slc
logo
Home   |    News
සැප්තැම්බර් 14, 2025
ශ්‍රී ලංකාවේ දෙවැනි තරගය හොංකොංට එරෙහිව

sinhala editor

හයවතාවක් ආසියානු ශූරයින් බවට පත්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශයට එරෙහිව සිය ආසියානු කුසලාන ගමන ආරම්භ කරමින් ලද පහසු ජයග්‍රහණයත් සමග මේ වන විට තරගාවලියට සාර්ථක ප්‍ර වේශයක් ලබා සිටිය.

විස්සයි-20 ආකෘතිය යටතේ වර්තමාන ආසියානු ශූරයින් බවට පත්වෙමින් මෙවර තරගාවලියට අවතීර්ණව සිටින ශ්‍රී ලංකා කණ්ඩායම, බංග්ලාදේශයට එරෙහි තරගයේදී තුන් ඉරියව්වෙන්ම දක්ෂතා අතරට පැමිණීම මෙවර තරගාවලියේ ශූරතාව දිනා ගැනීම කෙරෙහි බලාපොරොත්තු වැඩිවීමට හේතුවිය. ඒ අනුව ඔවුන්ට අවශ්‍ය වන්නේ පළමු තරගයේදී පැමිණි දක්ෂතාවයන් එක දිගටම පවත්වා ගනිමින් තරගාවලියේ ක්‍රීඩා කිරීම වේ.

‘බී‘ කාණ්ඩය යටතේ මෙවර තරගාවලිය නියෝජනය කරනු ලබන ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (15 දා) සිය දෙවැනි සටන හොංකොං කණ්ඩායමට එරෙහිව දියත් කරනු ඇත. ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ප.ව. 8.00 ට ආරම්භ වීමට නියමිත මෙම තරගයේ ජයග්‍රහණය, යනු ශ්‍රී ලංකා කණ්ඩායමේ තරගාවලියේ දෙවැනි වටය සඳහා සුදුසුකම් ලැබීමට වැඩි අවස්ථාවක් නිර්මාණය කරනු ඇත.

මෙතෙක් සහභාගිවුණු තරග 2 ම හොංකොං කණ්ඩායම පරාජයට පත්ව සිටියි. එහෙත් විස්සයි-20 තරග ආකෘතිය යනු ඕනෑම අතපසුවීමක් හරහා තරගයේ තීරණය ක්ෂණයෙන් වෙනස් විය හැකි තරග රටාවකි. එබැවින් ප්‍රතිවාදීන් එතරම් පලපුරුද්දක් නැති හොංකොං කණ්ඩායම වුවද ශ්‍රී ලංකා කණ්ඩායම වඩාත් ප්‍ර වේශම් සහගතව ක්‍රීඩා කළ යුතුව තිබේ.

ආසියානු කුසලාන තරගාවලියට පෙර සූදානමක් ලෙස ගැණුනු සිම්බාබ්වේ පිලට එරෙහිව පැවැති තරගාවලියේදී ශ්‍රී ලංකා පන්දු යැවීම පිලිබඳව එතරම් සෑහීමකට පත්විය නොහැකි තත්ත්වයේ තිබිණ. එහෙත් බංග්ලාදේශයට එරෙහි තරගයේදී ශ්‍රී ලංකා පන්දු යවන්නන් නිවැරදි ඉලක්කයකට පන්දු යැවීමට සමත්වීම එම තරගයේ ලද පහසු ජයග්‍රහණයට හේතු විය.

ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතරින් දක්ෂතා අතර තවමත් රිද්මය ගොඩනඟා ගත හැකි පන්දුයවන්නු බවට පත්ව සිටින්නේ වේග පන්දු යවන මතීෂ පතිරණ පමණි. නමුත් තමුන්ගේ සුපුරුදු දක්ෂතා අතරට පැමිණීමට මතීෂට හෙට තරගයේදී හොඳ අවස්ථාවක් තිබේ.

මෙවැනි ආකාරයේ තරගාවලියන්වලට තරග කිරීමේදී ශුද්ධ දල ලකුණු ලබා ගැනීමේ වේගය අතිශයින්ම තීරණාත්මක සාධකයක් බවට පත්ව  තිබෙන බැවින් ශ්‍රී ලංකාව ඒ පිළිබඳව වඩාත් අවධානය යොමු කර තිබේ. බංග්ලාදේශයට එරෙහි තරගයේදී දසුන් ශානකව ඉදිරියෙන් පන්දුවට පහර දීමට කැඳවීම එහි එක් උපක්‍රමයක් බවට පත්විිය. නමුත් දසුන්ට පිතිකරුවකු මෙන්ම පන්දු යවන්නකු ලෙසද සෑහීමකට පත්විය හැකි මට්ටමේ දක්ෂතා අතරට පිවිසීමට නොහැකිවිය. කෙසේ වෙතත් දසුන්ගෙන් ගිලිහී තිබෙන රිද්මය යළි ගොඩ නඟා ගැනීමට දසුන්ට හෙට තරගය හොඳ අවස්ථාවක් වී තිබේ.

“දසුන් ව කියලා නොවෙයි අපි සමහර වෙලාවට දකුණත් පිතිකරුවක් ඉස්සරහින් එවන්න බැකප් ප්ලෑන් එකක් තියෙනවා. මොකද අපේ වමත් පිතිකරුවන් තුන් හතර දෙනෙක් එක දිගට එන හින්දා. ඉතිං ඒක කන්ඩිෂන් එක්කකයි ප්‍රතිවාදියා එක්කයි වෙනස් වෙනවා. අද නම් නියතයෙන්ම අපි අන්තිටම ඕවර ටික බැලුවේ රන් රෙට් එක පොඩ්ඩක් උඩ ගේන්න“ යැයි ඒ පිළිබඳව අදහස් දක්වා සිටින කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු තිළිණ ඛණ්ඩම්බි අදහස් දක්වා සිටියේය.

ශ්‍රී ලංකාව මෙන්ම ඔවුන්ගේ ප්‍රතිවාදීන් බවට පත්ව සිටින හොංකොං කණ්ඩායම මීට ඉහතදී පන්දුවාර විස්සයිි-20 තරගයකදී මුණ නොගැසී ඇති අතර හෙට ඔවුන් මුණ ගැහෙන පළමු තරගය වනු ඇත. තරගය පැවැත්වෙන ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගණ තණතීරුව නව පන්දුවෙන් වේග පන්දු යවන්නන්ට යම් කිසි පන්දුවේ දෝලනයක් දැක ගත හැකි වනු ඇත. මෙහි ඉතිහාසය පිළිබඳව අවධානය යොමු කිරීමේදී කාස්යේ වාසිය දිනන කණ්ඩායම පළමුව පන්දුව යැවීම තෝරා ගැනීම වාසි සහගත ලෙස සලකනු ලබයි.

ශ්‍රී ලංකා කණ්ඩායම – පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, කමිල් මිශාර, කුසල් පෙරේරා, චරිත් අසලංක (නායක), කමිඳු මෙන්ඩිස්, දසුන් ශානක, වනිඳු හසරංග, දුෂ්මන්ත චමීර, මතීෂ පතිරණ, නුවන් තුෂාර.

හොංකොං කණ්ඩායම – සීශාන් අලී, අංශුමාන් රාත්, බාබර් හයත්, නිසාකාත් ඛාන්, කල්හාන් චාලූ, කින්චිට් ශා, යසීම් මුර්ටාසා (නායක), අයිසස් ඛාන්, එෂාන් ඛාන්, ආයුෂ් ශුක්ලා, අටීක් ඉක්බාල්.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee