slc
logo
Home   |    News
සැප්තැම්බර් 9, 2025
නුගේගොඩ-එස්.එස්.සී., චිලව්-නිගම්බු, බ්ලූම්ෆීල්ඩ්-ඒස් කැපිටල්, සී.සී.සී.-මුවර්ස් අවසන් 8 ට තේරෙති

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක අන්තර් සමාජ අවුරුදු 23න් පහළ නැගී එන කණ්ඩායම් අතර දෙදින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරග සියල්ල අද (09 දා) අවසන් වුණු අතර එහිදී අවසන් කණ්ඩායම් 8 අතරට හෙවත් අර්ධ අවසන් පූර්ව තරග වටයට සුදුසුකම් ලබා ගැනීමට නුගේගොඩ, චිලව් මේරියන්ස්, සී. සී. සී., බ්ලූම්ෆීල්ඩ්, ඒස් කැපිටල්, මුවර්ස්, නිගම්බු සහ එස්. එස්. සී. ක්‍රීඩා සමාජ සමත්වූහ.

ඒ අනුව අර්ධ අවසන් පූර්ව වටයේ තරග සැප්තැම්බර් මස 12 සහ 13 යන දෙදිනදී පැවැත්වෙනු ඇත. මෙහිදී පළමු අර්ධ අවසන් පූර්ව තරගයේදී නුගේගොඩ සහ එස්. එස්. සී. කණ්ඩායම්ද පී. සරා පිටියේදීද, දෙවැනි තරගයේදී චිලව් මේරියන්ස් සහ නිගම්බු කණ්ඩායම් එන්.සී.සී. පිටියේද, තෙවැනි තරගයේදී බ්ලූම්ෆීල්ඩ් සහ ඒස් කැපිටල් කණ්ඩායම කෝල්ට්ස් පිටියේදීද සහ සිව්වැනි තරගයේදී සී. සී. සී. සහ මුවර්ස් කණ්ඩායම් මග්ගොඩන සරේ පිටියේදීද තරග වදිති.

කණ්ඩායම් 26 කගේ සහභාගිත්වයෙන් පැවැති මෙවර තරගාවලියේදී ඒ කාණ්ඩයෙන් නුගේගොඩ ක්‍රීඩා සමාජය, බී කාණ්ඩඩයන් චිලව් මේරියන්ස් ක්‍රීඩා සමාජයද, ‘සී‘ කාණ්ඩයෙන් සී.සී.සී. කණ්ඩායමද සහ ‘ඩී‘ කාණ්ඩයෙන් බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයද පෙරමුණ ගත්හ.

මේ අතර මූලික වටයේ අවසාන දිනය වූ අද (09) නිමාවට පත් වු තරග අතුරින් එ්ස් කැපිටල් කණ්ඩායම විසින් බී. ආර්. සී. පිලට එරෙහිව ඉනිමක සහ ලකුණු 92 ක ජයක් වාර්තා කිරීමට සමත්වීම කැපී පෙනිණ. ඒස් කැපිටල් ප්‍රථම ඉනිමේ කඩුලු හයකට රැස් කළ ලකුණු 355ට පිළිතුරු ලෙස බී.ආර්.සී. රැස් කළේ ප්‍රථම ඉනිමේ දී ලකුණු 147ක් සහ දෙවන ඉනිමේ දී ලකුණු 119ක් (කඩුලු 9කට) පමණකි.

 ඒස් කැපිටල් කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වු වනුජ සහන් පළමු ඉනිමේ දී ලකුණු 70කට කඩුලු හයක් ද දෙවන ඉනිමේ දී ට්‍රවීන් මැතිව් ලකුණු 34කට කඩුලු හයක් ද දවාලුහ.

 පිතිකරුවන් අතර අද දිනයේ කැපී පෙනුණු පිතිකරුවන් වුයේ කොළඹ මැලේ කණ්ඩායමේ වෝෂිත අමරසිංහ සහ එන්.සී.සී. පිලේ ජීවක ශෂින්ය.  එන්.සී.සී. නායක ජීවක ශෂින් මොරටුව ක්‍රීඩා සමාජය සමග පන්දු 246කට මුහුණ දී හතරේ 11ක් සහ හයේ පහරක් සමග ලකුණු 158ක් ද කොළඹ මැලේ කණ්ඩායමේ වෝෂිත අමරසිංහ යුනයිටඩ් සදර්න් සමග පන්දු 204කට මුහුණ දී හතරේ 13ක් සහ හයේ පහර තුනක් සමග ලකුණු 126ක් ද රැස් කළහ.

 ටැමිල් යුනියන් සහ කුරුණෑගල තරුණ අතර තරගයේ දී ටැමිල් යුනියන් කණ්ඩායමේ සිනෙත් ජයවර්ධන ලකුණු 99කටත් (පන්දු 88යි හතරේ හතයි හයේ පහර පහයි) සෙබස්ටියනයිට්ස් සහ නාවික හමුදාව අතර තරගයේ දී සෙබස්ටියනයිට්ස් දෙවන ඉනිමේ දී රුසිරු විලෝචන ලකුණු 96කටත් (පන්දු 119යි හතරේ අටයි හයේ පහරයි) දැවී ගියේ ශතකය පෙනෙමින් තිබිය දී ය.

මෙදින ප්‍රථම ඉනිමේ දී ජයග්‍රහණ අත්කරගත් කණ්ඩායම් වුයේ නුගේගොඩ ක්‍රීඩා සහ සුබසාධක සමාජය, කොළඹ මැලේ කණ්ඩායම, එන්.සී.සී. කණ්ඩායම, සෙබස්ටියනයිට්ස් ක්‍රීඩා සමාජය, ටැමිල් යුනියන් ක්‍රීඩා සමාජය, ශ්‍රී ලංකා පොලීසිය සහ එස්.එස්.සී. කණ්ඩායමය.

එස්.එස්.සී. නායක ආරම්භක පිතිකරු ෂෙවෝන් ඩැනියල් වේගවත් පිතිහරඹයක දෙවන ඉනිමේ දී නිරතව පන්දු 58ක දී හතරේ නවයක් හයේ දෙකක් සමග ලකුණු 82ක් රැස් කළේය.

කුරුණෑගල තරුණ කණ්ඩායම සමග පැවැති තරගයේ දී ප්‍රථම ඉනිමේ දී ටැමිල් යුනියන් කණ්ඩායමේ විශ්ව ධනංජය ලකුණු 45කට කඩුලු 5ක් ද කළණ ලියනගේ ලකුණු 61කට කඩුලු පහක් ද දවාලුහ. යුද හමුදාව සහ නුගේගොඩ තරුණ කණ්ඩායම අතර තරගයේ දී නුගේගොඩ ක්‍රීඩා සමාජයේ අභිෂේක් ආනන්දකුමාර ලකුණු 33කට කඩුලු පහක් බිඳ දැමීය.

  • ඒස් කැපිටල් ක්‍රිකට් සමාජය – බී.ආර්.සී. ක්‍රීඩා සමාජය  (ඒස් කැපිටල් ඉනිමකින් සහ ලකුණු 92කින් ජය ගනී)

ඒස් කැපිටල් ක්‍රිකට් සමාජය පළමු ඉනිම කඩුලු 6ට 355යි (පන්දුවාර 70යි)

 (රනේෂ් සිල්වා 111, විනුෂ්ක සිල්වා 80, පවන් පතිරාජ 70, රවීන් ද සිල්වා නොදැවී 48, වනුජ සහන් 15, ආකාෂ් බාලක්‍රිෂ්ණන් 72/3, තරුෂ්ක අසේල් 99/2)

බී.ආර්.සී. ක්‍රීඩා සමාජය පළමු ඉනිම සියල්ල දැවී 147යි (පන්දුවාර 34.2යි)

 (විශ්ව  සුපුන් 55, තනුග පළිහවඩන 21, දිනුරු අබේවික්‍රමසිංහ 21, ඉසුරු ප්‍රනාන්දු 16, වනුජ සහන් 70/6)

බී.ආර්.සී. ක්‍රීඩා සමාජය දෙවන ඉනිම කඩුලු 9ට 116යි (පන්දුවාර 30යි)

 (තරුක්ෂ අසේල් 34, කුසල් විජේතුංග 27, දිනුරු අබේවික්‍රමසිංහ 23, ට්‍රවීන් මැතිව් 34/6, වනුජ සහන් 55/2)

  • නුගේගොඩ ක්‍රීඩා හා සුබසාධක සමාජය – යුද හමුදා ක්‍රීඩා සමාජය (නුගේගොඩ ක්‍රීඩා සමාජයට පළමු ඉනිමේ ජය)

නුගේගොඩ ක්‍රීඩා සහ සුබසාධක සමාජය පළමු ඉනිම කඩුලු 7ට 346යි (පන්දුවාර 82යි)

 (පුළිඳු පෙරේරා 223, කවිෂ්ක බොතේජු 78, දහම් නිර්මාල් නොදැවී 20, නවීන් පෙරේරා 56/4, ශෙනෙල් සමරතුංග 126/3)

යුද හමුදා ක්‍රීඩා සමාජය පළමු ඉනිම සියල්ල දැවී 253යි (පන්දුවාර 86යි)

(අශාන් සුදර්ශන 64, තරිඳු දිලංක නොදැවී 59, උමේෂ් ද සිල්වා 42, සෙනෙල් සමරතුංග 30, චමෝද් හේවාවිතාරණ 19, දිමන්ත අරූෂ 19, අභිෂේක් ආනන්දකුමාර 33/5, නිර්මල රත්නායක 82/2)

  • යුනයිටඩ් සදර්න් ක්‍රීඩා සමාජය – කොළඹ මැලේ ක්‍රිකට් සමාජය (කොළඹ මැලේ කණ්ඩායමට පළමු ඉනිමේ ජය)

යුනයිටඩ් සදර්න් ක්‍රීඩා සමාජය පළමු ඉනිම සියල්ල දැවී 278යි (පන්දුවාර 79.2යි)

 (තමිඳු ප්‍රදීප්ත 114, පසිඳු සංජාන් 58, කවීෂ කල්පන 27, කවිත් ප්‍රනාන්දු 26, විරංග යෙෂාන් 15, නිමන් උමේෂ් 56/3, කෙවින් සැමුවෙල් 31/2, කවිෂ් සත්සර 52/2)

කොළඹ මැලේ ක්‍රිකට් සමාජය පළමු ඉනිම කඩුලු 5ට 327යි (පන්දුවාර 103යි)

(වෝෂිත අමරසිංහ 126, හිරන්ත ජයසිංහ 57, නිමන් උමේෂ් 52, පුලස්ති අතපත්තු 49, කෙවින් සැමුවල් 23, සසංක නිර්මාල් 76/3, තරූෂ් දමිඳු 72/2)

  • මොරටුව ක්‍රීඩා සමාජය – එන්.සී.සී. ක්‍රිකට් සමාජය (එන්.සී.සී. පළමු ඉනිමේ ජය ගනී)

මොරටුව ක්‍රීඩා සමාජය පළමු ඉනිම සියල්ල දැවී 189යි (පන්දුවාර 55.2යි)

 (ලසෙන් ගුණරත්න 29, විදුර ලක්ෂාන් 25, සහන් කෞෂල්‍ය 24, සසිඳු බැට්ටගේ 20, අමිත දාබරේ 19, උපේක සෙනෙවිරත්න 19, මනේන්ද්‍ර ජයතිලක 19, මලිත පෙරේරා 17, ශක්ති උදාර 63/6, දසුන් ගුණසිංහ 8/1)

එන්.සී.සී. ක්‍රිකට් ක්‍රීඩා සමාජය කඩුලු 8ට 419යි (පන්දුවාර 113.1යි)

 (ජීවක සෂින් 158, කවිඳු පතිරත්න 86, ගවිරු සෙන්හස් 74, ධනුෂ්ක මධුශංඛ 37, සරිත් සුදීන 17, දිලාල් අමරසිංහ 15, සහන් කෞෂල්‍ය 75/3, උෂාන් සත්සර 102/3, දුමිඳු සෙව්මිණ 60/2)

  • සෙබස්ටියනයිට්ස් ක්‍රීඩා සමාජය – ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා සමාජය (සෙබස්ටියනයිට්ස් ක්‍රීඩා සමාජයට පළමු ඉනිමේ ජය)

සෙබස්ටියනයිට්ස් ක්‍රීඩා සමාජය පළමු ඉනිම සියල්ල දැවී 231යි (පන්දුවාර 56.2යි)

 (චාරුක පීරිස් 59, ලෂ්මික පෙරේරා 37, තාරුක සූරියආරච්චි 31, නුවන් දිනෙත් 29, කවිඳු ගයත්‍ර 20, රුසිරු විලෝචන 16, රිතිල් සුරවීර 59/4, දිනෝෂ් ගමගේ 23/2, ජනිත් ප්‍රනාන්දු 44/2, හංසජ ජයසිංහ 49/2)

ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා සමාජය පළමු ඉනිම සියල්ල දැවී 191යි (පන්දුවාර  68.2යි)

(හිරුන ප්‍රනාන්දු 66, දිනෝෂ් ගමගේ 34, සිතුම් ප්‍රනාන්දු 24, සුමල්ක ප්‍රනාන්දු 13, අෂේන් පෙරේරා 48/4, තරුෂ අමරසිංහගේ 55/3, නුවන් දිනෙත් 19/1)

සෙබස්ටියනයිට්ස් ක්‍රීඩා සමාජය දෙවන ඉනිම කඩුලු 6ට 173යි (පන්දුවාර 37.2)

 (රුසිරු විලෝචන 96, නුවන් දිනෙත් 29, තාරුක සූරියආරච්චි 14, හංසජ ජයසිංහ 43/2, සුමල්ක ප්‍රනාන්දු 27/1, රිතිල් සුරවීර 33/1)

  • කුරුණෑගල තරුණ ක්‍රීඩා සමාජය – ටැමිල් යුනියන් ක්‍රීඩා සමාජය (ටැමිල් යුනියන්ට පළමු ඉනිමේ ජය)

කුරුණෑගල තරුණ ක්‍රීඩා සමාජය පළමු ඉනිම සියල්ල දැවී  213යි (පන්දුවාර 63යි)

 (අමීෂ් තෙන්නකෝන් 59, ලක්වින් අබේසිංහ 52, වතිල උදාර 28, ගයාන් වීරසිංහ 14, විශ්ව ධනංජය 45/5, කළණ ලියනගේ 61/5)

 ටැමිල් යුනියන් ක්‍රීඩා සමාජය පළමු ඉනිම සියල්ල දැවී 243 (පන්දුවාර 50.3)

 (සිනෙත් ජයවර්ධන 99, ෂරුජන් ෂන්මුගනාදන් 33, විහස් තෙව්මික 24, ශානුක ගලගොඩ 18, ගයන වීරසිංහ 40/4, වතිල උදාර 51/4, කළිඳු විජේසිංහ 41/2)

කුරුණෑගල තරුණ ක්‍රීඩා සමාජය දෙවන ඉනිම කඩුලු 2ට 47යි  (පන්දුවාර 08යි)

 (සත්සර නවෝද් 21, කවිඳු ඒකනායක නොදැවී 21, ෂරුජන් ෂන්මුගනාදන් 21/2)

  • පොලිස් ක්‍රීඩා සමාජය – ගෝල් ක්‍රිකට් සමාජය (පොලිස් ක්‍රීඩා සමාජයට පළමු ඉනිමේ ජය)

පොලිස් ක්‍රීඩා සමාජය පළමු ඉනිම කඩුලු  6ට 344යි (පන්දුවාර  75යි)

   (සංගීත් ෂෙහාර 143, ධනුජ ඉඳුවර 138, රශ්මික පෙරේරා 27, කවීන් රුක්ෂාන් 102/3, මනීෂ රශ්මික 59/2, යුරි කොට්ටිගොඩ 63/1)

ගෝල් ක්‍රිකට් සමාජය පළමු ඉනිම සියල්ල දැවී 338යි (පන්දුවාර 102.1යි)

 (යුරි කොට්ටිගොඩ 64, හිරුෂ පියුමාල් 56, හසිත සුරංග 43, හංසමාන ද සිල්වා 41, චමත් දිල්සාර 35, දුලාන් රාජපක්ෂ 33, නිකිල් ජයවීර 30, කවීන් රුක්ෂාන් 19, පූර්ණ සුලක්ෂණ 66/3, රශ්මික හිරුෂාන් පෙරේරා 89/3)

  • එස්.එස්.සී. ක්‍රීඩා සමාජය – කැන්ඩි කස්ටම් ක්‍රීඩා සමාජය (එස්.එස්.සී. ක්‍රීඩා සමාජයට පළමු ඉනිමේ ජය)

එස්.එස්.සී. ක්‍රීඩා සමාජය පළමු ඉනිම සියල්ල දැවී 219යි (පන්දුවාර 53යි)

 (ෂෙවෝන් ඩැනියල් 75, දිනුර කළුපහන 41, නදීෂ ආකාෂ් 40, සදීෂ රාජපක්ෂ 18, කෙනුල ද සොයිසා 13, වෙන්කට් රාජේන්ද්‍රන් 53/4, ෂොන් රොද්‍රිගෝ 35/2, නඳුන් අසේල සිල්වා 47/2)

කැන්ඩි කස්ටම් ක්‍රීඩා සමාජය පළමු ඉනිම සියල්ල දැවී 138යි (පන්දුවාර 50.2යි)

(නඳුන් අසේල සිල්වා 36, කවීෂ ඉඳුවර 26, ඔනජිත් ද සිල්වා 26, චෙහාන් සුබසිංහ 17, ගිහාන් බාලසූරිය 40/4, දිනුක වන්නිආරච්චි 33/3, සදීෂ රාජපක්ෂ 44/3)

එස්.එස්.සී. ක්‍රීඩා සමාජය දෙවන ඉනිම කඩුලු 7ට 220යි (පන්දුවාර 33.3යි)

 (ෂෙවෝන් ඩැනියල් 82, සදීෂ රාජපක්ෂ 54, රනුද සෝමරත්න 32, රිවිත් ජයසූරිය 29, කවීෂ ඉඳුවර 64/4, සුධීර වීරරත්න 54/2)

කැන්ඩි කස්ටම් ක්‍රීඩා සමාජය දෙවන ඉනිම කඩුලු 5ට 146යි (පන්දුවාර  43යි)

 (කවීෂ ඉඳුවර නොදැවී 54, මහෞෂධ ප්‍රනාන්දු නොදැවී 52, සුධීර වීරරත්න 21, දිනුක වන්නිආරච්චි 35/2, ගිෂාන් බාලසූරිය 48/2)

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee