slc
logo
Home   |    News
සැප්තැම්බර් 24, 2025
කාන්තා ලෝක කුසලාන පෙරහුරු තරග හෙට ඇරඹෙයි

sinhala editor

අන්තර්ජාතික ක්‍රිකට් සභාව පවත්වනු ලබන කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර කණ්ඩායම් වලට හිමිවන පෙරහුරු තරග හෙට (25 වැනිදා) ආරම්භ වනු ඇත. මේ මස 30 වැනිදා ඉන්දියාවේදී පැවැත්වෙන සමාරම්භක තරගයට පෙර පෙරහුරු තරග 8 ක් පැවැත්වෙනු ඇත.

සැප්තැම්බර් මස 28 වැනිදා දක්වා පැවැත්වෙන මෙම පෙරහුරු තරගවලින් තරග 4 ක් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන අතර එහිදී තරග 2 ක් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීත් තරග 2 ක් සී.සී.සී. ක්‍රීඩා පිටියේදීත් පැවැත්වෙනු  ඇත. දිවා/රාත්‍රී තරග ලෙසින් පැවැත්වෙන මෙම තරග 4 ම ප.ව. 3.00 ට ආරම්භ වීමට නියමිතය.

ඒ අනුව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සිය පළමු පෙරහුරු තරගයේදී පාකිස්තානු කාන්තා කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී සහභාගිවනු ඇත. එම තරගයෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි දෙවැනි පුහුණු තරගය ලබන සෙනසුරාදා (27 වැනිදා) ද එම ක්‍රීඩාංගණයේදීම ප.ව. 3.00 ට ආරම්භ වනු ඇත.

මෙම තරග දෙකට සහභාගිවීමෙන් අනතුරුව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන සමාරම්භක තරගය වන සැප්තැම්බර් මස 30 වැනිදා පැවැත්වෙන තරගය සඳහා සහභාගිවීමට ඉන්දියාවේ ගුහාති බලා පිටත්ව යෑමට නියමිතය.

සැප්තැම්බැර් 25 වැනිදා

  • ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී
  • ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර සී.සී.සී. පිටියේදී

සැප්තැම්බර් 27 වැනිදා

  • ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී

සැප්තැම්බර් 28 වැනිදා

  • දකුණු අප්‍රිකාව සහ පාකිස්තානය අතර සී.සී.සී. පිටියේදී

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee