slc
logo
Home   |    News
ඔක්තෝබර් 11, 2025
අචිනි වෙනුවට දෙව්මි – ශ්‍රී ලංකාව පන්දු යවයි

sinhala editor

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් 2025 තරගාවලිය යටතේ අද (11 දා) පැවැත්වෙන 12 වැනි තරගය හෙවත් එංගලන්තයට එරෙහිව පැවැත්වෙන තරගයේදී කාසියේ වාසිය තමන් සතු කරගත් ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු පළමුව පන්දුවට පහර දීම සඳහා ප්‍රතිවාදී කණ්ඩායමට ආරාධනා කර සිටියේය.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයට ශ්‍රී ලංකා පිල සහභගිවනු ලබන්නේ මීට දින 11 කට පෙර හෙවත් සමාරම්භක තරගය වූ ඉන්දියාවට එරෙහිව පැවැති තරගයට සහභාගිවීමෙන් අනතුරුවය. එංගලන්තය මීට පෙර තරග 2 කට ක්‍රීඩා කළ අතර එම තරග 2 ම ජය ගනිමින් අද තරගයට අවතීර්ණව සිටියි.

කාසියේ වාසිය තමන් සතු කර ගැනීමෙන් පසු අදහස් දක්වා සිටි ශ්‍රී ලංකා නායිකාව සඳහන් කර සිටියේ පන්දු යැවීමේ අංශය කෙරෙහි ඇති විශ්වාස මත පදනම්ව පළමුව  පන්දු යැවීමට තීරණය කළ බවයි. එහිදී වැඩිදුරටත් අදහස් දක්වා සිටි චමරි, තම පිතිකරණ අංශයද වැඩි වගකීමක් ගෙන පන්දුවට පහර දෙනු ලබන ආකාරය දැක ගැනීමටද ඇයට මෙම තරගයේදී අවශ්‍ය බව සඳහන් කර සිටියාය.

මේ අතර එංගලන්ත නායිකා නැට් ස්කීවර් බ්‍රන්ට් ද සඳහන් කර සිටියේ තමන් පන්දුවට පහර දීමේ අදහසින් පසුවු බවයි. මෙම තරගයේදී එංගලන්ත පිල කිසිදු වෙනසක් නොකළ අවතීර්ණ වද්දී ශ්‍රී ලංකා පිල එක් වෙනස්කමක් සහිතව අද තරගයට අවතීර්ණව සිටියි. මෙහිදී පළමු තරගයට ක්‍රීඩා කළ වේග පන්දු යවන අචිනි කුලසූරිය වෙනුවට දඟ පන්දු යවන්නියක වන දෙව්මි විහංගාව අද තරගය සඳහා කැඳවා තිබෙන්නේ ශ්‍රී ලංකා දඟ පන්දු බල ඇණිය සිව් දෙනෙකු බවට පරිවර්තනය කරමිනි. ඒ අනුව අද තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරනු ලබන එකම වේග පන්දු යවන්නිය වන්නේ උදේශිකා ප්‍ර බෝධනී පමණි.

අද තරගය ආරම්භයට පෙරද ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය අවට අහස් කුස කළු කරමින් පැවැති බැවින් තරගය මිනිත්තු 15 ක ප්‍රමාදයකින් ආරම්භ කෙරිණ. කෙසේ වෙතත් පස්වරුවේදී තරගයට වැසි අද වැටීමේ අවධානමක් පවතින බව කාලගුණ වර්තාවට අනුව අපේක්ෂිතය.

ශ්‍රී ලංකාව: චමරි අතපත්තු (නායිකා), 2 හසිනි පෙරේරා, 3 හර්ෂිතා සමරවික්‍රම, 4 විශ්මි ගුණරත්න, 5 කවිෂා දිල්හාරි, 6 නිලක්ෂිකා ද සිල්වා, 7 අනුෂ්කා සංජීවනි (නායිකා), 8 දෙව්මි විහංග, 9 සුගන්දිකා කුමාරි, 10 ඉනෝකා රණවීර, 11 උදේෂිකා ප්‍ර බෝධනී

එංගලන්තය: 1 ටැමි බියුමොන්ට්, 2 ඒමි ජෝන්ස් (නායිකා), 3 හෙදර් නයිට්, 4 නැට් ස්කිවර්-බ්‍රන්ට් (නායිකා), 5 සොෆියා ඩන්ක්ලි, 6 එමා ලැම්බ්, 7 ඇලිස් කැප්සි, 8 චාලි ඩීන්, 9 සොෆී එක්ලෙස්ටෝන්, 10 ලින්සි ස්මිත්, 11 ලෝරන් බෙල්

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee