slc
logo
Home   |    News
සැප්තැම්බර් 3, 2025
සකුන – දර්ශක සහ ශතක කවීන් රැස් කරති

sinhala editor

දර්ශක සංදීප් සහ සකුන ලියනගේ එක්ව ශතක සබඳතාවයක් පැවැත්වීමට සමත්වීම නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන අන්තර් සමාජ අවුරුදු 23 න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලිය යටතේ මුවර්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව අද දිනය (03) නිම වන විට කඩුලු හතකට ලකුණු 420ක දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් රැස් කිරීමට චිලව් මේරියන්ස් කණ්ඩායමට අවස්තාව උදාවිය. මෙය මොවුන් දෙදෙනා මෙවර තරග වාරයේ වාර්තා කරන ලද දෙවැනි ශතක ලෙසින් සනිටුහන් විය.

 මග්ගොන සරේ ක්‍රීඩාංගණයේ මෙම තරගයේ දී හලාවත මේරියන්ස් කණ්ඩායමේ අංක පහ පිතිකරු දර්ශක සංදීප් පන්දු 134ක දී හතරේ 17ක් හයේ පහරක් සමග ලකුණු 118ක් ද අංක හය පිතිකරු සකුන ලියනගේ පන්දු 112ක දී හතරේ 12ක් හයේ පහර තුනක් සමග ලකුණු 115ක් ද රැස් කළහ. මොවුන් දෙදෙනා අතර 5 වැනි කඩුල්ලේ සම්බන්ධතාව ලකුණු 189 ක් විය.

 මේරියන්ස් පිතිකරුවන් දෙදෙනාට අමතරව අද ශතකයක් රැස් කළ අනෙක් පිතිකරුවා වු නිගම්බු ක්‍රීඩා සමාජයේ නායක සහ ආරම්භක පිතිකරු කවීන් ප්‍රනාන්දුය. ඔහු රාගම කණ්ඩායම සමග තරගයේ දී නොදැවී ලකුණු 123ක් රැස් කළේ පන්දු 126කට මුහුණ දී හතරේ පහර 16ක් සහ හයේ පහර දෙකක් සමගය. රාගම මෙදින මුල් ඉනිමේ දී ලකුණු 143කට දැවී ගිය අතර නිගම්බු ක්‍රීඩා සමාජය කඩුලු 1කට ලකුණු 160ක් රැස් කර ප්‍රබලම තත්ත්වයක පසු විණි. නිගම්බු ක්‍රීඩා සමාජයේ ශෙහාන් ප්‍රමෝද් ලකුණු 29කට කඩුලු 4ක් බිඳ දැමීය.

 බදුරලිය සහ ඒස් කැපිටල් අතර තරගයේ දී බදුරලිය කඩුලු හයකට ලකුණු 309ක් රැස් කළ අතර හත්වන කඩුල්ලට නායක ශානක්‍ය දේශප්‍රිය නොදැවී 64ක් ද රුසඳු සිල්වා නොදැවී ලකුණු 52ක් ද රැස් කර හත්වන කඩුල්ලට නොදැවී ලකුණු 119ක සබඳතාවයක් තබා ගත්හ.

 පන්දු යැවීමේ දී කැපී පෙනුණු කෝල්ට්ස් – සී.සී.සී. තරගයේ දී කෝල්ට්ස් කණ්ඩායමේ තරණ විමලධර්ම ලකුණු 55කට කඩුලු පහක් සහ එෂාන් විතානගේ ලකුණු 75කට කඩුලු තුනක් දවාලීමෙන් සී.සී.සී. ඉනිම ලකුණු 214කට සීමා විණි.

 බ්ලුම්ෆීල්ඩ් – ටැමිල් යුනියන් තරගයේ දී ටැමිල් යුනියන් කණ්ඩායමේ මෙවන් දිසානායක ලකුණු 58කට කඩුලු පහක් ද විහස් තෙව්මික ලකුණු 93ට කඩුලු 4ක් ද දවාලුහ.

  • බදුරලිය ක්‍රීඩා සමාජය – ඒස් කැපිටල් ක්‍රිකට් සමාජය (තර්ස්ටන් ක්‍රීඩාංගණයේ දී)

 බදුරලිය ක්‍රීඩා සමාජය පළමු ඉනිම කඩුලු 6ට 309යි (පන්දුවාර 82.2යි)

 (ජනෙත් කෞෂාල් 70, ශානක්‍ය දේශප්‍රිය නොදැවී 64, රුසඳු සිල්වා නොදැවී 52, යෙනුල දෙව්තුසා 34, අෂේන් රොද්‍රිගෝ 24, තෙවිඳු දික්වැල්ල 18, රවීන් ද සිල්වා 51/2, ට්‍රෙවීන්මැතිව් 56/2)

  • බී.ආර්.සී. ක්‍රීඩා සමාජය – නුගේගොඩ ක්‍රීඩා සහ සුබසාධක සමාජය (ශාලාව ගුවන් හමුදා ක්‍රීඩාංගණයේ දී)

බී.ආර්.සී. ක්‍රීඩා සමාජය පළමු ඉනිම සියල්ල දැවී 284යි (පන්දුවාර 81.3යි)

  (යසිරු රොද්‍රිගෝ 61, විශ්ව සුපුන් 52, කුසල් විජේතුංග 38, දිමත් අබේසිංහ 36, රිචිත් රුද්‍රිගෝ 24, තනුක පළිහවඩන 21 නිර්මල රත්නායක 121/4, අභිෂේක් ආනන්දකුමාර 34/3, පසිඳු පැතුම් 17/2)

  • යුනයිටඩ් සදර්න් ක්‍රීඩා සමාජය – යුද හමුදා ක්‍රීඩා සමාජය (පනාගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේ දී)

යුනයිටඩ් සදර්න් ක්‍රීඩා සමාජය පළමු ඉනිම කඩුලු 8ට 279යි (පන්දුවාර 58.3යි)

  (පෙසඳු සංජාන් 50, කවීෂ කල්පන 44, තරුෂ් දමිඳු 42, සසංක නිර්මාල් 34, ඩොමිනික් ප්‍රනාන්දු නොදැවී 32, චන්දුප ද සිල්වා 23, හංස මිහිරංග 21, සෙනිර ලිත්මින් 16, විහංග ඉරංජන 77/4, උමේෂ් ද සිල්වා 32/2)

 යුද හමුදා ක්‍රීඩා සමාජය පළමු ඉනිම කඩුලු 4ට 134යි (පන්දුවාර 34යි)

 (අශාන් සුදර්ශන නොදැවී 56, තරිඳු දිලංක 40, අමිල පෙරේරා 26, හිමාල් රවිහංස 43/1, දමේෂ් මතිෂාන් 3/1)

  • හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය – මුවර්ස් ක්‍රීඩා සමාජය (මග්ගොන සරේ ක්‍රීඩාංගණයේ දී)

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය පළමු ඉනිම කඩුලු 7ට 420යි (පන්දුවාර 90යි)

 (දර්ශක සංදීප් 118, සකුන ලියනගේ 115, හිරාන් ජයසුන්දර 56, දිලන දම්සර 36, තෙවින් අමරසිංහ 34, යසිරු ලක්ෂාන් නොදැවී 18, ගරුක සංකෙත් 74/3 ඔෂාන් ද සිල්වා 9/2)

  • සී.සී.සී. ක්‍රීඩා සමාජය – කෝල්ට්ස් ක්‍රිකට් සමාජය (කෝල්ට්ස් ක්‍රීඩාංගණයේ දී)

 සී.සී.සී. ක්‍රීඩා සමාජය පළමු ඉනිම සියල්ල දැවී 214යි (පන්දුවාර 67.5යි)

 (පවන් රත්නායක 52, තිසරු වන්නිනායක 40, පවන් සංදේශ් 28, සෙත්රු ප්‍රනාන්දු නොදැවී 22, අරෝෂ් සිතුමිණ 18, තරණ විමලධර්ම 55/5, ප්‍රවීන් මනීෂ 75/3)

 කෝල්ට්ස් ක්‍රීඩා සමාජය පළමු ඉනිම කඩුලු 3ට 38යි (පන්දුවාර 20යි)

 (රුසඳු ගමගේ නොදැවී 23, ඉනුක කරන්නාගොඩ 14/1, හිරුෂ දෙව්මික 6/1, පවන් රත්නායක 17/1)

  • බ්ලුම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය – ටැමිල් යුනියන් ක්‍රීඩා සමාජය (බ්ලුම්ෆීල්ඩ් ක්‍රීඩාංගණයේ දී)

 බ්ලුම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය පළමු ඉනිම සියල්ල දැවී 217යි (පන්දුවාර 56.4යි)

 (අසිත වන්නිනායක 57, හසිත අමරසිංහ 33, මිනෙත් ප්‍රේමරත්න 32, පැතුම් රත්නායක 28, තරිඳු හර්ෂණ 15, දුලාජ් සමුදිත 15, කවීෂ පියුමල් 13, මෙවන් දිසානායක 58/5, විහස් තෙව්මික 93/4)

 ටැමිල් යුනියන් ක්‍රීඩා සමාජය පළමු ඉනිම කඩුලු 7ට 137යි (පන්දුවාර 56.4)

 (ඉසිවර දිසානායක 33, ශානුක ගලගොඩ 26, විහස් තෙව්මික 24, සිනෙත් ජයවර්ධන 23, තරිඳු ගුරුගේ 70/5)

  • ගෝල් ක්‍රිකට් සමාජය – කැන්ඩි කස්ටම් ක්‍රීඩා සමාජය (දොඹගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේ දී)

 ගෝල් ක්‍රිකට් සමාජය පළමු ඉනිම සියල්ල දැවී 200යි (පන්දුවාර 77.1යි)

 (සංදෙව් ඉඳුවර 57, යුරී කොට්ටිගොඩ 48, නිකිල් ජයවීර 20, අරෝෂ උයදයංග 15, චමත් දිල්සර 14, හංසමන ද සිල්වා 14, කවීෂ ඉඳුවර 53/4, නඳුන් අසේල සිල්වා 34/3, ජනිඳු චාමික 46/2)

 කැන්ඩි කස්ටම් පළමු ඉනිම කඩුලු 2ට 30 (පන්දුවාර 9.1යි)

 (චෙහාන් සුබසිංහ 22, නඳුන් අසේල 6, කවීන් රුක්ෂාන් 2/1)

  • රාගම ක්‍රිකට් සමාජය – නිගම්බු ක්‍රිකට් සමාජය (කටුනායක ගුවන් හමුදා ක්‍රීඩාංගණයේ දී)

 රාගම ක්‍රිකට් සමාජය පළමු ඉනිම සියල්ල දැවී 143යි (පන්දුවාර 48.3යි)

 (රන්දුල් සමරහේවා 31, තිනුල ලියනගේ 28, මලීෂ සිල්වා 24, අසීම් මොහොමඩ් නොදැවී 21, ජනුත් අඹන්පොළ 16, ශෙහාන් ප්‍රමෝද් 29/4, අමිත පෙරේරා 52/3, හංසජ හිරුණ 32/2)

නිගම්බු ක්‍රිකට් සමාජය පළමු ඉනිම කඩුලු 1යි 160යි (පන්දුවාර 39යි)

 (කවීන් ප්‍රනාන්දු නොදැවී 123, හසිඳු කවිරත්න 17, වගීෂ පෙරේරා නොදැවී 14, අසීන් මොහොමඩ් 43/1)

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar