ශ්රී ලංකාවේ පවතින අයහපත් කාලගුනික තත්ත්වය හේතුවෙන් ජීවිත අහිමිවූවන් සිහිපත් කිරීම සදහා අද (29 දා) පැවැත්වීමට නියමිත අවසන් මහ තරගයට පෙර ශ්රී ලංකා සහ පාකිස්තානු ජාතික ක්රිකට් කණ්ඩායම් මිනිත්තුවක නිශ්ශබ්දතාවක් පවත්වනු ඇත.
සත්කාරක පාකිස්තානු කණ්ඩායමට අමතරව ශ්රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම් මෙම තුන්කොන් තරගාවලිය නියෝජනය කළ අතර අවසන් මහ තරගය සඳහා ශ්රී ලංකාව සහ පාකිස්තානය සුදුසුකම් ලබා ගත්හ.





