slc
logo
Home   |    News
සැප්තැම්බර් 25, 2025
ශ්‍රී ලංකා කාන්තාවන්ගේ පළමු පුහුණු තරගය වැස්සට සේදෙයි

sinhala editor

කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර පැවැත්වෙන පුරහුරු තරග ආරම්භ කරමින් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ පාකිස්තානු කාන්තා කණ්ඩායම අතර අද (25 දා) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවීම හේතුවෙන් තරගය ප්‍රතිඵල රහිත විය.

ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු විසින් කාසියේ වාසිය දිනා ගැනීමත් සමග පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. ඒ අනුව පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම වර්ෂාව ඇතිවන විටත් කඩුල්ලක් දැවී ලකුණු 33 ක් ලබා සිටියේය. ඒ වන විටත් තරගයේ ක්‍රියාත්මක කර තිබුණේ පන්දුවාර 7 යි පන්දු 3 ක් පමණි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉනිම ආරම්භ කල හසිනි පෙරේරා පන්දු 28 කදී ලකුණු 21 ක්ද හර්ෂිතා සමරවික්‍රම පන්දු 07 කදී ලකුණු 02 ක් ද ලබා නොදැවී කඩුල්ලේ රැඳී සිටියහ. දැවී ගිය පිතිකාරිණිය වූයේ නායිකා චමරි අතපත්තු වන අතර ඇය ෆාතිමා සනාගේ පන්දුවක් හමුවේ ලකුණු 05 කට දැවී ගියේය. සදාෆ් ශමාස් උඩ පන්දුවක් රැක ගැනීම නිසා චමරි පිටියෙන් ඉවත් වන විට ඇය පන්දු 10 කට මුහුණ දී ඉන් එකක් හතරේ සීමාව වෙත යවා තිබිණ.

වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා තරගය තාවකාලිකව නතර කිරීමට විනිසුරුවරුන්ට සිදුවිය. කෙසේ කඩින් කඩ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය වෙත වර්ෂාව ඇද හැළීම නිසා තරගය අතහැර දැමීමට විනිසුරුවරු තීරණය කළහ.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගිවන දෙවැනි පුහුණු තරගය මේ මස 27 වැනි සෙනසුරාදා බංග්ලාදේශ කාන්තා පිලට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙනු ඇත.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 7.3 කදී කඩුල්ලක් දැවී ලකුණු 33 යි – (හසිනි පෙරේරා 21*, චමරි අතපත්තු 05, හර්ෂිතා සමරවික්‍රම 02*, ෆාතිමා සනා 21/1)

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee