පන්දු යැවීම, පන්දුවට පහර දීම මෙන්ම පන්දු රැකීම යන තුන් ඉරියව්වෙන්ම විශිෂ්ඨ දක්ෂතා දැක්වීමට සමත්වීම නිසා ආසියානු කුසලාන ක්‍රිකට් සටන ආරම්භ කරමින් බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව අද (13 දා) රාත්‍රියේ පැවැති පන්දුවාර විස්සයි-20 තරගයෙන් කඩුලු 8 ක විශිෂ්ඨ ජයක් වාර්තා කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබිණ.
පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම නිසා ලකුණු 140 ක ඉලක්කයක් කරා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 52 කින් ලකුණු 95 ක සම්බන්ධතාවක් ගොඩ නැංවූ පැතුම් නිස්සංක සහ කමිල් මිශාර දෙදෙනා පන්දුවාර 5 කුත් පන්දු 2 ක් ඉතිරිව තිබියදී ඉලක්කය කරා රැගෙන ගියහ. ඒ සමඟම ශ්‍රී ලංකා කණ්ඩායමේ ශුද්ධ ලකුණු වේගයද 2.595 ක් ලෙසින් සනිටුහන් විය.
තම 16 වැනි අර්ධ ශතකය රැස් කිරීමත් සමග පැතුම් නිස්සංක දැවී ගිය නමුත් තරගය අවසන් වන තෙක්ම කමිල් මිශාර තම කඩුල්ල ආරක්ෂා කර ගත්තේය. මුහුණ දුන් 31 වැනි පන්දුවේදී පැතුම් තම අර්ධ ශතකය සම්පූර්ණ කරගන්නවාත් සමඟම විස්සයි-20 තරග වලදී ලකුණු 2000 සීමාවද පසු කර ගියේය. ශ්‍රී ලංකාව වෙනුවෙන් මීට පෙර එවැනි දස්කමක් දක්වා ඇත්තේ කුසල් මෙන්ඩිස් (2079) සහ කුසල් පෙරේරා (2139) පමණි.
බංග්ලාදේශ පන්දු යවන්නන් තුට්ටුුවකටවත් මායිම් නොකළ පැතුම් පන්දු 34 කට මුහුණ දුන්නේ මුස්ටෆිසූර් රෙහ්මාන්ට පුල් පහරකින් එල්ල කරන ලද දැවැන්ත හයේ පහරත් සහ තවත් හතරේ පහර 6 ත් සමගිනි. නොදැවී ලකුණු 46 ක් ලබා ත් කමිල් මිශාර පන්දු 32 කට මුහුණ දෙමින් තම ඉනිම හයේ පහර 2 කින් සහ හතරේ පහර 4 කින් වර්ණවත් කර ගෙන තිබුණේය. මෙම ඉනිම ප්‍රධාන කොට තරගයේ වීරයා සම්මානයෙන් කමිල් මිශාර පිදුම් ලැබීය.
රාත්‍රි කාලයේදී තණතීරුවේ වන පින්න හේතුවෙන් කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායකයා පළමුව පන්දු යැවීමට තීරණය කළේය. අබුඩාබිහි සෙයික් සයිඩ් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී දක්ෂ ආරම්භයක් ලබා දුන් නුවන් තුෂාර සහ දුෂ්මන්ත චමීර දෙදෙනා පළමු පන්දුවාර 2 ම නිලකුණු ලෙසින් යොමු කරන ලද්දේ කඩුල්ල බැගින් දවා ලමිනි.
මොවුන් දෙදෙනාගේ පීඩනය කොතෙක්ද යත් බංග්ලාදේශ ඉනිිමේ පළමු ලකුණු වාර්තා වූයේ පන්දු 14 කට පසුව වීම කැපී පෙනෙයි. මාස දෙකකට පසුව කණ්ඩායමට එක්ව සිටින වනිඳු හසරංග තම දෙවැනි පන්දුවේදීම කඩුල්ලක් දවා ගනිමින් සාර්ථක ප්‍ර වේශයක් ලබා ගත්තේය.
අතට ලැබුණු පහසු උඩ පන්දුව නායක චරිත් අසංලකගේ අතින් ගිලිහී ගිය නමුත්, ඊළඟ පන්දුවෙන් කමිල් මිශාර විසින් විශිෂ්ඨ ගනයේලා පන්දුව කඩුල්ලට දමා ගැසීම නිසා තව්හිද් රිදෝයිට එහි වාසිය ලබා ගැනීමට නොහැකි විය. දුෂ්මන්ත චමීර, නුවන් තුෂාර සහ වනිඳු හසරංග තිදෙනා ඉතා හොඳින් පන්දු යැවීම නිසා බංග්ලාදේශ ඉනිමේ 14 වැනි පන්දුවාරය ක්‍රියාත්මක වෙනතෙක්ම වේගය පැවැතියේ ලකුණු 06 ට අඩුවෙනි.
එහෙත් 6 වැනි කඩුල්ලට එක් වුණු ශමීම් හොසේන් සහ ජේකර් අලී දෙදෙනා එක්ව පන්දු 61 කින් ලකුණු 86 ක් රැස් කිරීමට සමත්වීම නිසා බංග්ලාදේශ කණ්ඩායමට ලකුණු 140 ක ඉලක්කයක් ශ්‍රී ලංකාවට ලබා දීමට හැකියාව ලැබිණ. මතීෂ පතිරණ විසින් යවන ලද තරගයේ 19 වැනි පන්දුවාරයේදී රැස් කර ගන්නා ලද ලකුණු 18 ද සමඟිනි. මේ සමගම ඔවුන් අවසන් පන්දුවාර 5 දී ලකුණු 55 ක් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගෙන් උදුරාගෙන තිබිණ. ඉනිම හමාර වන විට ජෙර්ක් අීගේ ම ඉදිරියෙන් පන්දු 34 කදී ලකුණු 41 ක්ද ශමීම් හොසේන්ගේ නම ඉදිරියෙන් පන්දු 34 කදී ලකුණු 41 ක් වශයෙන් සටහන්ව තිබින.
බංග්ලාදේශය පන්දුවාර 20 කදී කඩුලු 5 ට ලකුණු 139 යි – (ශමීම් හොසේන් 42*, ජේකර් අලී 41, ලිටන් දාස් 28, ටැන්සිඩ් හසන් 00, පර්වේස් එමෝන් 00, තව්හිද් රිදෝයි 08, මෙහෙදි හසන් 09, වනිඳු හසරංග 25/2, දුෂ්මන්ත චමීර 17/1, නුවන් තුෂාර 17/1)
ශ්‍රී ලංකාව පන්දුවාාර 14.4 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 140 යි – (පැතුම් නිස්සංක 50, කමිල් මිශාර 46*, චරිත් අසලංක 10*, කුසල් මෙන්ඩිස් 03, කුසල් පෙරේරා 09, දසුන් ශානක 01, මෙහෙදි හසන් 29/2, ටැන්සිඩඩ් හසන් 23/1, මුස්ටෆිසූර් රෙහ්මාන් 35/1)





