slc
logo
Home   |    News
සැප්තැම්බර් 16, 2025
ශ්‍රී ලංකා යෞවනයෝ ගෞරවාන්විතව එක්දින තරගාවලිය නිමා කරති

sinhala editor

තරග 7 කින් සමන්විත ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය යටතේ පැවැති 7 වැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 130 ක දැවැන්ත තරග ජයග්‍රහණයක් වාර්තා කළ ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ තරගාවලිය 4-3 ක් ලෙස ගෞරවාන්විතව අවසන් කර ගැනීමට සමත්විය.

ඇන්ටිගුවාහි ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා තරගය පන්දුවාර 26 කට සීමා වෙමින් පැවැත්විණ. මෙහිදී සත්කාරක නායකයා පළමුව පන්දු යැවීම තෝරා ගත් බැවින් පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 5 කට ලකුණු 180 ක් ලබා ගැනීමට සමත්විය.

මෙම තරගයේදී කවීජ ගමගේ නායක විමත් දින්සර සහ කවීජ ගමගේ අර්ධ ශතක වාර්තා කරමින් පිත්තෙන් කැපී පෙනුණහ. පන්දු 38 කට මුහුණ දුන් මෙම තරගාවලියේ එකම ශතක ලාභියා වන කවීජ ගමගේ හතරේ පහර 6 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 51 ක්ද දින්සර පන්දු 39 කදී හතරේ පහර 3 ක් සහ හයේ පහර 3 ක් සමගින් නොදැවී ලකුනු 58 ක්ද ලබා ගත්හ.

මොවුන් දෙදෙනා අතර තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවුණු සම්බන්ධතාව පන්දු 51 කදී ලකුණු 85 ක් විය. ශ්‍රී ලංකා යොවුන් පිල වෙනුවෙන් සාර්ථක ආරම්භයක් එක් කිරීමට දිමන්ත මහවිතාන සහ විරාන් චමුදිත සමත්වූයේ පන්දු 62 කදී ලකුණු 48 ක් එක් කරමිනි. මෙහිදී දිමන්ත පන්දු 39 කදී ලකුණු 26 ක්ද විරාන් පන්දු 27 කදී ලකුණු 25 ක්ද ලබා ගත්හ.

ඒ අනුව ඩක්වර්ත් ලුවිස් නයාය අනුව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ලකුණු 193 ක ඉලක්කයක් හිමි වූ අතර ඔවුන්ගේ ඉනිම පන්දු 86 කදී ලකුණු 62 කට සීමා කිරීමට ශ්‍රී ලංකා යොවුන් පන්දු යවන්නෝ සමත්වූහ. මෙහිදී පළමු කඩුලු  4 ම ලකුණු 24 ක් තුළදී දවා ගනිමින් තරගයට සාර්ථක ප්‍ර වේශක් ලබා දීමට සෙත්මික සෙනෙිවරත්න සහ රසිත් නිම්සර සමත්විය. අනතුරුව මැද පෙළ පාලනය කළ තරගයේ අර්ධ ශතක ලාභී කවීජ ගමගේ පිත්තට අමතරව පන්දුවෙන් ලකුණු 09 කදී කඩුලු 4 ක් දවා ගනිමින් තුන් ඉරියව්වෙන්ම දස්කම් දැක්වීමට සමත්විය. ඔවුන්ට අමතරව විග්නේෂ්වරන් ආකාෂ් කඩුලු 2 ක් දවා ගනු ලැබීය.

ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ කණ්ඩායම පන්දුවාර 26 කදී කඩුලු 5 ක් දැවී ලකුනු 180 යි – (කවීජ ගමගේ 51, විමත් දින්සර 58*, දිමන්ත මහවිතාන 20, විරාන් චමුදිත 25, ස්රා මෝර්ටන් 30/3)

බටහිර ඉන්දීය කොදෙව් අවු. 19 න් පහළ කණ්ඩායම පන්දුවාර 14.2 කදී සියලු දෙනා දැවී ලකුනු 62 යි – (ජොෂුවා ඩෝර්න් 16, කවීජ ගමගේ 09/4, සෙත්මික සෙනෙවිරත්න 20/2, රසිත් නිම්සර 09/2, විග්නේෂ්වරන් ආකාෂ් 12.2)

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

USD United States (US) dollar