slc
logo
Home   |    News
සැප්තැම්බර් 27, 2025
සිව්වැනි තරගයේ ජයත් ශ්‍රී ලංකා බාලිකාවන්ට

sinhala editor

තරග 5 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 තරගාවලියට සහභාගිව සිටින ඔස්ට්‍රේලියානු අවුරුදු 19 න් පහළ බාළිකා කණ්ඩායමට එරෙහිව රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැති සිව්වැනි තරගයත් ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 09 ක තියුණු ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා අවුරුදු 19 පහළ ක්‍රීඩිකාවෝ තරගාවලිය 4-0 ක් ලෙස තවදුරටත් පෙරමුණ ගැනීමට අද (26 දා) සමත්විය.

අයහපත් කාලගුණය හේතුවෙන් මෙම තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ කන්ඩායමේ ඉනිම  පන්දුවාර 09 කදී නමතා දැමුණු අතර එම ඉලක්කය හඹා යෑමේදී පන්දුවාර 6.3 ක් අවසානයේදී යළිත් වර්ෂාව හරස්වීම නිසා තරගය නතර කරන විට ඔස්ට්‍රේලියානු පිල කඩුලු 4 ක් දැවී ලකුණු 55 ක් ලබා සිටියේය. එහෙත් ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ඒ වන විටත් තරගය ජය ගැනීමට ලකුණු 65 ක් ලබාගත යුතු වූ නමුත් ඔවුන් ලබා සිටියේ ලකුණු 55 ක් බැවින් සත්කාරක කණ්ඩායමට ලකුණු 09 ක ජයක් හිමිවිය.

සංචාරක පිලේ දැවී ගිය කඩුලු 4 න් කඩුලු 3 ක්ම චමෝදි ප්‍ර බෝධා, රිස්මි සංජනා සහ අසේන් තලගුණේ අතර බෙදී ගිය අතර අනෙක් කඩුල්ල දුවද්දී දැවී යෑමක් ලෙසින් සනිටුහන් විය. ඔස්ට්‍රේලියානු පිල වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූයේ ශිලෝ ජුලියන් වන අතර ඇය පන්දු 11 කදී හයේ පහරක් සහ හතරේ පහරක් සමඟින් ලකුණු 16 ක් රැස් කළාය.

අඩු පන්දුවාර සංඛ්‍යාවකට තරගය සීමා වීම නිසා මෙම තරගයේදී කිසිදු ක්‍රීඩිකාවකට කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට නොහැකි විය. කාසියේ වාසියත් සමග පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා බාලිකාවෝ පන්දුවාර 9 කදී කඩුලු 6 කට ලකුණු 83 ක් ලබාගත්හ.

මේ වෙනුවෙන් ආරම්භක පිතිකාරිණි සංජනා කාවින්දි හතරේ පහර 5 ක් ද සගින් පන්දු 16 කදී ලකුණු 25 ක්ද නායිකා මනුදි නානායක්කාර හයේ පහරක් සහ හතරේ පහරක් සමගින් පන්දු 8 කදී ලකුණු 17 ක් ද රැස් කළහ.

මෙම තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව වශයෙන් සංජනා කාවින්දි සම්මාන දිනාගත්තාය.

ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ බාළිකා කණ්ඩායම පන්දුවාර 9 කදී කඩුලු 6 ට ලකුණු 83 යි – (සංජනා කාවින්දි 25, විමෝක්ෂා බාලසූරිය 11, මනුදි නානායක්කාර 17, සාරා කෙනඩි 11/1, ලිලී හැමිල්ටන් 19/1, ලුසී ෆින් 16/2, අයිජේ විලයිලිය 12/1)

ඉන්දිරා පනෙලි 21*, ශිලෝ ජුලීයන් 16, චමෝදි ප්‍ර දො 01/1, රිස්මි සංජනා 10/1, අසේනි තලගුණේ 14/1)

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar