slc
logo
Home   |    News
නොවැම්බර් 29, 2025
තුන්කොන් ශූරතාව පාකිස්තානයට

sinhala editor

පාකිස්තානු දඟ පන්දු යවන්නන් හමුවේ දැක්වූ දුර්වල පිතිහරඹය හේතුවෙන් රාවල්පිණ්ඩි නුවර අද (29 වැනිදා) පැවැති අවසන් මහ තරගයෙන් පාකිස්තානය හමුවේ කඩුලු 6 ක පරාජයකට මුහුණ දීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය. මේ සමඟම තුන්කොන් තරගාවලියේ ශූරතාවය තමන් සන්තකයේ තබා ගැනීමට සත්කාරක පාකිස්තානුවෝ සමත්වූහ.

ආරම්භක පිතිකරු කමිල් මිශාර සහ කුසල් මෙන්ඩිස් එක්ව සිය වගකීම අකුරටම ඉටු කිරීම නිසා 11 වැනි පන්දුවාරය වන විටම ලකුණු 84 ක් ලබා ප්‍රභල තත්ත්වයක පසුවීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබිණ. ෂහීන් ෂා අෆ්රිඩිට එරෙහිව දැවැන්ත හයේ පහරක් එල්ල කරමින් හොද ප්‍රෙව්ශයක් ලබා ගැනීමට පැතුම් නිස්සංක සමත් වුවද වේගය අඩාල කරමින් ඊලඟට එවූ පන්දුවට ඔහු පරාද වූවේය. අනතුරුව මිශාරට එක් වූ කුසල් මෙන්ඩිස්, ශ්‍රී ලංකා ඉනිම ගොඩ ගත්තේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය පන්දුවාරයකට ලකුණු 8 ක ඉහළ අගයක් රඳවා ගනිමිනි.

මෙම සම්බන්ධතාව නිසා ශ්‍රී ලංංකාවට පහසුවෙන්ම ලකුණු 160 සීමාව ඉක්මවා යෑමට අවස්ථාව තිබෙන බව පෙණින. කාසියේ වාසියේදී පවා නායකයින් දෙපළම සඳහන් කර සිටියේ ලකුණු 160 ක් යනු මෙම තණතීරුවේ ජයග්‍රාහී ලකුණු සංඛ්‍යාවක් වන බවයි.

මුහුණ දුන් 37 වැනි පන්දුවේදී සිය අර්ධ ශතකය සම්පූර්ණ කරගත් කමිල් මිශාර දුර්වල පන්දු දුටු විට ඒවාට කිසිදු අවස්ථාවක් ලබා නොදුන්නේය. ඒ අවසරයෙන් ඔහු අද රැස් කරගත්තේ පිට පිටම දෙවැනි අර්ධ ශතකය විය. බාබර් අසාම්ගේ අති විිශිෂ්ඨ උඩ පන්දු රැකීම නිසා මෙන්ඩිස් දැවී නොයන්නට ශ්‍රී ලංකාවට මෙවන් ඛෙද ජනක තත්ත්වයකට මුහුණ නොදන්නට ඉඩ තිබිණ.

ශ්‍රී ලංකා ඉනිමේ තෙවැනි පිතිකරුවා ලෙසින් කමිල් මිශාර පිටියෙන් ඉවත් වන විට ඔහු පන්දු 47 කට මුහුණ දී ලකුණු 59 ක් ලබා ගෙන සිටියේය. ඒ ඊට ඇතුළත් කරන ලද දැවැන්ත හයේ පහර 4 සහ හතරේ පහර 2 ක්ද සමගිනි.

එතැන් පටන් පන්දුවට පහර දීමට පැමිණි කිසිවකුට ස්ථාවරත්වයක් ගොඩ නගා ගැනීමට පාකිස්තානු පන්දු යවන්නෝ ඉඩ ලබා නොදුන්හ. පෙරහැරක් යන්නාක් මෙන් එකා පිටු පස එකා යනවා හැරෙන්නට නැංගුරාළමින් පන්දුවට පහර දීමට එකම ශ්‍රී ලාංකික පිතිකරුවකු හෝ අපොහොසත් විය. එය සංඛ්‍යාත්මක ලෙසින් අර්ථ ගැන්වුවහොත් අවසන් පිතිකරුවන් 9 දෙනාම කුනු 30 ක් ඇතුළතදී ක්‍රීඩා ගාරය බලා පිටත්ව ගියහ. අවසානයේ ශ්‍රී ලංකාවට නියමිත පන්දුවාර 20 හෝ අවසන් වන තෙක් පන්දුවට පහර දීමට නොහැකි විය. ඔවුන් පන්දුවාර 19.2 කදී ලකුණු 114 කට සීමා වූවේය.

එම ඉලක්කය හඹා ගිය පාකිස්තානුවෝ කිසිදු අපහසුවකින් තොරව ඉලක්කය සපුරා ගත්තේ පන්දු 8 ක් සහ කඩුලු 6 ක් ලකණු පුවරුවේ ඉතිරිව තබා ගනිමිනි. පාකිස්තානු පිල වෙනුවෙන් සාර්ථක ආරම්භයක් එක් කළ ෆර්හාන් සහ සයිම් ආයුබ් පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 46 ක් එක් කළහ. එෂාන් මාලිංග විසින් ෆර්හාන් දවාගැනීමත් සමග එම සම්බන්ධතාව බිඳ වැටිණ. කෙසේ වෙතත් අංක 3 පිතිකරු ලෙස පිටියට පිවිසි බාබර් අසාම් පන්දු 34 කදී ලකුණු 36 ක් ලබා ජයග්‍රහණය තහවුරු වන තෙක්ම පාකිස්තානු පිල මෙහෙයවූවේය.

පන්දු යවන්නන් අතරින් පවන් රත්නායක ද අද දිනයේ පන්දු යැවු අතර ඔහු කඩුලු 2 ක් දවා ගත්තේය. ඔහුට අමතව වනිදු හසරංග එක් කඩුල්ලක් දවා ගත්තේය.

දැවී ගිය එම කඩුලු 9 න් 3 ක්ම දවා ගැනීම සදහා උඩ පන්දු රැක ගැනීමෙන් දායකත්වය දැක්වීමට බාබර් අසාම් සමත්වූවේය. ඒ සමඟම විස්සයි-20 තරග පිටියේ පාකිස්තානය වෙනුවෙන් වැඩිම උඩපන්දු සංඛ්‍යාවක් රැක ගත් ක්‍රීඩකයා වාර්තාවද බාබර් අද දිනයේ තම නම ඉදිරියෙන් ලියාගත්තේය.

අවසන් මහ තරගයේ වීරයා සහ තරගාවලියේ වීරයා ලෙසින් පාකිස්තානු පිලේ දඟ පන්දු යවන මොහොමඩ් නවාස් සම්මාන දිනාගත්තේය.

රාවල්පිණ්ඩි නුවරදී පහසුවන් දැක ගත නොහැකි අන්දමේ බෙහෙවින් දුඹුරු පැහැති වූ තණතීරුවේ සාර්ථක ඵල නෙලා ගත් ෂහීන් ෂා අෆ්රිඩි කඩුලු 3 ක් බිඳ හෙළුවේය. ඔහුගෙන් පසු සාර්ථක වූයේ දඟ පන්දු යවන්නන් වන අතර ඔවුන් අතරින්  මොහොමඩ් නවාස් කඩුලු 3 ක්ද අබ්රාර් අහමඩ් කඩුලු 2 ක්ද සහ සහ සයිම් ආයුබ් කඩුල්ලක් දවාගත්හ.

ශ්‍රී ලංකාව පන්දුවාර 19.1 කදී සියලු දෙනා දැවී ලකුණු 114 යි – (කමිල් මිශාර 59, පැතුම් නිස්සංක 11, කුසල් මෙන්ඩිස් 14, පවන් රත්නායක 08, කුසල් පෙරේරා 01, දසුන් හානක 02, ජනිත් ලියනගේ 00, වනිඳු හසරංග 05, දුෂ්මන්ත චමීර 00, මහීෂ් තීක්ෂණ 01, එෂාන් මාලිංග 00, ශහීන් ෂා අෆ්රිඩි 18/3, අබ්රාර් අහමඩ් 18/2, මොහොමඩ් නවාස් 17/3, අබ්රාර් අහමඩ් 18/2, සල්මාන් මිර්සා 25/1, සයිම් ආයුබ් 17/1)

Active filters

Recent Posts

  • ඉන්දීය යොවුන් පිතිකරුවන්ගෙන් සාර්ථක ආරම්භයක්
    ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (20) ආරම්භ වූ දෙවැනි යොවුන් ටෙස්ට් ක්‍රිකට් […]
  • ඉන්දීය ටෙස්ට් පිල අගෝස්තුවේ ශ්‍රී ලංකාවට
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිය විසින් පවත්වනු ලබන අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතා 2025-2027 තරගාවලියට අයත් තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් සඳහා ඉන්දීය ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායම 2026 අගෝස්තු මාසයේදී ශ්‍රී […]
  • ජනිත් ලියනගේ කලම්බු කැප්ස්ට ජය ගෙන එයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ පස්වැනි තරගයේදී ජනිත් ලියනගේ හා ජේම්ස් නීෂම් ගොඩනැගූ නොබිඳුණු පස්වැනි කඩුල්ලේ සබඳතාවයේ ශක්තිය හේතුවෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායම කඩුලු 6කින් පරාජය කිරීමට කලම්බු […]
  • ‘රෝස පැහැ‘ ගැන්වුණු තරගයේ ජය ජැෆ්නා කිංග්ස්ට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කළ ‘රෝස තරගය’ […]
  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee