slc
logo
Home   |    News
සැප්තැම්බර් 8, 2025
සිව්වැනි තරගයේ ජය කොදෙව් යොවුන් පිලට

sinhala editor

බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් යොවුන් කණ්ඩායම අතර පැවැති සිව්වැනි නිල නොවන එක්දින ක්‍රිකට් තරගයෙන් ඩක්වර්ත් සහ ලුවිස් න්‍යාය අනුව කඩුලු 2 ක ජයක් වාර්තා කිරීමට බටහිර ඉන්දීය කොදෙව් යොවුන් කණ්ඩායම සමත්විය. මේ අනුව තරග 7 කින් සමන්විත දෙරට අතර තරගාවලිය දෙපිළම 2-2 ක් ලෙස සමව පසු වෙති.

කූලිජ් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම පන්දුවාර 39.3 කදී සියලු දෙනා ලකුණු 182 කට දැවී ගිය අතර එම ඉලක්කය හඹා යෑමේදී තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා ඔවුන්ට පන්දුවාර 35 කදී ලකුණු 166 ක ඉලක්කයක් හිමිවිය. කෙසේ අවසන් පන්දු 6 දී කොදෙව් කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 10 ක් ලබා ගත යුතු වූ අතර එම පන්දු වාරය යැවූ සෙත්මික සෙනෙවිරත්නට එරෙහිව පළමු පන්දුවට හයේ පහරක් සහ සිව්වැනි පන්දුවට හතරේ  පහරක් එල්ල කළ ශකුඒන් බෙලේ කොදෙව් කණ්ඩායම කඩුලු 2 ක ජයග්‍රහණයක් කරා රැගෙන ගියේය.

ඉලක්කය කුඩා වුවද සටන අත් නොහළ ශ්‍රී ලංකා යොවුන් පන්දු යවන්වෝ මුලු ලකුණු සංඛ්‍යාව 22 ක්ව තිබියදී ඉදිරිපෙළ පිතිකරුවන් සිව් දෙනාම තරග නරඹන්නන් බවට පත් කිරීමට සමත්වූහ. ඒ අතර අංක 3 පිතිකරු එර්ෂිනෝ ෆොන්ටේන්ව කඩුලු අතර දිව යෑමේදී රමිරු පෙරේරා විසින් හසුකරගන්නා ලද දුවද්දී දැවී යෑමද ඇතුළත් විය. කෙසේ වෙතත් පස්වැනි කඩුල්ලට එක් වුණු නායක ජොෂුවා ඩෝන් පන්දු 73 කදී ලකුණු 50 ක්ද බ්‍රෙන්ඩන් බූඩූ පන්දු 52 කදී ලකුණු 34 ක් වශයෙන් එම කඩුල්ලට 76 ක් රැස් කරමින් ජයග්‍රහණය සඳහා ප්‍රවේශය එක් කළහ.

කෙසේ වෙතත් ඔවුන් දෙදෙනා ලකුණු 02 ක් ඇතුළත දවා ගැනීමට චාමික හීනටිගල සහ රමිරු පෙරේරා සමත් වීමත් සමග නැවතත් තරගය දෙපිළටම විවෘත විය. කෙසේ වෙතත් 7 වැනි කඩුල්ලට එක් වුණු ජොනතන් වෑන් ලංග් (23) සහ ශකුආන් බෙලේ (41*) කොදෙව් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගිය අතර බෙලේ ජය සනාථ වන තෙක්ම කඩුල්ල ආරක්ෂා කර ගත්තේය. පන්දු 31 කට මුහුණ දුන් බෙලේ රැස් කරන ලද ලකුණු 41 ට හතරේ පහර 2 ක් සහ හයේ පහර 3 ක් එල්ල කළේය.

මේ අතර පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරුවන් වූ විරාන් චමුදිත(24) සහ දිමන්ත මහවිතාණ (34) එකතුව පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 48 ක සාර්ථක ආරම්භයක් එක් කළද මැද පෙළ සහ පසුපෙළ  පිතිකරුවන්ට ලකුණු අතරට පැමිණීමට නොහැකි වීම නිසා ශ්‍රී ලංකා යොවුන් ඉනිම ලකුණු 182 කට සීමා විය.

ආරම්භක පිතිකරුවන් හැරුණු කොට ගෙන ශ්‍රී ලංකා යොවුන් පිල වෙනුවෙන් ලකුණු 20 සීමාව ඉක්මවා යෑමට සමත්වූයේ නායක විමත් දින්සර (22) සහ චාමික හීනටිගල (21) පමණි. පිත්තට අමතරව පන්දු යැවීමෙන් කැපී පෙනුණු ශකුඑන් බෙලේ ලකුණු 35 කට කඩුලු 4 ක් දවාලූවේය.

ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ කණ්ඩායම පන්දුවාර 39.3 කදී සියලු දෙනා දැවී ලකුණු 182 යි – (දිමන්ත මහවිතාණ 34, විරාන් චමුදිත 24, සෙනුජ වෙකුණගොඩ 17, කවීජ ගමගේ 15, විමත් දින්සර 22, චාමික හීනටිගල 21, ආදම් හිල්මි 16, ශාකුඑන් බෙලේ 35/4, සැකර් කාටර් 34/2, බ්‍රෙන්ඩන් බුඩූ 01/2)

බටහිර ඉන්දීය කොදෙව් අවුරුදු 19 න් පහළ කණ්ඩායම පන්දුවාර 34.4 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 167 යි – (ජොෂුවා ඩ්‍රෝර්න් 50, බ්‍රෙන්ඩන් බූඩූ 34, ජොනතන් වෑන් ලංග් 23, ශකුඑන් බෙලේ 41*, සෙත්මික සෙනෙවිරත්න 22/2, කුගදාස් මාතුලන් 45/2, විරාන් චමුදිත 47/1, චාමික හීනටිගල 21/1, රමිරු පෙරේරා 13/1)

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee