slc
logo
Home   |    News
ඔක්තෝබර් 4, 2025
ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු සටහනේ පස්වැනි තැනට

sinhala editor

අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් පවත්වනු ලබන කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවීමට නියමිතව තිබූ දෙවැනි තරගය හෙවත් ඔස්ට්‍රේලියානු පිලට එරෙහි තරගය සම්පුර්ණයෙන්ම වර්ෂාව හේතුවෙන් එකම පන්දුවක් හෝ නොයවා අත හැර දැමීමට සිදුවිය. එබැවින් දෙපිළටම එක් ප්‍රසාද ලකුණ බැගින් හිමිවිය.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතව තිබූ මෙම තරගය අද පස්වරු 3.00 ට ආරම්භ වීමට නියමිතව තිබුණත් දිගින් දිගටම පැවැති වර්ෂාව හේතුවෙන් ප.ව. 5.00 වන තෙක්ම ක්‍රීඩාංගණය වසා තැබීමට ක්‍රීඩාංගණ කාර්යය මණ්ඩලයට සිදුවිය. ඒ අතරතුර එක් වතාවක් ආවරණ ඉවත් කිරීමට පියවර ගැනුණනද යළිත් ක්‍රීඩාංගණයට වර්ෂාව හරස්වීම නිසා එම ආවරණය යළිත් එළිමට පියවර ගැනිණ.

කෙසේ වෙතත් තරගය පැවැත්වීමට ඇති හැකියාව පිළිබඳව තක්සේරු කළ තරග තීරකවරිය වන ජී.ඒ. ලක්ෂ්මි සහ විනිසුරුවරුවෝ ප.ව. 5.35 වන විට තරගය අතහැර දැමීමට තීරණය කළහ.

මෙම තරගයට පෙර කණ්ඩායම් දෙකම එක් තරගයකට බැගින් ක්‍රීඩා කර තිබෙන අතර එහිදී ඔස්ට්‍රේලියාව නවසීලන්තයට එරෙහිව ලකුණු 89 ක ජයක් වාර්තා කර ගත් අතර ශ්‍රී ලංකාව ඉන්දියාව හමුවේ ලකුණු 59 ක පරාජයක් ලැබීය.

අද ලැබුණු ප්‍රසාද ලකුණත් නවසීලන්තයට එරෙහි තරගය ජය ගැනීම නිසා ලද ප්‍රසාද ලකුණු 02 ත් සමග් සමස්ථ ප්‍රසාද ලකුණු 03 ක් ලබා සිටින ඔස්ට්‍රේලියානු කණ්ඩායම මේ වන විටත් ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියට පැමිණ සිටියි. එක් ප්‍රසාද ලකුණක් ලබා සිටින ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම එම සටහනේ පස්වැනි ස්ථානයට පිවිස සිටින නමුත් ඔවුන්ගේ ශුද්ධ ලකුණු ලබා ගැනීමේ වේගය සෘණ 1.255 ක් ලෙස සටහන් වේ.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ මීළග තරගය ලබන ඔක්තෝම්බර් මස 11 වැනිදා එංගලන්තයට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී සහභාගිවනු ඇත.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee