කින් ජය ගනී)
හලාවත මේරියන්ස් පළමු ඉනිම 379 (පන්දුවාර 76.1යි)
(දර්ශක සංදීප 131, සකුන ලියනගේ 111, මෙලන් හංසක 32, යසිරු ලක්ෂාන් 26, තිමිර ඉරුෂික 20, ජනිත් ප්‍රනාන්දු 76/4, ඉෂාන් අනුරුද්ධ 69/2, රුවින් සංකල්ප 72/2
නාවික හමුදාව පළමු ඉනිම සියල්ල දැවී 111යි (පන්දුවාර 44යි)
(රුවින් ෆොන්සේකා 23, මයුර මල්ෂාන් 19, ජනිත් ප්‍රනාන්දු 13, සුමල්ක ප්‍රනාන්දු 10, තිමිර ඉරුෂ්ක 35/6, මෙලාන් හංසක 34/2)
නාවික හමුදාව දෙවන ඉනිම සියල්ල දැවී 193 (පන්දුවාර 48.1යි)
(උවිඳු පෙරේරා 60, මයුර මල්ෂාන් 39, රිද්ම කොළඹගේ 26, ජනිත් ප්‍රනාන්දු 18, චාමික රණසිංහ 14, මෙලාන් හංසක 65/7, ඩිලාන දම්සර 42/2යි)
- එන්.සී.සී. – සෙබස්ටියනයිට්ස් (සෙබස්ටියනයිට්ස් පළමු ඉනිමේ දී ඉදිරියෙන්)
එන්.සී.සී. පළමු ඉනිම කඩුලු 9ට 323 (පන්දුවාර 76.5යි)
(ජීවක ශෂින් 105, ගවිරු සෙන්හස් 53, නෙලුක හෙෂාන් 40, උවින් පෙරේරා 32, සරිත් සුධීර 29, දුනෙත් ගුණවර්ධන 24, විනුක රූබසිංහ 23, අනුක් දේවනාරායන 79/3, ලක්මික පෙරේරා 27/3)
සෙබස්ටියනයිට්ස් ප්‍රථම ඉනිම කඩුලු 8ට 429යි (පන්දුවාර 102.3යි)
(කවිඳු ගයත්‍ර නොදැවී 102, චමිඳු පෙරේරා 88, මානස ද සිල්වා 78, මනුප මන්මිත 63, චාරුක පෙරේරා 24, ලස්මික පෙරේරා 18, තිනෙත් ශාලින්ග 67/3, උචිත නෙතාර 92/2යි)
- කෝල්ට්ස් – ලියෝ ක්‍රිකට් සමාජය (කෝල්ට්ස් කඩුලු 9කින් ජය ගනී)
ලියෝ ක්‍රිකට් සමාජය පළමු ඉනිම සියල්ල දැවී 140 (පන්දුවාර 42යි)
(නෙත්ම කරුණාරත්න 27, ගිත්මින් කොළඹගේ 27, විශ්ව රාජපක්ෂ 22, ස්ටීවන් ප්‍රනාන්දු 18, පූර්ණ කල්හාර 16, රයන් දිසානායක 34/5, කවීෂ ලියනආරච්චි 39/3යි)
කෝල්ට්ස් පළමු ඉනිම කඩුලු 7ට 260යි (පන්දුවාර 64)
(රන්දුනු ගංගානාත් 128, හිරුණ ගාල්ලගේ 36, රයන් දිසානායක 35, රුසඳ ගමගේ 24, ගිත්මින් කොළඹගේ 58/3, විශ්ව රාජපක්ෂ 48/2යි)
ලියෝ දෙවන ඉනිම සියල්ල දැවී 165 (පන්දුවාර 47.2)
(නෙත්ම කරුණාරත්න 45, ගිත්මින් කොළඹගේ නොදැවී 20, සළිඳු පතිරණ 19, අවින්ත ද අල්විස් 18, පූර්ණ කල්හාර 17, ප්‍රවීන් මනීෂ 36/5, රයන් දිසානායක 48/2යි)
කෝල්ට්ස් දෙවන ඉනිම කඩුලු 1ට 48යි (පන්දුවාර 9යි)
(රන්දුනු ගංගානාත් නොදැවී 26, රයන් දිසානායක නොදැවී 16)
- සී.සී.සී – මීගමුව ක්‍රිකට් සමාජය (සී.සී.සී.ට පළමු ඉනිමේ ජය)
මීගමුව ක්‍රිකට් සමාජය පළමු ඉනිම සියල්ල දැවී 181යි (පන්දුවාර 57.2යි)
(කවීන් ප්‍රනාන්දු 99, හසිඳු සෙව්මිණ 25, තත්සර එසාන් 15, සෙත්රු ප්‍රනාන්දු 58/4, ඉනුක කරන්නාගොඩ 27/3)
සී.සී.සී. පළමු ඉනිම සියල්ල දැවී 286 (පන්දුවාර 70.4යි)
(අංජල බණ්ඩාර 138, පවන් සංදේශ් 47, හිරුෂ දෙව්මික 25, සහන් කෝසල 24, ෂෙහාන් ප්‍රමෝද් 26/4, ෂහේන් අවිශ්ක 27/2, තත්සර එෂාන් 9/2යි)
මීගමුව ක්‍රීඩා සමාජය දෙවන ඉනිම කඩුලු 4ට 150යි (පන්දුවාර 52.5යි)
(තත්සර එෂාන් නොදැවී 57, වගීෂ පෙරේරා 25, සෆ්නි ඩීන් නොදැවී 21, කවීන් ප්‍රනාන්දු 21, හසිඳු සෙව්මිණ 17, ඉනුක කරන්නාගොඩ 40/2යි)
- කුරුණෑගල තරුණ සමාජය – ගාල්ල ක්‍රීඩා සමාජය (කුරුණෑගල තරුණ කණ්ඩායමට පළමු ඉනිමේ ජය)
කුරුණෑගල තරුණ කණ්ඩායම පළමු ඉනිම සියල්ල දැවී 270යි (පන්දුවාර 71.4යි)
(වතිල උදාර 76, ලක්වින් අබේසිංහ 55, කෞෂික කුමාරසිංහ 38, රශ්මික මධුශංක 23, රුවිෂාන් පෙරේරා 65/6, චමත් දිල්සර 52/2)
ගාල්ල ක්‍රීඩා සමාජය පළමු ඉනිම සියල්ල දැවී 207 (පන්දුවාර 77.4)
(දුල්සිත් දර්ශන 91, චමත් දිල්සර 16, හසිත සුරංග 16, සංදෙව් ඉඳුවර 15, ෂෙනුක දංගමුව 44/4, දිනුක තෙන්නකෝන් 56/3)
කුරුණෑගල තරුණ කණ්ඩායම දෙවන ඉනිම කඩුලු 3ට 153 (පන්දුවාර 23යි)
(කවිඳු ඒකනායක 60, සත්සර නවෝද් 47, කෞෂික කුමාරසිංහ නොදැවී 25, යුරි කොට්ටිගොඩ 48/3)
- බ්ලුම්ෆීල්ඩ් – කැන්ඩි කස්ටම් (බ්ලුම්ෆීල්ඩ් පළමු ඉනිමේ ඉදිරියෙන්)
බ්ලුම්ෆීල්ඩ් පළමු ඉනිම කඩුලු 9ට 318යි (පන්දුවාර 75)
(මිනෙත් ප්‍රේමරත්න නොදැවී 158, සවිඳු රුද්‍රිගෝ 39, තරිඳු හර්ෂණ 36, දුලාජ් සමුදිත 22, හසිත අමරසිංහ 14, ෂොන් රුද්‍රිගෝ 51/4, අර්ෂාන් ජෝශප් 29/1)
කැන්ඩි කස්ටම් පළමු ඉනිම සියල්ල දැවී 222 (පන්දුවාර 66යි)
(සුධීර වීරරත්න නොදැවී 72, අර්ෂාන් ජෝශප් 52, කවිඳු අමරසිංහ 36, නඳුන් අසේල සිල්වා 23, දුලාජ් සමුදිත 47/3, තරිඳ ගුරුගේ 54/3, මිහිරංග සිල්වා 24/2යි)
බ්ලුම්ෆීල්ඩ් දෙවන ඉනිම කඩුලු නොදැවී 98 (පන්දුවාර 11යි)
(හසිත අමරසිංහ නොදැවී 71, මිනෙත් ප්‍රේමරත්න නොදැවී 25)
කැන්ඩි කස්ටම් දෙවන ඉනිම කඩුලු 1ට 102 (පන්දුවාර 18)
(මිහිඳු සිල්වා නොදැවී 57, සුධීර වීරරත්න නොදැවී 30, තරිඳ ගුරුගේ 26/1)
- පොලීසිය – එස්.එස්.සී. (එස්.එස්.සී.ට පළමු ඉනිමේ ජය)
පොලිස් ක්‍රීඩා සමාජය පළමු ඉනිම සියල්ල දැවී 220 (පන්දුවාර 56.2)
(රශ්මික හිරුෂාන් පෙරේරා 118, ඉරුෂ ආකාෂ් 24, ධනුජ ඉඳුවර 13, දිනුර කළුපහන 41/3, ගිහාන් බාලසූරිය 47/2, නිම්නක ජයතිලක 53/2)
එස්.එස්.සී. පළමු ඉනිම කඩුලු 9ට 255යි (පන්දුවාර 66.2යි)
(සදීෂ රාජපක්ෂ 118, ෂෙවොන් ඩැනියල් 63, ෂෙහාන් හසරංග 16, නදීෂ ආකාෂ් 14, නිපුන් ප්‍රේමරත්න 54/5, ඉශිර ආයුපාල 11/1යි)
පොලීසිය දෙවන ඉනිම කඩුලු 6ට 147යි (පන්දුවාර 44යි)
(ඉරුෂ ආකාෂ් නොදැවී 60, සංගීත් ශෙහාර 25, මනුජ චන්තුක නොදැවී 14, ගිෂාන් බාලසූරිය 48/3, රිවිත් ජයසූරිය 33/2යි)
- රාගම ක්‍රිකට් සමාජය – පාණදුර ක්‍රිකට් සමාජය (පාණදුර මහජන ක්‍රීඩාංගණයේ දී) (ප්‍රථම දින තරගය)
රාගම පළමු ඉනිම සියල්ල දැවී 194 (පන්දුවාර 51.1යි)
(දෙනුර දිමන්සිත් 72, යෝෂිත ඉසුරංග 50, මලීෂ සිල්වා 26, මෙවිඳු කුමාරසිරි 40/6, සහන් මිහිර 38/2, විශ්ව ළහිරු කුමාර 55/2)
පාණදුර පළමු ඉනිම කඩුලු 1ට 121 (පන්දුවාර 38යි)
(කවිඳු අමමෙත් නොදැවී 57, චාර්ය පරණවිතාන නොදැවී 39, දුරන්ක සිල්වා 17, ෂෙවාන් මෝසස් 19/1යි)





