අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ සංවිධානයෙන් සැප්තැම්බර් මස 30 වැනිදා ආරම්භ කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග නිලධාරීන්ගේ මණ්ඩලය සඳහා ශ්‍රී ලංකාවෙන් මිෂෙල් පෙරේරා සහ නිමාලි පෙරේරා තේරී පත්ව සිටිති. මෙහිදී මිෂේල් තරග තීරකවරියක් වශයෙන් නිමාල් තරග විනිශ්චයකාරවරියක් ලෙසින්ද එම තරගාවලියේදී කටයුතු කරනු ඇත.
කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව තවදුරටත් බලගැන්වීම අරමුණු කොට ගෙන මෙම වසරේ පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සියලුම තරග නිලධාරීන් කාන්තාවන්ගෙන් සමන්විතව නම් කිරීම විශේෂත්වයක් වේ. අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක පූර්ණ තරග නිලධාරී මණ්ඩලය කාන්තාවන්ගෙන් සමන්විතව නම් කරනු ලැබ ඇත්තේ ඉතිහාසයේ පළමු වතාවට වේ.
මීට පෙර අවස්ථා 3 කදී හෙවත් 2022 වසරේදී බර්මිංහැම්හි පැවැති පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල, අවසන් වතාවට පැවැත්වුණු කාන්තා පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන තරගාවලි දෙක සඳහා තරග නිලධාරී මණ්ඩලය කාන්තාවන්ගෙන් සමන්විතව නම් කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පියවර ගනු ලැබුවද කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියකදී කාන්තාවන්ගෙන් සමන්විව මෙවර නම් කරන ලද්දේ ඉතිහාසයේ පළමු වතාවට වේ.
මෙම තරගාවලියේදී තරග තීරකවාරියන් සිව් දෙනෙකුද විනිශ්චයකාරියන් 14 දෙනෙකුද නම් කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබේ. තරගතීරකවරියක ලෙසින් සුදුසුකම් ලබා සිටින මිෂෙල් පෙරේරා මිලාගිරිය ශාන්ත පුවුළු බාළිකා විදුහලේ ආදි ශිෂ්‍යාවක වන අතර ඇය කෝල්ට්ස් ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් ක්‍රිකට් ක්‍රීඩා කළාය. ඇය 2005 වසරේදී දකුණු අප්‍රිකාවේ පැවැති කාන්තා ලෝක කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ජාතික කාන්තා කණ්ඩායම නියෝජනය කිරීමට වරම් ලැබුවාය.
විනිසුරුවරියක ලෙසින් එක්ව සිටින නිමාලි පෙරේරා කලුතර ශුද්ධ වූ පවුලේ කණ්‍යාරාමයෙන් සිය පාසල් දිවිය හමාර කරමින් කෝල්ට්ස් සහ යුද හමුදා ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් ශ්‍රී ලංකා කාන්තා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමර වරම් ලැබූ ක්‍රීඩිකාවකි.






