slc
logo
Home   |    News
සැප්තැම්බර් 1, 2025
  මොරටුව ක්‍රීඩා සමාජයට පළමු ඉනිමේ ජය

sinhala editor

  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන අන්තර් සමාජ නැගී එන අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ අද (31) පැවැති තවත් තරග දෙකක දී මොරටුව ක්‍රීඩා සමාජය පළමු ඉනිමේ ජයග්‍රහණයක් අත්කර ගත් අතර නිගම්බු සහ ලියෝ ක්‍රීඩා සමාජ අතර තරගය (ප්‍රථම දිනය) කණ්ඩායම් දෙකම සම තත්ත්වයක පසු විණි.

 නාවික හමුදාව සහ මොරටුව ක්‍රීඩා සමාජය අතර තරගයේ දී නාවික හමුදාව පළමු ඉනිමට වඩා දස්කම් පාමින් දෙවන ඉනිමේ දී කඩුලු 9කට ලකුණු 244ක් රැස් කර තරගය විසඳුමකින් තොරව නිම කිරීමට පසුබිම සැකසීය.

  මොරටුව ක්‍රීඩා සමාජයට දෙවන ඉනිමේ දී ලකුණු 116ක් ජයග්‍රහණයට අවශ්‍ය වුවත් තරගය නිම වන විට ඔවුන් කඩුල්ලක් දැවී ලබා සිටියේ ලකුණු හයකි. නාවික හමුදාව දෙවන ඉනිමේ දී දිනෝෂ් ජෙලන් ගමගේ (61) සහ නායක සුමල්ක ප්‍රනාන්දු (44) ලකුණු අතරට පිවිසි අතර මොරටුව කණ්ඩායමේ සහන් කෞශල්‍ය ලකුණු 48කට කඩුලු පහක් දවාලීය.

 නිගම්බු සහ ලියෝ ක්‍රීඩා සමාජය අතර තරගයේ දී නිගම්බු කණ්ඩායම් කවීන් ප්‍රනාන්දු (ලකුණු 52) පිත්තෙන් දස්කම් දක්වද්දී ලියෝ සමාජයේ ඕෂද ගිම්හාන් ලකුණු 71කට කඩුලු හතරක් දවා පන්දු යැවීමේ දී කැපී පෙනිණි.

 වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේ පැවැති නාවික හමුදා – මොරටු ක්‍රීඩා සමාජය අතර තරගයේ දී නාවික හමුදාව ප්‍රථම ඉනිමේ රැස් කළ ලකුණු 158 හඹා ගිය මොරටුව ක්‍රීඩා සමාජය අද (31) දහවල් සිය පළමු ඉනිම ලකුණු 287ක දී නිම කළේ පළමු ඉනිමේ දී ලකුණු 129ක් ඉදිරියෙන් සිටිමිනි.

 මොරටු ක්‍රීඩා සමාජයේ වැඩිම ලකුණු ලාභියා වු අංක 8 පිතිකරු මනීන්ද්‍ර ජයතිලක ලකුණු 68ක් රැස් කළේ පන්දු 67කට මුහුණ දී හතරේ පහර හතක් සහ හයේ පහර හතරක් සමගය.

 නාවික හමුදාවේ ප්‍රථම කාර්යය වුයේ ඉනිමක පරාජයෙන් බේරීමට අවශ්‍ය ලකුණු 129 කරායාමය. ඔවුනගේ සිව් වන කඩුල්ලට අංක හතර පිතිකරු දිනෝෂ් ජෙලන් ගමගේ ලකුණු 61ක් ද (පන්දු 105යි හතරේ නවයයි) සහ අංක පහ පිතිකරු නායක සුමල්ක ප්‍රනාන්දු ලකුණු 44ක් ද (පන්දු 70යි හතරේ පහයි) රැස් කර ලකුණු 92ක සබඳතාවයකින් එම කාර්යය කරා පියනැඟුවේ පහසු ආකාරයකිනි.

 නාවික හමුදාව දෙවන ඉනිම (කඩුලු 9ට 244යි) නිම කළේ මොරටු ක්‍රීඩා සමාජයේ ප්‍රථම ඉනිමට වඩා ලකුණු 115ක් ඉදිරියෙන් පසු වෙමිනි. තරගය නිම වන විට මොරටුව දෙවන ඉනිමේ දී කඩුල්ලකට ලකුණු හයක් ලබා සිටියේය.

 කටුනායක ගුවන් හමුදා ක්‍රීඩාංගණයේ පැවැති නිගම්බු ක්‍රීඩා සමාජය සහ ලියෝ ක්‍රිකට් සමාජය අතර තරගයේ දී නිගම්බු පළමු ඉනිමේ රැස් කළ ලකුණු 217ට පිළිතුරු ලෙසින් ලියෝ පළමු ඉනිමේ දී කඩුලු 4කට ලකුණු 71ක් ලබා සිටියේ නිගම්බු පළමු ඉනිමට වඩා තවත් ලකුණු 146ක් (කඩුලු හයක් ඉතිරිව) පිටුපසින් පසු වෙමිනි.

 නිගම්බු පළමු ඉනිමේ දී නායක සහ ආරම්භක පිතිකරු කවීන් ප්‍රනාන්දු ලකුණු 52ක් (පන්දු 80යි හතරේ හයයි හයේ පහරයි) රැස් කර කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්විය.

 ඔවුනගේ අංක නවය පිතිකරු ඉනිම අවසාන භාගයේ ලකුණු අතරට පිවිසෙමින් පන්දු 60ක දී හතරේ පහර තුනක් සහ හයේ පහර දෙකක් සමග ලකුණු 42ක් රැස් කිරීමට සමත් විණි.

 ලියෝ කණ්ඩායමේ ඕෂද ගිම්හාන් ලකුණු 77කට නිගම්බු පිතිකරුවන් සිව් දෙනෙකුම දවාලීය.

ලකුණු විස්තරය

  • නාවික හමුදාව – මොරටුව ක්‍රීඩා සමාජය (මොරටුව ක්‍රීඩා සමාජයට පළමු ඉනිමේ ජය)

 නාවික හමුදාව පළමු ඉනිම සියල්ල දැවී 158 (පන්දුවාර 36.3යි)

 (රිද්ම කොළඹගේ 37, සුමල්ක ප්‍රනාන්දු 27, දිනෝෂ් ගමගේ 23, උවිඳු පෙරේරා 23, සිතුම් ප්‍රනාන්දු 16, උෂාන් සත්සර 17/3, දුමිඳු සෙව්මිණ 37/3, ලසෙන් ගුණරත්න 40/2, විදුර ලක්ෂාන් 41/2)

මොරටුව ක්‍රීඩා සමාජය පළමු ඉනිම සියල්ල දැවී 287යි (පන්දුවාර 74.1යි)

  (මනීන්ද්‍ර ජයතිලක 68, ඉසුල නිඳුවර 56, සහන් කෞශල්‍ය 47, අභිෂේක් ලියනආරච්චි 31, විදුර ලක්ෂාන් 28, මලිත පෙරේරා 14, ජනිත් ප්‍රනාන්දු 64/4, සිතුම් ප්‍රනාන්දු 53/2, හංසජ ජයසිංහ 56/2)

නාවික හමුදාව දෙවන ඉනිම කඩුලු 9ට 244 (පන්දුවාර 63.5යි)

 (දිනෝෂ් ජෙලන් ගමගේ 61, සුමල්ක ප්‍රනාන්දු 44, උවිඳු පෙරේරා 30, රිද්ම කොළඹගේ 23, හංසජ ජයසිංහ 20, දිදුල එදිරිසූරිය 16,  සහන් කෞශල්‍ය 48/5, උෂාන් සත්සර 32/2, දුමිඳු සෙව්මිණ 43/2)

 මොරටුව ක්‍රීඩා සමාජය දෙවන ඉනිම කඩුලු 1ට 6 (පන්දුවාර 1යි)

  • නිගම්බු ක්‍රීඩා සමාජය – ලියෝ ක්‍රිකට් සමාජය (කටුනායක ගුවන් හමුදා ක්‍රීඩාංගණයේ දී)

නිගම්බු ක්‍රීඩා සමාජය පළමු ඉනිම සියල්ල දැවී 217යි (පන්දුවාර 64.2යි)

(කවීන් ප්‍රනාන්දු 52, ලෙෂ්ටර් ජයවීර 42, තත්සර එෂාන් 38, හංසජ හිරුණ 37, ඕෂද ගිම්හාන් 77/4, පූර්ණ කල්හාර 61/3)

ලියෝ ක්‍රිකට් සමාජය පළමු ඉනිම කඩුලු 4ට 71යි (පන්දුවාර 23යි)

(නෙත්ම කරුණාරත්න 17, රමිත බණ්ඩාර 14, පූර්ණ කල්හාර 12, ශෙහාන් ප්‍රමෝද් 26/3)

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar