slc
logo
Home   |    News
සැප්තැම්බර් 24, 2025
කාන්තා ලෝක කුසලාන ශ්‍රී ලංකා සංචාරයේ දෙවැනි දිනය දා….

sinhala editor

මේ මස 30 වැනිදා ආරම්භ වන කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරියන්ට පිරිනැමෙන ලෝක කුසලාන ශ්‍රී ලාංකේය ක්‍රීඩා ලෝලීන්ට දැක බලා ගැනීම වෙනුවෙන් සිදුකරනු ලබන කුසලාන සංචාරයේ දෙවැනි දිනය වූ අද (23 වැනිදා) එම කුසලාන සංචාරයට සමගාමීව කොළඹ දිස්ත්‍රික්කයේ ක්‍රිකට් ක්‍රීඩා කරනු ලබන බාළිකා පාසල්වල ක්‍රීඩිකාවන්ගේ සහභාගිත්වයෙන් සුහද සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලියක් පවත්වනු ලැබීය. කොළඹ ක්‍රීඩා සමාජ පිටියේ පැවැති මෙම තරගාවලිය සඳහා නුගේගොඩ අනුලා, මොරටුව වේල්ස් කුමරි, සිරිමාවෝ සහ විශාකා විදුහල් බාළිකා ක්‍රීඩිකාවන් සහභාගිවූහ.

මෙම ක්‍රිකට් තරගාවලිය සඳහා ජාතික කණ්ඩායම නියෝජනය කරන ලද ක්‍රීඩිකාවන් වන තරුකා ෂෙහානි, හංසිමා කරුනාරත්න, කෞෂනී නුත්‍යාංගනා සහ චේතනා විමුක්ති යන ක්‍රීඩිකාවන් සහභාගිවූ අතර එහිදී ඔවුන් එක් එක් කණ්ඩායම් වෙනුවෙන් උපදේශකවරියන් ලෙසින් එම කණ්ඩායමට ගුරුහරුකම් ලබා දුන්හ. සැහැල්ලු පන්දුව භාවිතයෙන් පැවැති මෙම සුහද ක්‍රිකට් තරගාවලිය අවසානයේදී, මෙවර කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරියන් වෙනුවෙන් පිරිනැමෙන ලෝක කුසලාන සමඟ එකට හිඳ ඡායාරූප ගැනීමේ අවස්ථාවද එම කුඩා ක්‍රීඩිකාවන්ට හිමිවීම සුවිශේෂීත්වයක් එක් කරන්නක් විය. මෙම අවස්ථාවේදී ඔවුන් සමග ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුරතලුන් (Mascot) වන බ්ලේස් (Blaze) සහ ටොන්ක් (Tonk) ද පෙනී සිටියහ.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee